#YOU_ARE_MY_DESTINY 04

💋 04 කොටස 💋

ගාඩ්න් එකෙන් එලියට බයික් එක දාපු තරුණ් වේගෙන් ගමන් ආරම්භ කලා..
හේශ්ට , අද මේ කොල්ලගෙ පුංචි වෙනසක් දැනුනත්.. එයා ඒ තරම් ඒක ගනන් ගත්තෙ නෑ..
ඒත්..යන මග දිගට..කිහිප පාරක්ම.. හැප්පෙන්න ගිය නිසා.. හේශ් තරුන්ගෙ උරහිසට අත තියලා කතාකලා..

“තරුණ්…තරුණ්..”

‘හ්ම්ම්..”

කොල්ලා පිටුපස්ස බලලා කියද්දි.. හේශ් කොල්ලගෙ මූන පැත්තට එබුනා..

“නවත්තපන් බයික් එක ටිකක්..”

තරුණ් හෙවනක් අල්ලලා බයික් එක නැවැත්තුවා..

ඒත් එක්කම හේශ් බැහැලා හෙල්මට් එක ගලවලා අතට ගත්තා..

“උඹ අවුලකින්ද ඉන්නෙ..?”

කොල්ලගෙ ඇස් දිහාම බලාගෙන හේශ් අහද්දි..තරුණ් ඒ ඇස් මගහැරියා..

“ඔය ඇස් ගෙඩි දෙක හතරවටේ කරකවන්නෙ නැතුව මගෙ දිහා බලලා උත්තර දීපන් මට…”

හේශ් ටිකක් තදින් කියද්දි..තවදුරටත් ඒඇස් මගාරින්න කොල්ලට බැරිවුනා..

“නැගපන්..තව ටික දුරයි..ගියාම කියන්නම්..”

තරුණ් කියද්දි..හේශ්ට මල..

“මට දැම්ම මැරෙන්න බෑ..තෝ පලයන් පිටිපස්සට .මම ඕක අරගන්නම්..”

බලෙන් වගේ තරුණ්ව පස්සට තල්ලුකරලා හේශ් බයික් එක ගත්තා .

“ඔතනින් වමට..”

ටික දුරක් යද්දි තරුන් කිව්වා..

ඒ මාවත ටිකක් පාලුයි.. ජන ශූන්‍යයි. හේශ් ඒ මාවත දිගේ බයික් එක ගෙනිච්චෙ දෙගිඩියාවෙන්..

‘ඔතනින් දකුණට..”

ඊටත් විනාඩි කිහිපයකට පස්සෙ එයාලා ආවෙ ඒ මාවතේ අවසානයට..

“ඇයි බං මෙතනට ආවෙ..?”

බයික් එකෙන් බහින ගමන් ඇස් ලොකු කරන් හේශ් අහද්දි .. තරුණ් බිම බලාගෙන හේශ්ගෙ අතින් අල්ලගත්තා..

“යමන්..”

හෙල්මට් දෙකත් බයික් එකේ එල්ලලා එයාලා ඇතුලටගියා..

ඔව්..
ඒක කනත්තක්…
අවුරුදු 21ක් වුනත්..හේශ් කනත්තකට එන්නත් බයයි.හොල්මන් වලට ,කලුවරට ..ඊට වඩා බයයි…
වෙලාවකට නිකම් පොඩි එකෙක් වගේ..
මෙයාට එහෙම වෙලා තියෙන්නෙ හුරතලේට හැදුනු නිසා..

හේශ්ගෙ අතින් අල්ලගෙනම තරුණ් කනත්තට ඇතුල්වුනෙ..හේශ් බය බව දන්න නිසා…

එක එක හැඩයට හදපු..ස්මාරක..ගොඩයි… දේවදූතයො..කුරුස.. එක එක හැඩයේ ස්මාරක.. මිය ගිය අයගෙ වලවල් හැඩ කරලා තිබුනා..

“ත..රු..ණ්..”

හේශ් ,තරුන්ගෙ අත මිරිකුවෙ බය වැඩිකමට..

ජීවිතේ පලමු වතාවටයි..හේශ් මේ කනත්තකට ආවෙ..

තරුණ් හේශ්ගෙ මූණ දිහා බලලා ඇස් වලින් ඉගි කලෙ බයවෙන්න එපා කියලා..
ඒත් එක්කමයි හේශ් දැක්කෙ.. කොල්ලගෙ ඇස් වල කදුලු..

ටික දුරක් ගිහින් තරුණ් නැවතුනා..
හේශ් බැලුවෙ කොල්ලා නැවතුනෙ කොහෙද කියලා..

සුදුපාට හුණු ගාපු උස ස්මාරකයක්..
ඒකෙ ඉහලින්.. හඩන දේවදූතයෙක්..👼

ඒ ස්මාරකයෙ ටිකක් පහලට වෙන්නට.. පින්තූරයක්…

**මැණික් මුරුමුදලි**

උපත – 12.03.1954
විපත -12.03.2000

කදුලු නැහැ මට..
අද හඩන්නට..
මතක පමණක් ..
ඉතිරිකර ගිය..
මිණිපහණ ..
ඔබ වෙනුවෙන්…
නිවන් සැනසුම් ..
ලබා සැනසෙන්..
මතුමෙවන් ..
මරණයක් නොවනට .. **

හේශ් ඇස් ලොකු කරලා බැලුවෙ තරුණ් දිහා..
ඒ ඇස් වලින් ලොකූ කදුලු කැට බේරිලා කම්මුල් දිගේ ගලාගෙන ගියා..

තරුන්ගෙ උරහිසට අත තියලා තදකලත්..
තවමත් කොල්ලා ස්මාරකය දිහා බලාගෙන..

හේශ් එහෙමම පහත්වෙලා ටයිල් පඩිය මත වැටිලා තිබුනු වියලි කොල පිහිදලා ඉවත් කලා..
හිතේ තිබුනු බය මදකට පහවගියෙ..
තරුන්ගෙ ඇස් වල තිබුනු කදුලු.. හේශ්ගෙ හිත හිරිවට්ටද්දි..

ස්මාරකය වටේට තිබුනු තණකොල ටික උගුල්ලලා පිරිසිදු කරනකනුත්… කොල්ලා තවමත් හිටගෙන ඒ දිහම බලන් ඉන්නවා

ගොඩ කාලෙකින්..මෙතනට කිසිකෙනෙක් ඇවිත් නෑ කියන එකට හොදම සාක්ශිය තමයි.. මේ තරම් වල් බිහිවෙලා තියෙන එක..

හොදට පිරිසිදු කරලා ඉවරවෙලා.. හේශ් නැගිට්ටගමන්ම ..තරුණ් හේශ්ගෙ අතින් අල්ලගත්තා..

හේශ් පිටි අත්ලෙන් කොල්ලගෙ කදුලු පිසදැම්මා..

“හේශ්… මේ ඉන්නෙ.. මගෙ අම්මා..”
තරුණ් ස්මාරකය දිහා බලලා කියද්දි..ලොකූ හුස්මක් පාකරලා හේශුත් ඒ දිහාම බැලුවා..
හේශ් හිතුවා හරි..

“මගෙ ලෝකෙ .. මට හිටපු එකම පිලිසරණ.. මගෙ අම්මා.. මගෙ පණ.. මගෙ හැමදේම…”

කොල්ලා ආයෙත් හඩනවා..
අම්මා කෙනෙක් ජීවිතයෙ නැති වේදනාව… හේශ්ට හිතාගන්න පුලුවන් වුනා..

” හරිම ලස්සනට ජීවත්වුනා අපි.. ලස්සන පවුලක්.. සමගියෙන් ..ආදරයෙන් පිරුණු.. සම්පූර්න පවුලක්.. මගෙ අම්මා.. තාත්තා..මම..නංගි…අපි හතරදෙනා හිටියෙ පුදුමාකාර ආදරයකින්..😢😢

ඒත්… ඒදවසෙ…සතුට වගේම.. දුකත් අපෙ ජීවිත වලට එකතු වුනා..

මගෙ අම්මිගෙ බර්ත්ඩේ එක දවසෙ..
එයා අපිව දාලා යන්නම යන්න ගියා..
එදා…තාත්ති ..ලංකාවෙ හිටියෙ නෑ.. එයා එදා හිටියා නම්.. අපිට අපෙ අම්මිව නැතිවෙනෙත් නෑ.. “

වැටෙන කදුලු පිහිද පිහිද තරුන් කතාකරද්දි…හේශ්ටත් නොදැනීම ඇඩුනා..

මීට කලින් මෙතනට… මාත් එක්ක ඇවිත් තියෙන්නෙ.. එක්කෙනයි.. ඒ මගෙ නංගි..
අද ඔයා…

මම මෙතනට එක්ක එන්නෙ.. මගෙ ජීවිතයට විශේශ අයව විතරයි හේශ්..
උඹ මගෙ බොක්ක.. හරියට මගෙ ඇගේම කෑල්ලක් වගේ.. ඒකයි.. මම අද උඹ ව එක්ක ආවෙ මගෙ අම්මව බලන්න..

තව සතියකින්.. අම්මා නැතිවෙලා..අවුරුදු 18ක්..”

‘මොනවා වෙලාද තරුණ් අම්මි නැතිවුනෙ…?”

‘ඒක දිග කතාවක් හේශ්..මම උඹට පස්සෙ කියන්නම්..
අහ්..අද මම අම්මා ලගට ආවෙ ඇයි දන්නවද…අම්මට විශේශ ආරංචියක් කියන්න…”

‘මොකක්ද බං…”

තරුණ් කදුලු පිහිදගත්තා…

“අම්මා…”

තරුණ් බිම ඇණතියාගත්තා.. ඊලගට.. අම්මගෙ පින්තූරය අතගෑවා.

“අම්මා… දන්නවද… ඔයාගෙ පුතාට..දැන් ජීවත්වෙනවා කියලා දැනෙනවා අම්මා.. ඔව්… ඔයා හිතන්වා හරි.. කලකිරිලා තිබුනු මේ ජීවිතේට.. අලුත් පණක් ලැබුනා අම්මා.. ඔව් අම්මා.. එයා මගෙ ජීවිතේට ඇවිත් අම්මා.. එයා ඇවිත්..”

තරුණ් කියවන මේ අපබ්‍රංශ තේරුම් ගන්න බැරුව හේශ් කල්පනා කලා..

“ඔයාට ගැලපෙන.. ඔයා ආසම කරන විදියෙ කෙනෙක් මගෙ ජීවිතේට ඇවිත් අම්මා.. එයා ඔයා වගේමයි.. ඒ ගතිගුන.. ඒ විදියටම තියෙනවා අම්මා..”

තරුණ් මේ කියන්නෙ කෙල්ලෙක් ගැන කියලා දැන් නම් හේශ්ට තේරුනා..

“ඉක්මනටම.. මම එයාට මගෙ හිතේ තියන දේ කියනවා අම්මා… ඔව්.. ඉක්මනටම.. මම දන්නවා . එයත් මට කැමතිවෙනවා අනිවාරෙන්..”

කොල්ලා තවමත් පින්තූරය අතගගා කියවනවා..

“අම්මා.. සතුටුයි නේද… මම සතුටින් අම්මා.. ආයෙ අඩන්නෙ නෑ.. එයා මාව හැමදාම හිනස්සවලා තියනවා අම්මා.. මම එයාට මගෙ හිතේ තියන දේ කියපු ගමන්ම.. ඔයාට ඇවිත් කියන්නම් අම්මා..
මම දැන් යන්නම්…
ම්ම්..
පාලුයිද මම ගියාම..
හ්ම්ම්..මටත්..පාලුයි ගොඩක්..
ඒත්..මොනවා කරන්නද…
යන්න වෙනවනෙ..
ආයෙ ඉක්මනටම එන්නම්..සුභ ආරංචියක් අරගෙන..ම්ම්..
ගිහින් එන්නම් අම්මා..
බුදුසරණයි ..

කොල්ලා අත් දෙක එකතු කලා..

දසමාසේ උරේකත්වා……

ගාථාව කියලා අම්මට වැදලා කොල්ලා නැගිට්ටා..

හේශුත් අත් එකතුකරලා දනගහලා ස්මාරකයට වැන්දා..

තරුණ් යන්න හැරුනා..

**අම්මා.. මේ මගේ හොදම යාලුවා.. එයාව තනිකරන්නෙ නෑ මම..
පුලුවන් තරම් කල්.. එයා එක්කම ඉන්නවා..
පොරොන්දුවෙනවා මම..**

හේශ් පින්තූරයේ තිබුනු රුව දිහා බලන් සිතින් කිව්වා.

“එන්න..”..

ටිකක් ඈතින් තරුන් කතාකරනවා ඇහිලා.. හේශ් දුවගෙන වගේ කොල්ලා ලගට ගියා.. කනත්තෙන් එලියට යනකම්ම.. දෙන්නම කතා කලෙ නෑ..

එයාල ආයෙත් හරවගෙන ගියෙ ගෙදරට..

තරුණ් කෙලින්ම කාමරයට ගිය නිසා හේශ්ට හිතුනෙ එහෙමම ගෙදර යන්න.. මොකද.. කොල්ලගෙ හිත මේ වෙලාවෙ දුකින් තියෙන නිසා..
බයික් එකට නැගලා හෙල්මට් එක දාගන්න ඔලුව උඩට හරවනකොට හේශ් දැක්කෙ බැල්කනි එකේ ඉදන් ඔරවගෙන ඉන්න තරුණ්ව..

“මචං..මම ගිහින් එ…”

ඉතුරු ටික සම්පූර්ණ කරන්න කලින්.. තරුන් ඇතුලට ගියා…

කොල්ලා ඉන්නෙ තරහින්.. ඒ ඇයි කියලා හේශ්ට හිතාගන්න බෑ..

ඕන එකක් වෙච්චාවෙ කියලා හේශ් යන්න ගියා..

බයික් එක යන සද්දෙ ඇහුනු තරුණ් නැගිටලා ගිහින් වේගෙන් දොර වැහුවෙ කෑගහන ගමන්ම.

“අර්ර්ර්ර්….”

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

විරුන් සතියකට විතර පස්සෙ එයාගෙ කෙල්ලව හම්බෙන්න යන්නෙ අද.. ඒකත්, කෙල්ලට නොකියාම..

#රොශෙල් කියන්නෙ විරුන්ගෙ පෙම්වතිය.. ඇය වෘත්තීයෙන් විරුන් වගේම වෛද්‍යවරියක්..

රොශෙල් නැවතිලා ඉන්නෙ අපාට්මන්ට් එකක.. කෙල්ල ඉන්නෙ තනියම .ඉතින් විරුන් ලගත් කෙල්ලගෙ අපාට්මන්ට් එකේ එක්ස්ට්‍රා කී එකක් තිබුනා..

අද රොශෙල්ගෙ නිවාඩු දවස…
විරුන් කෙල්ල ආසම කරන චොක්ලට් ඉක්ලෙයාස් ටිකකුත් අරන් කෙල්ලව බලන්න ගියා..

දොරත් හොරෙන්ම ඇරගෙන සද්ද නොකරම ඇතුලට ගියෙ.. කෙල්ල මේ වෙලාවෙ නිදාගෙන ඉන්නෙ කියලා දන්න නිසා..

හොරෙන් හොරෙන් අඩිය තියලා ගිහින් රූම් එකට එබිලා බලපු විරුන් දැක්කෙ..
පස්සත් උඩ දාගෙන නිදාගෙන ඉන්න කෙල්ලව.

කෙලින්ම කිචන් එකට ගිහින් කෙට්ල් එකත් ගහලම කොල්ලා ආවෙ ශර්ට් එකත් ගලවන ගමන්..

මෙඩිකල් කොලේජ් එකේදි ඇතිවුනු මේ අෆෙයා එකට දැන් අවුරුදු 10ක්..

ගෙවල් වලින් අනුමැතිය ලැබිලා තිබුනු නිසා..මෙයාලට කාගෙන්වත් බලපෑමක් වුනේ නැ..

හැබැයි ඉතින් මේ දෙන්නට මැරිකරනකම් තමන්ගෙ සීමාවල ඉන්න නම් බැරිවුනා.. ඉතින්. ගොඩක් වෙලාවට.. මේදෙන්නා ඉන්නෙ එකට…

කෙල්ල ගාවට හෙමින් ගියපු විරුන් මුලින්ම දැක්කෙ ඒ හීනි දිගු ඇස් දෙක.. ඒවා පියවිලා..
රෝස දෙතොල් මදහසකින් නැහැවිලා..

කම්මුල වසාගෙන වැටිලා තිබුනු කොණ්ඩ කැරැල්ලා කන පිටුපස රදවපු විරුන් හෙමීට පහත්වෙලා කෙල්ලගෙ කම්මුලක් සිම්බා..

ගැස්සිලා වගේ ඇහැරුනු රොශෙල්ගෙ ඇස් ලොකුවෙන්න ගියෙ තත්පරයකට අඩු කාලයක්..

“විරූ…”

කෙල්ල අත් දෙක දික්කලා..

“මැණික….”

විරුනුත් කෙල්ලව බදාගෙනම ඇදේ වැතිරුනා..

“හොරා වගේ ඇවිත් නේහ් .”

“හ්ම්ම්ම්.. එහෙම එන එකෙත් පොඩි කික් එකක් තියෙනවා.”

“හහ්..ඒ මොකක්ද ඒ..”

“ඇයි ඉතින්. මේකි පූසි වගේ පස්සත් උඩදාන් නිදාගෙන ඉන්න විදිය බලන්න පුලුවන්නෙ…”

කෙල්ලගෙ කම්මුලක් හප හප කොල්ලා කියද්දි කෙල්ල ඇඹරුනෙ කිති නිසා..

“අහ්..ලැජ්ජනෑනෙ මේ දොස්තර මහත්තයට..ගෑනු නිදාගෙන ඉන්න හැටි බලන්න එන්නෙ..”

“යකෝ.. ඒක හරි වැඩක්නෙ.. මේ ඉන්නෙ මගෙ ගෑනි..මම බලන්නෙ ඒකි දිහා..”

තරහින් මූණ රතු කරන් කොල්ලා කියද්දි..කෙල්ලට හිනහයි..

එහෙමම ඒ ඔරවන් ඉන්න මූන පුරාම තොල් තවරපු කෙල්ල කොල්ලගෙ දෙතොලට බරවුනා..

“ඔව්වා නංගි නරක වැඩ ආ… මාව අවුස්සගන්නද ඕන..?”

“හ්ම්ම්ම්..”

“අහ්..ඒකත් එහෙමද…ඉන්නවකො එහෙනම්..”

කොල්ලා කෙල්ලව යටකරගෙන හාන්සිවෙලා ඒ වතට බරවුනා..

“අප්පේ..අද මේකිගෙ ලස්සන.. නාලද මංදා.. සුවදයි..”

“හ්ම්ම් ..නෑවා නෑවා..”

“ඒකනෙ..ඉතින්.. මොනාද ඕන..?”

“ම්ම්.. වන් අවර් මැච් එකක්..”

නියපොත්තකුත් හප හප ඇහැක් පුංචි කරලා කියද්දි..කොල්ලට කෙල්ලව කන්න හිතුනා..

“ශික්..මේකි වල්වෙලා..”

“ඉතින්..ඔයා ලගදි විතරනෙ..ඔයා මගෙ මහත්තයානෙ..”

මූණ ඇඹුල් කරන් කෙල්ල කියද්දි…

කෙල්ලගෙ නලලින් පටන්ගෙන ඇරඹුනු හාදු වැස්සක් අවසන් වුනෙ ආදරණීය අනුරාගික හෝරාවක් ගතකරලා..

දහඩියෙන් තෙත්වුනෙ කෙල්ලව උස්සලා අරන් බාත්රූම් එකට ගිය විරුන් කෙල්ලත් එක්කම ශවර් එක යටට ගියා..

තවත් අඩහෝරාවක් පමන නාගෙන දෙන්නම එලියට ආවෙ සීතලේ ගැහිගැහි..

ඉක්මනින් ඇදුම් මාරු කරගෙන විරුන් කිචන් එකට ගියෙ දෙන්නටම කෝපි හදන් එන්න හිතාගෙන..

කොල්ලා කෝපි එක හදන අතරතුරේ රොශෙලුත් කුස්සියට ආවෙ ශෝට් එකකට ස්කිනි එකක් ඇදගෙන..

“උඹ මාව ආයෙ අවුස්සගන්න හදන්නෙ මැණිකෙ..”

කෙල්ල දිහා බලලා විරුන් කියද්දි.. කෙල්ල ඇවිත් කොල්ලගෙ පිටට මූණ තියාගත්තා..

“මොකෝ මේ..”

“ආදරෙයි..”

‘දන්නවා බං…ආ..මේ කෝපි එක බොන්න..”

කෙල්ලව හරවලා ඉදිරියට අරන්..ඉනෙන් අල්ලලා උස්සලා පැන්ට්‍රි එක උඩින් තියලා කෙල්ලගෙ අතට කොල්ලා දුන්නෙ ඉක්ලෙයා එකක්..

“අහ්… මේවත් ගෙනාවද..?”

“හ්ම්ම්ම්..”

කෙල්ල ආසාවෙන් ඉක්ලෙයාස් තුන හතරක්ම කනකම් කොල්ලා බලන් හිටියෙ හරිම ආදරෙන්..

“ඔහොම ස්වීට්ස් කෑවොත් ශුගර් හැදෙයි මැණිකෙ ඉක්මනින්ම..”

කොල්ලා කියන්නෙ කෙල්ලගෙ කට වටේට ගෑවුනු චොක්ලට් දිවෙන් ගන්න ගමන්ම..

කෙල්ල දත් තිස්දෙකම දාලා හිනාවුනා..

“මගෙ පෙරේති.. මෙයාට නම දාන්න තිබුනෙ රොශෙල් නෙමි ඉක්ලෙයා කියලා😂😂

“යනවා යන්න..”

කෝපි එක අතට අරන් උගුර උගුර දෙන්නා මාරු කරකර බිව්වා..

“හෙට සර්ජරි එකක් තියෙනවා විරූ..ටිකක් බයයි වගේ..”

“ඇයි බය?”

“මාස 6ක චූටි පැටියෙක්ට කරන්න තියෙන්නෙ විරූ..”

“අනේ..”

“හ්ම්ම්.. හිතට බයයි..”

“මැණික.. කෝ එන්නකො..”

මග් එක හෝදලා එල්ලලා කොල්ලා කෙල්ලව වඩාගත්තා..

බැල්කනි එකේ පුටුවෙන් වාඩිවෙලා කෙල්ලවත් උකුලට ගත්තා..

“පේශන්ලා අපිව ගොඩාක් විශ්වාස කරනවා මැණික.. එයාලට අපිව පේන්නෙ දෙවිවරු වගේ.. ඉතින්.. දෙවියන්ට කරන්න බැරි දෙයක් නෑනේද..?
ඔයාට පුලුවන්.. ඒ ගැන සැකයක් තියාගන්න එපා..
මොකද.. ඔයා තමයි ලංකාවෙ අමාරුම ඔපරේශන් එක කරපු පලවෙනියා..ම්ම්.. ඒනිසා හිතට හයිය ගන්න.. ඔයත් එක්ක මම ඉන්නවා..
අපි ඒ පැංචාව බේරගමු.. ම්ම්.. “

“තෑන්ක්ස් විරූ.. “

කෙල්ල විරුන්ගෙ කම්මුලක් සිඹලා කිව්වෙ කොල්ලා ගැන ඇතිවුනු මහා ගෞරවයකින්…..

මතුසම්බන්ධයි❤️

*************එශ්**************

කතාව ටිකක් පැටලිලා වගේද..
තව කොටස් කීපයක් යනකම් ඔය අවුල තියේවි..
ඉවසීමෙන් කියවමුනේ..
ටිකක්වෙනස් මේ කතාව.

මේක බෝරින් වගේද?
කලින් කතාවට තරම් ප්‍රතිචාරත් නෑ වගේ..
හරි නැත්තම් කියන්න..
මම මහන්සියෙන් ලියන එකේ තේරුමක් නෑනෙ..
චූටි වරදක් වෙලා..විරුන්ගෙ ගර්ල්ගෙ නම පැටලිලා ..ඔන්න ඒකහැදුවා.. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *