#YOU_ARE_MY_DESTINY 01 – Esh

💙 01 කොටස 💙

#හේශ්…හේශයා… කෝ…උඹ රෙඩීද…?”

#තරුණ් යටිගිරියෙන් කෑගහලා ඇහුවෙ හේශ්ගෙ කාමරේ දොරට තඩිබාන ගමන්…

“ඉදපන් යකෝ…මේ අදිනවා මම තාම.. ඉක්මනින් කිට දාගෙන එන්නම්..”

“මොකක්ද බං..උඹට ලේස්තිවෙන්න යන තරම් වෙලාවක් කෙල්ලෙක්ටවත් යන්නෙ නැතුව ඇති…”

“අනේ..මේ..පල පල…”

“ඉක්මනට වරෙන්කො වස්තුවෙ..”

” විනාඩි දෙකක් දීපන් මට.. “

ස්ලිම් ෆිට් පැච් ඩෙනිම් එකට බැගී ටී එකක් දාගෙන කොන්ඩෙ ජෙල් ටිකක් ගාලා එහෙ මෙහෙ කරලා අවුල් කරලා වගේ හදාගත්තා..

හේශ් කොහොමත් කැමති මෙසී හෙයා එකකට..
එහෙම කොන්ඩෙ හැදුවම හේශ්ගෙන් පෙනුනෙ දගකාර කොලුගැටයෙක්ගෙ පෙනුමක්.

හේශ් පුරුදු විදියට බෑංගල්ස්, මාලෙ වගේම කරාඹුවත් දාගන්න අමතක කලේ නෑ.

දැන් නම් හේශ්ගෙන් එන්නෙ පට්ටම රස්තියාදු ලුක් එකක්.. 😎😎

හේශ් ගොඩාක් කෙට්ටුයි.. පිම්බොත් විසිවෙලා යන තරම්…

සුදුම සුදුයි.. උසයි..

ලොකු රතුදුඹුරු ඇස් වගේම ..
රතු රෝස දෙතොල් තමයි මූණට අමුතුම ලුක් එකක් අරන් එන්න සමත්වෙලා තියෙන්නෙ කියලයි හැමෝම කියන්නෙ…😂😂😁😁😁

කාලෙන් කාලෙට එක එක කට් වලට කැපුන කෙටි දුඹුරු කොන්ඩයක් තමයි ඔන්න හේශ්ට උරුම වෙලා තියෙන්නෙ..

හරියටම කියනවානම් හේශ් පෙනුමෙන් හුරුබුහුටි කෙල්ලෙක් වගේ

🤔**කෙල්ලො වශී වෙලා පස්සෙන් එන්නෙ ඉතින් මගෙ මේ පෙනුමට තමයි..**🤔

කණ්නාඩිය ඉස්සරහට වෙලා අත් දෙකම සාක්කුවල දාගෙන හේශ් හිතුවෙ තමන්ගෙ ප්‍රතිබිම්බය දිහාබලාගෙන..

*හැබැයි මට නම්….
කෙල්ලො ඇ..ල..ජි..ක්…බ්ලෑක්කා…”

හේශ් හිතන්නෙ එහෙමයි..

🙌🙌🙌🙌

අහ්..මෙච්චර වෙලා එලියට වෙලා ඉදන් බෙරිහන්දුන්නෙ හේශ්ගෙ හොදම යාලුවා..තරුණ්…

එයා #තරුණ්_අභිශේක්_මුරුමුදලි..

පට්ට හැන්ඩියා..
කොල්ලෙක්ට උරුම වෙන්න ඕන හැම ලක්ශනයක්ම තරුණ්ට තිබුනා..

අඩි 6ක් විතර උස..
ස්ට්‍රේට් කොණ්ඩෙ..
සික්ස් පැක්ස්..
අසාමාන්‍ය සුද..
මෙන්න මේවා ඔක්කොම එකතුකරලා ගත්තම කොල්ලා පට්ට හැන්ඩියා..

🔸🔸🔸🔸🔸

හේශ් ඇදගෙන එලියට එනකොට තරුණ් කෑම මේසෙ වාඩිවෙලා හිටු කියලා අඹරනවා..

“වරෙන් වරෙන්..ගෙදර කියලා හිතාගෙන කාහං.ලැජ්ජා වෙන්න එපා..ලැජ්ජයිවගේ නම් ලැජ්ජා ෆ්‍රිජ් එකේ දාලා වරෙන් දුවලා ගිහිල්ලා..”

තරුණ් කටේ පාන් පුරවන් කියද්දි හේශ්ට මල..

“යකෝ..මේ ගෙදර එකා උඹද මමද..”

“මම..අහ්..නෑ..උඹ…😁😁

දත් තිස් දෙකම එලියෙ දාගෙන තරුණ් කියද්දි හේශ්ටත් හිනා..

මෙයත් ඉතින් පාන් පෙති හත අටක් 🍞 .. බිත්තට පහක් විතර දාලා හදපු ඔම්ලට් 🍳එකක් එක්ක ජූස්🍷 වීදුරුවකට ඉක්මනින් වගකිව්වා..

කන්න බැරි අයනෙ..පව්…😂😂😂😂

කාලා බීලා ඉවර එලියට ආපු හේශුයි තරුණුයි එයාලගෙ ලව් එක.. එයාලගෙ අලුත් ඩුකාටි වලින් 🏍 ගෙදරින් පිටවුනා..

ෆුල් ෆේස් හෙල්මට් එකයි ජැකට් එකයි නිසා දැන් නම් මේ දෙන්නව යකාටවත් අදුනගන්න බෑ… 😈

හන්දියට එනකොට රවිදුත් ඉන්නවා එයාගෙ ඩුකාටි එකේ..🏍
මේ තුන්දෙනාම එකටයි බයික් තුන ගත්තෙ..පාට තුනකින්.. 🏍🏍🏍

“යමන් එහෙනම්.. පටන්ගෙනද දන්නෙත්නෑ….”

කට්ටිය ආයෙත් ගමන් ආරම්භ කලා..
මෙයාලා මේ එලිවුනු ගමන්ම යන්නෙ සුගතදාස එකේ අද තියෙන ඉන්දු ශ්‍රීලංකා මැච් එක බලන්න..

මේ තුන් දෙනාට ස්පෝට්ස් ⚽️🏀🏈⚾️🏓🎾🏐🏉🎱⛳️🏌🏒🏑🏏🚵 කිව්වොත් ඉතින්… කන්න බොන්නත් ඕන නෑ..

කොහොම හරි ග්‍රවුන්ඩ් එක ලගට ඇවිත් බයික් පාක් කරලා තුන්දෙනා ඇතුලට ගියා..
දැන් තමයි ඉතින් පට්ටම සීන් තියෙන්නෙ..

ඇයි ඉතින් මැච් එක බලනවට වඩා මෙයාලා කරන්නෙ ඇවිත් ඉන්න කෙල්ලොන්ට ලයින් දාන එකනෙ..
👧👧👧😉😉😗😗😍😍😏😏😛😛

“මේ නම්කිව දැකලා පුරුදුයි වගේ….ම්ම්..කොහෙදිද දැක්කේ…”🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

මූණත් පට්ට බැරෑරුම් කරගෙන කම්මුලට ඇගිල්ලකින් ගගහා ලග ඉන්න කෙල්ලෙක් එක්ක රවිදු හැමදාම වගේ සුපුරුදු තැටිය ප්ලේ කරනවා.

එහෙන් තරුන්…😂😂
මිනිහා නම් හොයන්නෙ සුදු කෑලි..

“ඒ බං..අර බලපන්කො..අර අපිට පේලි දෙකක් උඩින් ඉන්නෙ..අර අර…👧 .”

කොල්ලා අත දික්කර කර හේශ්ට සුදු කෙල්ලෙව පෙන්නනවා..

“අර රෙඩ් එකක් ඇදන් ඉන්නෙ..ඒකිද බං..?”

“අන්න හරි..බලපන්කො බං ඒකි..හින්දි නිලියො පරාදයි..පට්ට ඈ.. පැත්තට නිකම් අයිශ්වර්‍යා වගේ.. අර බලපන්..”

” හම්මා.. දිල් තෝ පාගල් හේ…. හම් දිල් දේචුකේ සනම්…දිල්වාලේ දුල්හනියා ලේ ජායෙගේ…යකෝ..ඒකි මගේ…ඔන්න මගේ ඈ..”

“ඒ බං රවීනයා..මමයි මුලින් දැක්කෙ..”

“පල පල..ඒකි මාත් එක්කයි හිනාවුනෙ..උඹ නාලා වරෙන්..”

පපුවට අතකුත් තියාගෙන රවීන් කියන්නෙ ඇස් ටික්බෝල කරන් කෙල්ලට පැණි හලන ගමන්..

“ඊයා බං..කිරිහූනෙක් වගේනෙ.. ඇලි වෙලාද කොහෙද… කබර හැදිලා හිටියද කියන්නත් බෑ හැබැයි..”

හේශ් කිව්වෙ දෙන්නව තරහාගස්සන්න.. ඒ ඇරත් හේශ් කෙල්ලො සීන් එකේ නෑ..

“අනේ පල ගස් ඌරො.. තොට කෙල්ලො ඇලජික් කියලා මම සදා තනිකඩ වෙන්න ඕනෙද..”

“අනේ මේ… මම කිව්වා කියලා හිතාගනින්..ඇට හිවලා…”

කට්ටියම රණ්ඩු වෙවී හිනාවෙවී ආතල් එකේ මැච් එකත් බැලුවා..

මැච් එක ඉවරවෙලා පීසා හට් 🍕🍕🍕එකේ මුදලාලිවත් පෝසත් කරලා..
ගෙදර යනකොට 9ත් පහුවෙලා..

හේශ් ගෙදරට ගොඩවෙනකොට පොඩ්ඩයියා ඉන්නවා රකුසු වේසෙන් දොරකඩට වෙලා..👹👹👹👺👺👺

මෙයත් ඉතින් හිනාවක් දාගෙන බිම බලාගෙන ශේප් එකේ ගෙට රිංගන්නයි හැදුවෙ…😁😁😁

ඒත්..පොඩ්ඩයියා හේශ්ගෙ බෙල්ල මුලින්ම අල්ලගත්තා.

“කොහෙද තමුසෙ මෙච්චර වෙලා ගියෙ ..ආ…”😠😠

“පොඩ්ඩයියෙ…බෙල්ල රිදෙනවා බං..අතෑරපන්කො.. කටු ටික විතරයි තියෙන්නෙ..උඹ හදන්නෙ ඒකෙනුත් සුප් එකක් දාන්නද ඩිනර් එකට..”

කොල්ලගෙ අතින් මිදෙන්න ට්‍රයි කලත් වැඩේ නම් හරිගියෙ නෑ…

“මම අහපු දේට උත්තර දීපන් ඉස්සර වෙලා..”😠😠

යක්සාවේස වෙලා කොල්ලා අහද්දි..සත්තයි හේශ් බයවුනා..

“මගෙ සූකිරියො..මැච් එක බලන්න ගියා බං සුගතදාසෙට…”😙😚

කොල්ලගෙ කම්මුලකින් ඇදලා වගේ හේශ් කිව්වෙ අහිංසක හිනාවක් මවාගෙන…

“අනේ මේහ්… ආවා මෙතන හුරතල් වෙන්න..”

පොඩ්ඩයියා හේශ්ගෙ බෙල්ල අතෑරලා අතින් ඇදගෙන කාමරේට එක්ක ගිහින් ඇදෙන් වාඩිකෙරෙව්වා..

“මේ අහපන්.. තමුසෙ තාම අවුරුදු 21ක චුට්ටෙක්.. උඹට මොනවා හරි උනොත් අපිට වෙන්නෙ වහ කන්න..උඹ දන්නවා උඹ තමයි අපි හයදෙනාගෙම පණ කියලා.. ඒනිසා කියන දේ අහලා 6,7 වෙනකොට ගෙදරට එනවා .. හැමදාම මේ බණේ කියලා මට ඇතිවෙලා බං…”

පොඩ්ඩයියා මූණ දුකින් පුරවගෙන කියද්දි.. ඇත්තමයි හේශ්ට දුක හිතුනා..

එයා ලගම හිටගෙන ඉන්න පොඩ්ඩගෙ අතින් ඇදලා ඇදේ වාඩිකරවගෙන පොඩ්ඩගෙ මූණ දිහාම බැලුවා…

“පොඩ්ඩයියෙ… ඔයා දන්නවා මම නරක වැඩ කරන කෙනෙක් නෙමි කියලා..ම්ම්.. අනික..මම දන්නවා පරිස්සම් වෙන්නෙත් කොහොමද කියලා.. ඒ උනත්.. මම ඔයා කියන දේ අහනවා.. හෙට ඉදන් 7 වෙද්දි මම ගෙදර..ම්ම්..හරිනෙ..”

‘හ්ම්ම්ම්..”

පොඩ්ඩා නැගිට්ටා..

“පොඩ්ඩයියෙ…”

යන්න ගියපු පොඩ්ඩයියා ආයෙත් හේශ් දිහා හැරිලා බැලුවා..

“ආදරෙයි බං…”

ඔලුවත් ඇලකරලා හිනාවෙලා කියද්දි…පොඩ්ඩගෙ ඇස් වලට කදුලු පිරුනා..

“උඹෙ ඔය හුරතලේට තමයි අපි හැමෝම රැවටෙන්නෙ…”

හේශ්ගෙ කොන්ඩෙත් අවුල් කරලා පොඩ්ඩයියා ගියෙ කදුලු පිහිද පිහිදමයි…

ඒත් එක්කම වගේ හේශ්ගෙ ෆෝන් එක රින්ග් වුනා..

🎶 You’re the light , You’re the night ..
You’re the color of my life …
You’re the cure , You’re the pain ..
You’re the only thing i wanna touch ….. 🎶

“හෙලෝ…”

“බබා…මම…”

“ඇන්ජි .. ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්.. ඉතින් ස්වීටි…”

“කොහොමද පැට්ටාහ්…”

“හොදින් ඉන්නවා කෙල්ලෙ….”

‘දකින්නත් ආසයි ඔයාව…පාලුයි ඔයා නැතුව..”

“අනේහ්….”

“එන්නෙ නැද්ද ලගදි මෙහෙ..”

“ම්ම්ම්… තාම එහෙම අයිඩියා එකක් නම් නෑ… ම්ම්..බලමු..”

“ඔයා නරකයි…ඉස්සර වගේ මට ආදරේ නෑ දැන්..ඔයා වෙනස්වෙලා.. 😢

“අනේ…වස්තුවෙ..ඔයානෙ මගෙ පණ…ම්ම්…මට මොකටද වෙන කෙල්ලො..මම වෙනස් වෙලා නෑ මැනිකෙ..”

“හ්ම්ම්.. කමක්නැ…ඔයාට හොදයිනම්..”

“ඔය ඉතින්…ආදරෙයිනෙ මම මගෙ කෙල්ලට..උම්ම්ම්ම්ම්ම්ම්මා…😘😘😘

“හී….😁😁😁😁

“හොර කෙල්ල… “

“මේ…ඒක නෙමෙයි.. මේ..ඔයා හෙට ගෙදරද…?’

“හෙට…ටියුස්ඩේ නෙහ්.. අනේ..හෙටනෑ බබා…වූශු ක්ලාස් හෙට ශාප් එයිට්.. “

“හ්ම්ම්..ඒමද ..😔😔

“ඇයි…?”

“නෑ…නිකම්..”

“හ්ම්ම්ම්..ඉතින්.. ගොඩක් දවසකින්නෙ මාව මතක්වුනෙ..මොනවද අලුත් විස්තර…?”

“විශේශයක් නෑ හේශ්…අපි ඉතින් ඔහේ ඉන්නවා…

“අම්මිලා සනීපෙන්ද…”

‘ඔව්..එයාලා සනිපෙන් ඉන්නවා..ඔයාව නිතරම මතක්කරනවා එයාලා..”

“හ්ම්ම්..ඒමද..මමත් මතක්කලා කියන්නකො අම්මිව ..ඔන්න උම්මකුත් දුන්නා කියන්න අම්මිට..”

😀😀හා…හා..මම කියන්නම්..”

“ස්වීටි… ගමනක් ගිහින් දැන් ආවෙ..වොශ් කලෙත් නෑ තාම.. වොශ් දාන් ඇවිත් කෝල් එකක් ගන්නද..?”

‘හරි බබා.. මම තියන්නම් එහෙනම්..”

“ඕකේ..බායි මයි ලව්…”

“බායි මයි ප්‍රින්ස් චාමින්..උම්මාහ්..”

කෙල්ල එක්ක කතාකරලා ඉවරවුනාම හේශ් ෆෝන් එක මේසෙ උඩින් තියලා බාත්රූම් එකට රිංගගත්තා…

#ඇන්ජි
එහෙමත් නැත්තම් ඇන්ජලා ඩි සිල්වා කියන්නෙ ඇමරිකා වල ඉද්දි හේශ්ගෙ හොදම යෙහෙලිය..
කෙල්ල මාරම ලස්සනයි..
හේශ් කෙල්ලට වගේම…කෙල්ලත් හේශ්ට පණ ඇරලා ආදරෙයි..
ඒ වගේමයි එයාලගෙ පවුලෙ අයත්..

හේශ්ගෙ තියෙන මේ අමුතු පෙනුමට එයාලා හරිම ආදරේ කලා..

වොශ් කරන් ඇවිත් රෑටත් නොකාම ඇදට වැටුනෙ තෙහෙට්ටුව නිසා..

වැටිච්ච ගමන් පොල්ලෙන් ගහලා වගේ නින්දගියා..

🔸🔸🔸🔸🔸🔸

හරියටම රෑ 12ට හේශ්ගෙ ෆෝන් එක රින්ග් වුනා..

නිදිමරගාතෙ නැගිටලා මේසෙ ලගට ගිහින් ෆෝන් එකත් අරන් ආයෙත් ඇදට වැටුනා..

ඒත් එක්කම ආයෙත් රින්ග්ස් ගියා..

ඇස් පියාගෙනම ආන්ස්වර් කරලා කන උඩ තියාගත්තු හේශ් ආයෙත් නිදි…

කන නිකම් කුරු කුරු ගානවා වගේ දැනුනු නිසා යාන්තම් ඇස් ඇරලා කන අතගාලා බලද්දියි තේරුනේ ෆෝන් එක තාම කන උඩ කියලා..

හේශ් ඉක්මනින් ඇදෙන් වාඩිවෙලා කතාකලා..
එහා පැත්තෙ කුනුහර්ප වපුරනවා..

“යකෝ..නැගිටපන් හු*#$@.. අපිව මෙතන සීතලේ ගැහෙන්න තියලා තෝ පු@ උඩ දාගෙන නිදිද..ප@#$.”

කතා කලෙ රවීන්..

“ඌට කුනුහර්ප කියන්න එපා ප#$@..ඌ පොඩි එකා..”

ඒත් එක්කම තරුණ් ෆෝන් එක ඇදලා ගත්තෙ රවීන්ට බනින ගමන්..

“මචං..හෙලෝ..”

“තරුණ්..අනේ..මට නින්දගියා බං..”

“හරි හරි..උඹ වරෙන් ඉක්මනින්.. අපි එලියෙ ඉන්නෙ..”

“අහ්..ඉදපන්..විනාඩි පහක් දියන් මට..”

“අහ්..හරි..පරිස්සමෙන් වරෙන්.. උඹ තාප්පෙන් පැනලා වරෙන්.. මම කාර් එකේ ආවෙ..”

“අහ්..හරි බං..”

හේශ් ෆෝන් එක ඇදට විසිකරලා ඉක්මනින් ඇදුමක් දාගත්තා..

මේක මෙයාලගෙ පුරුද්දක්..ගෙදර අයට හොරෙන් රෑට ක්ලබ් යන එක..තරුණ්ගෙ මාමට තිබුනා නයිට් ක්ලබ් එකක්..ඒකට ගන්නෙ ටුවරිස්ට්ලා විතරයි..
ඒත්..මේ තුන්දෙනාට යන්න නම් අවසර තිබුනා..

ඉතින්..හැමදාම වගේ අදත් කට්ටිය මේ යන්න හදන්නෙ ක්ලබ් එකට..

පුරුදු ග්‍රේ කලර් බැගී හුඩ් ටී එකට පැච් ඩෙනිම් එක ඇදලා කැප් එක දාගත්තු හේශ් සද්දයක් ඇහෙන්නෙ නැතිවෙන්නම දොර ලොක් කරලා ගෙයින් එලියට ආවා..

ඒ ඇවිත් හැමදාම වගේ පේර ගහේ උදව්වෙන් තාප්පෙන් පැන්නා.. ඒ ලගම තමයි තරුණ් කාර් එක නවත්තන් හිටියෙ..

“ගුඩ් මෝනින් මචංලා..”

ඉස්සරහා ශීට් එකට නගින ගමන් හේශ් කියද්දි රවීන්ට මල පැන්නා..

“අනේ උඹෙ හු#@$ ගුඩ් මෝනින්..”

‘රවීනයා.. මම උඹට කිව්වා.. මූ ඉන්න තැන කුනුහර්ප කියන්නෙපා කියලා..”

“ඇයි යකෝ.මූ කෙල්ලෙක්ද.. කුණුහර්ප ඇලජික් වෙන්න..”

“මේ..මම ආයෙත් උඹට කියන්නෙ නෑ..”

තරුණ් පිටිපස්සෙ ශීට් එකේ දිග දාලා හාන්සිවෙලා ඉන්න රවීන්ට ඔරවලා කාර් එක ස්ටාට් කලා..

හේශ් තරුණ් දිහා බැලුවෙ ඇත්තටම පහන් හැගීමෙන්..

“ඔහොම බලන්න එපා යකො..බයහිතෙනවා..”

තරුණ් ඔලුවත් පස්සට කරලා ඇස්ලොකු කරලා හේශ්ට කියද්දි එයා මහා හයියෙන් හිනාවුනා..

“ඔය සෙක්සි ටයිප් බොඩි එක මට හව් ගාලා හපලා කන්න හිතෙනවා බං..හව්..හව්..හව්..දෙනවද…”

තොලකුත් හපාගෙන ඇස් දෙකත් පුංචි කරන් තරුණ්ගෙ උඩ ඉදන් යටට බලන ගමන් උගුරෙන් වගේ හෙන සෙක්සි විදියට හේශ් කියද්දි.. තරුණ් තවටිකක් බයවුනා…

“අනේ.. මම එහෙම එකෙක් නෙමි බං.. මම කොල්ලොන්ට ආස නෑ..”

බයවෙලා වගේ තරුන් කියද්දි..හේශුයි රවීනුයි පණ යනකම් හිනාවුනා..

🏏 මතුසම්බන්ධයි 🏏

💛💛💛💛💛💛එශ්💛💛💛💛💛

කතාව ගැන වචනයක් කියලම යන්න..
❤️❤️❤️

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *