D & S……..49

කවුද අයියො මේ මැද්දට පැනලා ශයිනියගෙ ඒකපුද්ගල මියුසිකල් ශෝ එක කඩා කප්පල් කලේ..

මම පිටිපස්ස හැරිලා බැලුවා..ඇත්තටම මේ රූම් එකට එක එක්කෙනා කඩා පාත් වෙන්නෙ නිකම් මාර්කට් එකට මිනිස්සු එනවා වගේනෙ..එක එක වෙලේට එක එක අය..

ඇත්තටම මෙ ඇවිත් උන්නෙ මොකාද කියන්න මං දන්නෑ..ඒ චයිනිස් මීරාත් නෙවෙ..එතෝට මගේ පුන්චි ආච්චිත් නෙවෙ..අර ශාලුවත් නෙවෙ..මගෙ දිගුස් කොල්ලත් නෙවෙ..

අනික බලන් ඉන්නෙ නිකම්…අහ්..මෙ කොල්ලො නම්…

කවුද ඔයා ආ

මාත් අහන්නි ඔයා කවුද කියලා තමයි

ඉතින් මාත් අහන්නි ඒක තමයී

ලේඩිස් ෆ්ර්ස්ට් හලො

හා හලෝ..ඒත් කියනවා හලො මගෙ රූම් එකෙ මොකො කරන්නි කියලා

මේ ඔයාගෙ රූම් එක

ඔව්

එතෝට ඔයා කවුද

ඊට කලින් කියන්නඩකො ඔයා කවුද..හොල්මනක් නෙවෙ නෙ..මම මෙ රූම් එකට ආවෙ අවුරුදු හතකට පස්සෙ..ඉතින් ඒ එද්දි ලස්සන කෙල්ලෙක් මගෙ ගිටාර් එක ප්ලේ කරනවා..ඒකත් මන් ආසම එක

මම දන්නෙ නෑ ඔයාගෙ ආසද මොකක්ද කියලා මම මේ දවස් වල ඕක ප්ලේ කර කර උන්නෙ

වාව් ශෝයිනේ

මෙ මොකෙක්ද අප්පා..මන් දන්නෙත් නෑ…මා එක්ක එල්ලි එල්ලි කියවන්න එන්නි..මගෙ දිගුස් එව්ව කෙනෙක් වත්ද

මෙ මට ඔනි නෑ ඔයා එක්ක කතා කරම්න

මටත් ඕනි නෑ ඔයත් එක්ක කතා කරන්න..මෙ මගෙ රූම් එක..කරුනාකරලා යන්න හලෝ

මෙයාගෙ කතාව බලපල්ලකූ..යකූ..දැන් ඉතින් ඕන් ශයිනගෙ තරහා වැඩි වෙනෝ

මෙ අහනො..මටත් ඕනි නෑ අනුන්ගෙ රූම් එහෙම ඉන්න..අනික මේ රූම් එකක්ද ..

හැටි මේකෙ..මකුලුවො සත්මහල් ප්‍ර්සාද හදන්..පුස් ගඳයි..මෙ ඇඳ නිකම් නිකම්..

ඒ ඇස් මගෙ තොල් වල..

මොකො ආ

මන් බැලුවෙ මෙ කටර් එකට පැන්සලක් එහෙම දැම්මොත් එක පාරින් කොට වෙයිද කියලා.
තත්පරේකට පිටවෙන්නෙමාර වර්ඩ්ස් ගානක් නේ..

විකාර

හුම්ම් විකාර නොහැදිතියේද මෙ වගෙ ලස්සන කටර් එකක් මගෙ ඉස්සරහා ඉද්දි

මෙ මොන පිස්සෙක්ද

හරි ඒකින් වැඩක් නෑ ඔයා කවුද කියන්න

මන් කියන්නම් පුතා

දෙන්නම නොහිතිව වෙලාවක කාමරේට ආවෙ චයිනිස් මීරා..වෙනදට තියෙන අයියා පාට නැතිව අද හෙන තැන්පත් පාටයි..පුතා කීවෙ ඇයි..එතකොට එදා කතා උනු අනිත් පුතාද මේ

ඩැඩා කීවෙ නෑනි මගෙ රූම් එකෙ කෙල්ලෙක් ඉන්නවා කියලා

මීරා ඇවිත් කොල්ලගෙ කරට අතක් දාගත්තා ම්ම් දෙන්නම ටිකක් එක වගෙ තමයි..කොල්ලා රට හිටිය නිසා වෙන්න ඇති සුදුම සුදුයි

මෙ පුතා අයියගෙ වයිෆ්

හෑ😱😱😱😱😱😱

මගෙ ඇස් දෙකයි කටයි ලොකු උනා වගේම එයාගෙත්..

මොකක් තාත්ති..මෙච්චර ලස්සන කෙල්ලෙක් එයාට

ඔය මොන බොරුද..මන් එයාගෙ වයිෆ් වත් මගෙ කැමැත්තෙන් වත් නෙවෙ මෙහෙ ඉන්නෙ..ඔයාගෙ මහා ලොකු ඩැඩා මාව උස්සන් ආවෙ..ගෙනල්ලා මෙ රූම් එකට දැමමේ

මිරා මහ හයියෙන් හිනා උනා..

ඕක තම පුතා අඩුව..අයියට වගේම මෙ කෙල්ල ටත් මොලෙ නෑ..කචල්..දැන් බැඳලා මාස දෙකක්..අපිත් මේ කෙල්ල හින්දා හැදේ නෙ කියලා කැමති වෙලා බැන්ඳුවා..බැලින්නම් මෙ කෙල්ලගෙ පිට ඔපෙ විතරයි…අයියට කියපුවම අඩු තරමෙ කියන දේවත් අහනවා..ඒ උනාට මේකි මුරන්ඩු කෙක්කක්..අම්මට වත් මෙල්ල නෑ පුතා..හැම තිස්සෙම පැනලා යන්න හදන්නි..ඒකයි මෙ රූම් එකට දාලා වහලා තිබ්බෙ..මෙ කෙල්ලගෙන් බේරෙන්න බැරිවද කොයිද පේරන්ට්ස්ලා ඉඳලා තියෙන්නෙ..මැරි කරලා දවස දෙකෙන් උන් දෙන්නා නිව්සීලන්ඩ් ගියානී..

හනෙ අම්මෙ මේ ගල් පැලෙන බොරු..වැඩිහිටි කම පැත්තකට දාලා මට හිතයි අනින්න හොම්බට

මේ මිහිරාන් ඔච්චර ගල් පැලෙන්න බොරු කියන්න එපා..ඇයි පුතාට කියන් නැත්තෙ මාව කිඩ් නැප් කරන් ආවා කියලා..

මම කාගෙ කවුද කියලා.ආ..ආ

දැක්කනි මන් කියපු දෙ ඔප්පු උනානි පුතා..අම්මා තාත්තා රට ගියාට පස්සෙ පව් අසරනී තවත් පිස්සුව වැඩි උනා

මොකාක්

ම්ම් ඔව් ඩැඩා ඒත් අයි ඇම් සොඉ සෑඩ්..හරි ලස්සන කෙල්ලෙක්..අයියා වගෙ
කෙනෙක්ට..

හුම්ම්..මොනා කරන්නද දෙන්නගෙම ලැබීම..දෙන්නව එකට තියන්න බයයි නෙ පුතා..අපි මෙ රූම් එකට එයා දැම්මෙ ඒකයි..ඔයා විසිටර්ස්ලගෙ රූම් එක යූස් කරන්න

හ්ම්ම් හා ඩැඩා…

දේසිත් මා දිහා හැරි හැරි බල බල එයාගෙ තාත්තා එක්ක යන්න ගියා..

අන්තිමට මෙ මිනිහා මාව පිස්සියෙකුත් කරා..ඉන්නවකො..තමුසෙගෙ ඔය සුදු රෙද්ද ගැලෙව්වෙ නැත්තම්..මන් ඩී එන් එස් ගෙ වන් ඇන්ඩ් ඔන්ලි දූ නෙවේ

ආයෙමත් රූම් එක වහලා ගියානී…

හුම්ම් මේ විදියට ඉවසන්න මට කොහෙන් පුලුවන් උනාද මන්දා..

මට දැන් ඇති වෙලා..මිනිස්සු තමන්ගෙ වාසිය වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ජීවිතෙ වෙනස් කරන හැටි..

මම ආයෙම ඇඳට පැන්නා..

දෙසිත්ට තිබ්බ ආදරෙ ශාලුත්ට පෙන්නුවෙ නැත්තෙ ඇයි..ඇයි ශාලුත් අපෙ තාත්ති වගේ..ඇත්තටම මේ දේවල්..අම්මො ඕනි නෑ අනුන්ගෙ කුනු..ඔක්කොටම කලින් මගෙ ප්‍ර්ශන විසඳගන්න ඕනී..මට මෙතනින් ගැලවෙන්න ඕනී..

රෑ දවාල ගැන කිසි හැඟීමක් නැතුව රූම් එකක් ඇතුලෙ ගෙවෙනු මෙ දවස මට නිකම් කල්පයක් වගේ..දීගායු අයියා තාමත් ආවෙ නැත්තෙ ඇයි..

අම්මි අඩනවද දන්නෑ..එතකොට තාත්ති..අයියලාට දැනෙනවා ඇද්ද මගෙ හැඟීම්..අනෙ හුම්ම්..මම බය නෑ කිසි දේකට..ඒත් මෙහෙම කොටු වෙලා ඉන්න බෑ

මම එයාව හම්බුන දවසෙ ඉදලා මගෙ ජීවිතෙ මොන මොන දේවල් සිද්ද උනාද..හැමදාම ඇඩ්වෙන්චර්..

හා පුරා කියලා කොල්ලෙක් ගැන හිතුවා..නපුරුම නපුරු..මගෙ මුරන්ඩු කම් මෙල්ල කරන්න ඒ දිග මැට්ටාට පුලුවන් උනු තරම් හැමදාම විහිලුවට මන් කිය කිය උන්නු දෙ ඇත්තක් වෙලා මගෙ අතින්ම එයාට වෙඩි වැදුනු හැටි..එයාගෙ ගෙදර එයාගෙ ඇඳේ එයා නැතුව මන් රැයක් උන්නු හැටි..ඒ මුලු රෑම නිදි මරන් එයාගෙ ආදරෙ කියෙව්ව හැටි..

ඊයෙ රෑ ඒ ලස්සන මිනිත්තු ටික හරිම ලස්සනට ගෙවිලා ගිය හැටි..ඒ තොල් වල දැවටෙන්න මන් පෙරුම් පුරපු හැටි..

මගෙ අවදානෙ බිඳුනෙ දොරේ ලොක් එක කවුරුහරිම කරකෝනවා වගෙ දැනුන නිසා..

කොයි වෙලෙ මොකා ඒවිද කියලා දන්නෙ නෑනි..මම දොර අයිනට ගියා..දොර ඇරියත් දැන් මාව පේන්නෑ..ඉන්නවකො..

මට දැන් ඇති වෙලා තියෙන්නෙ..මෙ සෙල්ලම..එකත් එකටම මෙ මිහිරාන් වෙන්න ඇති..

මන් ඇඳ පොල්ලක් අතට ගත්තා..

දොර හිමින් හිමින් ඇරුනෙ හඬක් නැතිවම..

ආව කෙනා ආයෙම දොර ඒ විදියටම තද කරලා වැහුවා..

ඉන්නවකො..මොන කෙන්ගෙඩියකට ආවත් අද මම පලනවා ඔලු කට්ට..පලලා හිටෝනවා දාස්පෙතියා ඇට

…තවත් සේයාවකට… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *