#YOU_ARE_MY_DESTINY 02

💛 02 කොටස 💛

යාලුවො තුන්දෙනා ක්ලබ් එකට යනකොට පාන්දර 1යි….
හැමදාම වගේ තුන්දෙනා මුලින්ම ගියෙ බාර් එක ලගට..

“හායි..ඒන්ජල්..හව් ආ යූ….”

තරුණ් ඇහුවෙ බාර් එකේ වැඩ කරල සිලී ගෙන්..
කෙල්ලගෙ නම සිසිලියා..
මෙයාලා එයාට කියන්නෙ සිලී කියලා..

“ෆයින් කොල්ලො… “

“ඔන්න එහෙනම් අපේ සුපුරුදු ඩ්‍රින්ක්ස් ටික දාලාදෙන්නකො…”

“ඕකේ…”

සිලී තරුණ්ටයි රවීන්ටයි බියර් 🍺 දාලා දෙද්දි හේශ්ට සැර අඩු බියර් ටින් එකක් දුන්නා.

“මොකක්ද බං හේශයො…උඹ බබා වගේ හැමදාම සැර අඩු එව්වම ගහන්නෙ..ගහපන්කො මෙව්වා..”

රවීන් හේශ්ගෙ කටට බියර් වීදුරුව ලංකරලා කියද්දි තරුණ්ට මලපැන්නා .

“ඌට ඕන එකනෙ ඌ බොන්නෙ.. උඹ උඹේ එක බීපන් පැත්තකට වෙලා..”

රවීන්ව තල්ලුකරලා තරුන් ඒ දෙන්නගෙ මැදින් වාඩිවුනා.

“මේ… හේශයා..උඹට වැඩක් කියන්න බැරිවුනානෙ..”

“මොකක්ද තරුණ්..?”

“ඒ බං..මට fb එකෙන් කෙල්ලෙක් සෙට් උනානෙ..”

“නෑ…”

“ඔව් බං..කිරිකෑල්ලක්…”

“ශහ්..මරුනෙ..”

“ඒකි එක පාරින්ම රූම් යන්නත් කැමති වෙලා කියහන්කො..”

රවීන් මැද්දට පැනලා කිව්වා..

“ත..රු..ණ්..”

හේශ් කොල්ලා දිහා ඔරවලා බලද්දි…කොල්ලා බිම බලාගත්තෙ මූණ ඇඹුල් කරන්…

“මේ ඇත්තද…?”

“හ්ම්ම්..”

“ලැජ්ජ නැද්ද බං..?”

හේශ් ඇහුවෙ කේන්තියෙන්..

“ලැජ්ජා වෙන්නඕන මම නෙමිනෙ බං..ඒකිනෙ..
ඒකිනෙ කෙල්ල..”

“ඒ මොනවා උනත්.. ඒ කෙල්ලෙක්නෙ බං…”

“ඔව්…ඒ නිසා තමයි මම හොද දෙකක් කියලා බැන්නෙ ඒකිට..”

“මොකක්..?”

“ඔව් බං.. මම ඒකිට බැන්නා බං හොදටම… ආතල් එකට ඇහුවම ඒකි එකපයින් කැමතිවුනා..ඒකියන්නෙ ඒකි වටේ ගිය එකියක්නෙ.. “

“හ්ම්ම්..”

“මම එහෙම නෑ කියලා කවුරු නැතත් උඹ දන්නවනෙ හේශ් ..”

“ඔව් තරුණ්..ඒකයි මට තරහා ගියෙ..”

“හ්ම්ම්…”

“අනේ බං..ඔන්න ඒකිව මට සෙට්කරහන්කො .. ප්ලීස් බං..”

“රවීන් ..පිස්සුද බං උඹට.. කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්ම එපා..පව් බං.. “

“හැමදාම නැව් යන මූදෙ බෝට්ටුවක් ගියාට පාර හිටින්නෙ නෑ යකෝ..”

“තෝ නම්…”

හේශ් අහක බලාගත්තෙ රවීන් ගැන ඇතිවුනු තරහින්..

කොහොමත් තරුණ් වගේ නෙමි රවීන්… සෙල්ලක්කාරයි…සතියට දවස්දෙක තුනක්වත් කෙල්ලො එක්ක හෝටල් ගානෙ යනවා..ඒ අතින් තරුණ් ග්‍රේට්..
පොඩිකාලෙ ඉදලම ඇමරිකා වල හැදුනත්..හේශ්ට ඒ නරක පුරුදු තිබුනෙ නෑ.. මොකද එයා හැදුනෙ අයියලා හතරදෙනෙක් යටතෙ නිසා..

“ඒ..නටන්න යමන් බං..”..

රවීන් හේශ්වත් ඇදගෙන ඩාන්සින් ෆ්ලෝව් එකට ගියා..තරුණුත් එයාලගෙ පස්සෙන් දිව්වා..

තරුණ් හැමතිස්සෙම උත්සාහා කරන්නෙ හේශ්ව ආරක්ශා කරන්න.මොකද..හේශ් තවම පොඩි නිසා..

රවීන්ට නම් ටිකක් වැඩිවෙලා.. කොල්ලා නටනවා නෙමි..බිම බඩගානවා..
ඔය අතරෙ නාකි සුද්දියෙක් රවීන් එක්ක නටන්න සෙට් වුනා…
කොල්ලත් අතෑරියෙ නෑ..

අන්තිමට රවීන් නැවතුනෙ ඒ නාකි සුද්දිව ඇතුලෙ රූම් එකකට එක්කගෙන ගිහිල්ලා…

“ඌව හදන්න බෑ බං… උඹ ගනන් ගන්නෙපා..”

තරුණ් කිව්වෙ තරහින් පුපුර පුපුර ඉන්න හේශ්ට..

“එලියට යමන් බං..කබරයා සෙට්වෙන්න වගේ..”

හේශ් තරුන්ගෙ අතින් ඇදගෙනම එලියට ආවා..

වැඩිවෙලාවක් යන්න උනේ හෑ..හේශ් කාපු බීපු සේරම නහයෙන් කටින් යවන්න ගත්තා ..

“මම තොට හැමදාම කියනවා..බොන්න එපා කියලා..බලපන්කො. කබරයා දැම්මම අමාරුයිනෙ..”

තරුණ් හේශ්ගෙ පිට අතගගා බනිනවා..

“හරි බං..ආයෙ බොන්නෙ නෑ..”

“උඹ හැමදාම කියන්නෙ ඕකනෙ..වරෙන් යන්න කා එකට..”

හේශ්වත් ඇදගෙන කාර් එක ලගට ගිහින් වතුර බෝතලයක් හේශ්ගෙ අතට දුන්නා..

හේශ් කටයි මූනයි හෝදගෙන කාර් එකේ පිටිපස්සෙ ශීට් එකේ ඇලවුනා..

තරුණ්ට දුකයි..කොල්ලා කැමතිනෑ හේශ්ට පොඩිම දුකක්,කරදරයක්වත් ඇතිවෙනවට..
ඒ යාලුකම ඒ තරම් ශක්තිමත්..

හේශ්ගෙ ඔලුව උස්සලා උකුලට අරන් පොඩි මසාජ් එකක් දුන්නෙ ඔලුවෙ කැක්කුම අඩුවෙන්න..

“තෑන්ක්ස් බං..”

හේශ් කිව්වෙ ඇත්තටම සනීපයක් දැනුනු නිසා..

පැයකට විතර පස්සෙ රවීන් බෙල්ට් එකත් දදා කාර් එකට ආවා..
ඒ එනකොට දෙන්නට නින්දගිහිලල..

“යකෝ..නැගිටපන්…”

රවීන්ගෙ කෑගැහිල්ලට දෙන්නා උඩගියා..

තරුණ් ඩ්‍රයිවින් ශීට් එකට ගිය අතරෙ හේශ් එහෙමම එහාට වුනෙ රවීන්ට ඉදගන්න…

“ආ..මචා…ං..උඹ නිදිද වස්තුවෙ..”

රවීන් හේශ්ව බදාගෙන මූණ ඉම්බා..

“ඉස්සරහට වරෙන් හේශ් මගෙන් මැරුම් නොකා…”

යක්ශාවේස වෙලා තරුණ් කෑගහද්දි..හේශ් බයටම ඉස්සරහට ගියා…

“හා…හා…හා…උඹ බයවුනාද…මම ඌත් එක්කත්…”

“කටවහපන් රවීන්.මම ආයෙ කියන්නෙ නෑ.. අනික..තොට ලැජ්ජ නැද්ද යකෝ..ආච්චිගෙ වයසෙ ගෑනියෙක් එක්ක අරම…..”

“හෝව්..හෝව්…නාඩි වැටෙනවනම් මට කෝකත් එකයි බං…”

සිගරට් එකක් දල්වගෙන කට කොනින් තියාගෙන රවීන් කියද්දි… හේශ්ට විතරක් නෙමි.. තරුණ්ටත් රවීන් ගැන දැනුනෙ පිලිකුලක්..

ටික දුරක් යනකම් තුන්දෙනාගෙම සද්දයක් නෑ.

තරුන් රෙයා මිරර් එකෙන් බලද්දි..රවීන් ගොරව ගොරව නිදි..

හේශ් නලල අතගගා ඉන්නවා…

“ආයෙත්..ඌ බීලා ඉන්න වෙලාවට.. උගෙ අස්සෙ හිටියොත්.. මම තෝව මරනවා.. ඒක මතකතියාගනින්.. ඌට බිව්වට පස්සෙ අම්මා තාත්තා උනත් කමක්නැ…තොට තේරෙනවනෙ මම කියන එක..?😠😠😠

සැරෙන් හැබැයි ටිකක් සද්දෙ අඩුවෙන් තරුන් හේශ් දිහා බල බල කියද්දි.. හේශ් බිම බලාගත්තා..

“සොරි අයියෙ…”

තරුණ්ගෙ පපුව මොකක්ද වුනා.. හේශ් තරුණ්ට අයියා කිව්වාමයි.. කොහොමත් හේශ්ට වඩා තරුන් අවුරුදු 7ක් බාලයි… කොල්ලට ඕන හේශ්ව ආරක්ශා කරන්න.

“හේශ්..තරහද…”

“නෑ…”

තරුණ් ලොකූ හුස්මක් පිටකලා..

මුලින්ම හේශ්ව ඇරලවන්නයි ගියෙ.. බැහැපු විදියටම ආපහු තාප්පෙට නැගලා වත්තට පැනලා හොරෙන් හොරෙන් කාමරේ ඇතුලට ගියා.

ඉක්මනින්ම වොශ් දාගෙන ඇදට පනිනකොට යන්තම් 5 වුනා විතරයි..

හේශ් බිව්වෙ ඇපල් බියර් එකක් වුනත්.. ඔලුව පුපුරන්න වගේ ආපු නිසා කොට්ටෙන් ඔලුව තදකරගෙනම නිදාගත්තා…

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හේශ්ට ඇහැරෙනකොට දවල් 1ත් පහුවෙලා..
එහෙම්මම බාත්රූම් එකට ගිහින් නාගත්තා..
නිදිමත විකාරෙ නාන එකෙත් පොඩි කික් එකක් තියෙනවා..

විසිල් පාරකුත් ගගහම කාමරේට ඇවිත් ශෝටකුයි ටීශර්ට් එකකුයි දාගත්තා…
කොන්ඩෙ පිහිදන්නෙ නැතුව අතින් නිකම් ගසලා හදාගත්තා..

සාලෙට යද්දි හේශ්ගෙ ගෙදර වැඩ කරන මෙත්‍තා සාලෙ මොබ් කරනවා..

“ආ…මෙත්තා කරුනා…මොකෝ කරන්නෙ..ගුඩ් මෝනින් ඈහ්..”

“අනේ අනේ… නැගිටින වෙලාව නේද.. තරුණ ලමයි ඔහොමත් නිදියනවද…ආ..”

“මේ…හොද සුද්දි වගේ මට කිරි එකක් හදලා දෙන්නකො. පොඩි ගමනක් යන්න ඕන..”

“හ්ම්ම්..ඉන්නකො..”.

මෙත්තා කුස්සියට යන අතරෙ හේශ් බයික් එක ලගට ගිහින් ඔයිල් චෙක් කලා..

“ඔයිල් මාරු කරලා සර්විස් පාරක් දාගන්න ඕන කෙල්ලව හෙට අනිද්දම..”

තනියම කියව කියව ඉන්න අතරෙ මෙත්තා කිරිඑක අරගෙන ආවා…

“තෑන්ක්ස් මුදිතා..”

“මම මෙත්තා අයියෝ…”

“අහ්..උපේක්ෂාදා ..සොලි ඈහ්..”
හේශ්‍ට ඔරව ඔරව මුදිතා ඇතුලට ගියා..

“මේ..කරුනෝ..ඔයාට ඔය නම දැම්මෙ කවුද…”

“බාප්පා…”

“හෑ..😂😂😂😂පට්ට හොදේ…”

හේශ්ගෙ වැඩේ මෙත්තාව තරහා ගස්සන එක.. ඒත් මෙත්තා උනත් තරහාගන්නෙ බොරුවට..

හේශ් කියන්නෙ මෙත්තාගෙත් පණ..

හේශ් ශොපින් ගියොත් මෙත්තාටත් ඇදුමක් අරන් එන්න අමතක කරන්නෙ නෑ.. ඒ තරම් මෙයාගෙ ගතිගුන ඉහලයි..

හේශ්ගෙ අම්මා මේ ටිකේ ඇමරිකා වල ඉන්නෙ..තාත්තා ටිකක් අසනීප වුනු නිසා..ඉතින්..මෙත්තා තමයි මේ ගෙදට ඉන්න ලමයි දෙන්නවම බලාගන්නෙ..අම්මා වගේම…

කිරි එකත් බීලා කෝප්පෙ සාලෙන් තියලා හේශ් හෙල්මට් එක දාගත්තා..

“මෙත්තෝ..මම යනවෝ…එනකොට සෑ වෙයි.. අපේ විරූපිකයාව ශේප් කරගන්න ඈ…”

කෑගහලා කියාගෙනම හේශ් බයික් එක ගේට් එකෙන් එලියට දැම්මා…

මතුසම්බන්ධයි❤️

💜💜💜💜💜💜එශ්💜💜💜💜💜💜

Leave a Reply

Your email address will not be published. Required fields are marked *