D & S………48

දීගායූ ජීප් එකට නඟින්නත් ගිහින් ආයෙම ආවෙ දෙයක් මතක් වෙලා..

ඇයි පුතා

ම්ම් ඔයාලාගෙ අකමැත්තක් නැත්තම් මට

ඔව් ඔයාට

ශයිනිගෙ රූම් එකට පොඩ්ඩක් යන්න පුලුවන්ද මගේ ලැප් එකයි පෝන් එකයි එයා ලඟ

අහ් ඕක අහන්න දෙයක්ද

චූටි පුතා අයියට දෝනිගෙ රූම් එක පෙන්නන්න ටිකක්..එක්ට්‍රා යතුර ඇති එතන තියෙන ටෙඩි බෙයාගෙ පොකට් එකේ

ඕකෙ අම්මි

දීගායුට ඒ රූම් එක දැක්කම ලෝබ හිතුනා..

හැම තිස්සෙම වතෙන් එන මුදු ඕඩික්ලෝන් සුවඳ මුලු කාමරේ පුරාම..

වෙන කෙල්ලො ලඟ තියෙන අරවා මේවා ක්‍රීම් ජාතී පේන්න නොතිබ්බත් කෙල්ලගෙ රූම් එකෙ තියෙන සමහර දේවල් දැකලා කොල්ලට හිනා ගියා..

කෙල්ලගෙ රූම් එකෙ එක බිත්තියක් තනිකරම තිබ්බෙ කුරුටු බලි වලින්..මෙ මෝඩිට පොඩි කාලේ තිබිලා තියෙන්නෙත් තුවක්කු පිස්සුව…

ඊලග බිත්තිය පුරාවට කෙල්ල එක එක කාලෙ ගත්තු පොටො..හත වසර අට වසර කාලෙදිත් කෙල්ලට කොන්ඩෙ නෑ..තොල් පෙති දෙකයි ඇස් දෙකයි නෙවෙ නම් අනිත් හතර දෙනාගෙන් මෙයා වෙන් කරලා ගන්න අමාරුයි..

කොල්ලා එකින් එක පොටො රස විඳ විඳ ඉද්දි පිටිපස්සෙන් වැදුන නුහුරු පාරක් හින්දා කොල්ලා හැරුනා..

දීගායුගෙ සුවඳ දැනිලද කොයිද..බෲනෝ දුවන් ඇවිත්..බෲනො ඉතින් වැඩ ටික දාලා ඉවර වෙනකම් කොල්ලා බලන් උන්නා..

බෲනොගෙ කෙලවලින් නාලා බෲනොගෙ එක අතක් අල්ලන් දීගායු බෲනොට කතා කරන්න ගත්තා..

යාලුවා..මගෙ කෙල්ලව බලාගත්තට තෑන්ක්ස්..ඔයා නියමෙට වැඩෙ කලා..

🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
බෲනාත් ඉතින් තේරුනා වගෙ එයාගෙ කොස්සක් වගෙ තියෙනනැට්ට අන්ශක එකසිය අසූවක් වෙන්න එහෙට මෙහෙට වැනුවා…

හරි හරි ඇති..ම්ම්..කෙල්ල ඔයාව හොඳට බලා ගත්තා නේද ම්ම්..මගෙ පිස්සි ඔයාට කරදර කරෙ නෑනී

එන්නකො ලැප් එකයි පෝන් එකයි හොයා ගමූ..

කෙල්ලගෙ අඩුම කුඩුම දාලා තියෙන ටෙබල් එකක් උඩ ලැප් එක තිබ්බා..ඒත් පෝන් එක නම් පේන්න නෑ..තාමත් ලැප් එක ඔන් එකෙ..ප්ලග් එකට ගහපු ගමන්..

කොල්ලා නිකමට ඒකෙ ලොක් එක ඇරලා බැලුවා..

අහ් මෙ මැට්ටියා නම්..මේක ඕපන් කරලා සේරම බලලා..ඒ මදිවට හැම එකටම එක එක ඒවා ටයිප් කරලා ඇඩ් කරලා..

ඒ කියන්නි..එයා එයා ම්ම්..එයා දන්නවා මං ආදරෙයි කියලා..ඒකයි එහෙමනම් එදා රෑ ආවෙ..

මගෙ පිස්සි..

කොල්ලාකෙල්ල කරලා තිබ්බ විකාර ටිකත් උඩින් පල්ලෙන් බලලා ලැප් එක ඕෆ් කරලා අතට ගත්තා..නිකමට කෙල්ලගෙ කොට්ටෙ යටට අත දාලා බැලුවෙ පෝන් එක තියෙයි කියන සැකේට..

හිතුවා වගේම තියෙනවා..ඒත් එක්ක කෙල්ලගෙ අතෙ ගොඩාක් වෙලාවට තියෙන කලු ඩොට් වැටිච්ච පුන්චි පර්ස් එකත්..කොල්ල ඒකත් ඇරලා බැලුවා..

ඒකෙ ඇතුලෙ තියෙන පොටො එක දැකලා කොල්ලට පුදුම හිතුනා..

ඒ තිබ්බෙ ශයිනිගෙ බෑග් එකෙ මගඇරුනු පොටො එක…කෙල්ල ඒකට එයාගෙ පොටො එකකුත් පේස්ට් කරලා…ඇත්තටම දෙන්නා එකට ඉද්දි කොච්චර මැචින්ද…

කොල්ලගෙ කල්ප්නාව මිදුනෙ පෝන් එක රින් උනු නිසා…

සේව් කරලා නැති නම්බ එකක්..

හෙලෝව්

මට තමුසෙ එක්ක හෙලොව් හෙලිව් කියන්න වෙලා නෑ..අහ ගන්නවා කියන දේ
පලවෙනි වචනින්ම කොල්ලට තේරුනා මිහිරාන් කියලා..ඒ නිසාමයු රූම් එකෙ දොරත් වහන් නැතිව ඉක්මනට පහලට දිව්වෙ ..

ඩීඑන්එස්ටත් අතින් ලඟට එන්න කියලා කොල්ලා ස්පීකර් ඔන් කලා

කියන්න

හුම්ම් ස්පීකර් ඔන් කලාද ඒක හොදයිමන් දන්නව තමුසෙ ඉන්නෙ අරූගෙ ගෙදර කියලා..එහෙනම්.හොඳට අහගන්නවා..

හ්ම්ම්

කෙල්ල ඕනි නම් මන් කියන දේවල් වෙන්න ඕනී..

මොනාද

ඔය කෙල්ලගෙ තාත්තන්ඩිට කියනවා මට කෝටි දහයක් ඕනි කියලා..තැන්..දෙන්න ඕන වෙලාව ඊලඟ කෝල් එකින්..තව

තව

මේක තමුන්ට මගෙ හොඳම ගෝලයව රිලිස් කරනවා..අරූට කියනවා දැන්ම මගෙ එකවුන්ට් එකට බාගයක් දාන්න කියලා..ඉල්ලුව ගාන මදි කියලා දන්නවා කෙල්ලව මගෙ ක්ල්බ් එකකට දැම්මොත් මට ඊට වඩා හෙව්වෑකි..මොනා හරි අවුලක් උනොත් කෙල්ලව මරන්නෙ නම් නෑ..හිතා ගත්තෑකිනි..ඔය වගෙ චූටි කෙල්ලෙක්ට තියෙන ඉල්ලුම..මුලින්ම මං ඊට පස්සෙ..අහ්

යකූ බල්ලො..ශයිනිට මොනා හරි උනොත් මං උඹව ඉරනවා

හා හා හා මෙ උඹෙ හයිරං පාට්පොලිසියට එන දෙකයි පනහෙ කුඩ්ඩන්ට තියා ගනින්..උඹ දැනගනින් උඹ කතා කරන්නි චයිනිස් මීරා එක්ක කියලා

උඹත් දැනගනින් උඹ කතා කරන්නෑ කාටද කියලා

හෙහ් මන් බය…..උනා..උඹෙ එක වචනෙකට කෙල්ලගෙන් කිස් දහයක් …කාලෙකින් අලුත් චූටි මලක් රහ බැලුවෙත් නෑ

ඒ කෙල්ල උඹෙ දුව වගෙ යකෝ

උඹ අහලා තියේද බුරියෙන් පල්ලෙහාට නෑදෑකම් නෑ..අහ් මතක් වෙද්දිත්

කොල්ලගෙ හිතෙ කේන්තියට එතන තිබ්බ වීදුරුව පොඩි කරා..ඒ වීදුරුව බිඳිලා කොල්ලගෙ අතින් ලේ ගලනවා..දෙනෙත්ගෙත් ශයිනිගෙ අයියලා සෙට් එකෙත් තරහටම මූන වල් රතු වෙලා..

කාටද පුලුවන් තමන්ගෙ පෙම්වති ගැන,දුව ගැන,සහෝදරි ගැන අහන් ඉන්න..

මිහිරාන් ගෙ හැටි දන්න නිසාම සේයා නම් හිත යටින් ගොඩාක් බයෙන් උන්නෙ..මොනා උනත් කෙල්ලෙක් කියන්නි වීදුරුවක් වගෙ..අහිංසකිට කරදරයක් උනොත් ඉදලා වැඩක් නෑ..

මීරාගෙ කෝල් එකුන් පස්සෙ කට්ටිය කතා උනෙ සල්ලි දෙන්න..ඒ දීගායුගෙ ප්ලෑන් එකක් විදියට..

කෝමත් මාලුව අල්ල ගන්න ඇමක් පෙන්නන්නම වෙනවා..

මේ දේවල් මේම මේම වෙද්දී

🐰🐰🐰🐰🐰🐰🐰🐰

අද දවසම මෙ ශාල්‍ත් උන්නෙ මගේ වටෙ කැරකු කැරකි..

අනේ මන්දා ශාලුත් දකිද්දි පුදුමයිශාලුත් දකිද්දි මතක් වෙන්නෙම ….ම්ම් තාත්තිව..එයා තාත්ති වගේමයි..ඇත්තටම..මට මතකයි තාත්තිගෙ තරුන කාලෙ පොටෝස්..

හුම් අනෙ මන්දා

ශයිනාට මේම රූම් එකක හිරවෙලා ඉන්න බැ අයියො..මම නිදහසෙ ඉන්නවා තමයි..ඒත් රූම් එකක් ඇතුලෙ මොන නිදහසක්ද අයියො..පෝන් එකක් වත් තිබ්බ නම් ආයෙ නෑ පාලූ දූප්තකට ගිහින් දැම්මත් මොකද ඇති වෙන්න එෆ් බි ගිහින් අනුන්ගෙ ගොසිප් ටිකක් බලලා කාගෙ හරි පරණ කැතම කැත පොටො ටිකක් ලයික් කරලා උඩට
අරන් හොඳ ෆන් එකක් ගන්න තිබ්බා..

හුඟ වෙලේකින් ශාලුත් ආවෙ නැත්තේ දොයි වෙන්න ඇති චූටි බබා..

තවම මෙ දිගා ගොයියා ආවෙ නැත්තෙ ඇයි..මං හිතුවෙ නිව්ස් එක දුන්නු ගමන්ම ආයෙ සුපර් මෑන් වගෙ මාව හොයන් ඉගිල්ලිලා ඒවි කියලා..කොයි ඉතින්

මන් ඉතින් ඕනි වෙලේක කරදර කරන හින්දා ඕනි දෙයක් වෙද්දෙන් කියලා ඉන්නවා වත්ද

හහ් කමක් නෑ. කෝමත් අද රෑ විතරයි ම්ං බලන්නි..මන් කෝම හරි කැට් වුමන් වගෙ මේකෙන් බේරිලා යනවා

බිය නොවන්න ශයිනෝ
බේරෙනා හැටි මං පෙන්වන්නම්
🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪🔪

ඒම කීවට මෙ රූම් එකෙ මීයෙක්ට රින්ගන්න වත් තැනක් නෑනෙ..අනික මෙ රූම් එක කාලෙකින් යූස් කරලා නෑ වගේ..පුස් ගඳයි..වහලමද කොයිද තිබිලා තියෙන්නෙ..

බඩු නම් පුරෝලා තියෙනවා..

මන් ඉතින් ශයිනාගෙ සිරිත දුටු දෙ අත ගෑමයිකියන කියමන සත්‍ය කරන්නත් කියලම තියෙන දේවල් ඇඳලා බැලුවා

වෙන මොනාටවත් නෙවෙ ඉතින් ආයෙ ගැරඬියෙක් ,ශිවන්‍යෙක්,කබීර් කෙනෙක් ,මීමැස්සියෙක් ,බස්සෙක්,නාග මාණිකය්ක් එහෙම තිබුනොත්..
🐍🐝🐥🐞🐢🐠🐄🐾🐉

ම්ම්ම්

ගිටාර් එකක්..නියමයි..මම ගිටාර් එක අතට අර ගත්තා

මේමයි ඉතින් මෙ ශයිනිට බෑ කියලා දෙයක් නෑ මේ ලෝකෙ..ආයෙ ඉතින් ෆ්ලෑශ් බෑක් එකෙ රිදම් ගිටා ප්ලේ කරනවා වගෙ තමයි

සංගීතය 🎶🎶🎶🎶🎶වනාහි ශයිනි බබාගෙ ඇඟේ තියෙන දෙයක්..ඔන්න මෙ මියුරු සර අහන් උන්නට කමක් නෑ ..වන්මො වන්මො කියලා නම් කියලා නම් කියන්න එපා හාද…..💿💿💿💿💿💿

ඇත්තටම චුට්ටක් විතර පුලුවන්..වෙස්ටන් මියුසික් නෙ කලේ.

ප්‍රැක්ටිකල් වලට ගිටාර් එක තමයි ඉන්ස්ටෲමන්ට් වලට ප්ලේ කරේ..

මම සින්දුවක මෙලඩි එකක් ප්ලේ කරා..

සේදුනු හදවත පෙරා
ආඩම්බර කම් එපා
රෑ ඇඳුරෙ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහි වේවි …
රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යලී නෑ
ඔබ ගාවින්ව මිහිදන්ව…
🎶🎶🎶

ඉතුරු මතක් වෙන්නෑ…අයියෝ

එතකොටම

මැරුනු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා

හෑ😱😱😱😱😱

වාව් ලස්සනයී..වන් මෝ ප්ලීස්

මන් ඒ කටහඬ ඇහුනු දිහාවට හැරුනා..

…තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *