#YOU_ARE_MY_DESTINY 06

🌹❤️ 06 කොටස ❤️🌹

“මාතියා… චූටි මාතියා….”

හේශ්ට දැනුනෙ කවුරුහරි එයාට කතාකරනවා වගේ… යාන්තම් ඇස් දෙක ඇරලා බලද්දියි දැක්කෙ.. ඇද අසල හිටගෙන ඉන්න ඉන්දි ව…

ඇස් පුපුරුගහන්න වගේ.. ඔලුව ඉවසගන්න බැරිතරම් කැක්කුමයි..
හේශ් එහෙමම ඉන්දි දිහා බලන් හිටියා..

“අනේ..මාතියා නැගිට්ටද… මේ දෙයි එක..බීලා ඉන්න මාතියා..”

ඉන්දි දෙහි වීදුරුවක් ඇද අසල තිබුනු ස්ටුල් එක උඩින් තිබ්බා..

**ඉන්දි…. 😲😲? ඒ කියන්නෙ මම දැන් ඉන්නෙ තරුණ්ගෙ ගෙදරද?**

හේශ්ගෙ ඇස් ලොකු උනා.. එයා එහෙමම ඇදේ ඉදගත්තා..

“ඉන්දි..මම කොහොමද මෙහෙ ආවෙ..?”

තවමත් තමන් දිහා බලන් ඉන්න ඉන්දිගෙන් හේශ් ඇහුවෙ පුදුමයෙන්..

“අපේ චූටි මාතියා තමා ඊයෙ එක්කගෙන ආවා.. උස්සගෙන තමා ආවා.. මාතියා ඔදටම බීලා තමා හිටියා…”

**ඒ කියන්නෙ..තරුන් ඊයෙ පාටි එකට ඇවිත්ද…😲😊😊😊**

හේශ්ට පුදුමයි… ඒ වගේම සතුටුයි.. ඒත්…😲

**අහ්…මම බීලා නේද හිටියෙ.. එතකොට එයා..ඕ…ශිට්.. මල පැනලා ඉන්න ඇත්තෙ… අද ඉවරයි හේශයෝ…උඹ අද ඉවරයි..😔😔.**

සතුටත් එක්කම හේශ්ගෙ හිතට ආවෙ ලොකු බයක්..😨😨
මොකද.. හේශ්.. තමන්ගෙ අයියලාට තරමටම තරුණ්ට ආදරෙයි වගේම… ඒ තරමටම එයාට බයයි…
ඇයි ඉතින් බනිද්දි..යකා වගේනෙ..👹👹👹👹👹👹👹👹

“ඉන්දි.. කෝ දැන් තරුණ්..”

“උදේම කොහෙද ගියා මාතියා.. ඒවි දැන් සමාරවිට..”

“හ්ම්ම්..ඔයා යන්න ඉන්දි..”

“කාමරෙන් එලියට යන්න දෙන්න එපා කීවා මාතියාට.. ගෙදර යන්න දෙන්නත් එපා කීවා…”

“ඒකත් එහෙමද… හරි..මම එයා එනකම් ඉන්නම්..”

“මාතියාට දවල් කෑම කාමරේට ගෙනත් දෙන්නම් මම..”

“දවල් කෑම..?”

“ඔව් මාතියා.. දැන් 2ත් පවුවෙලා..”

“දෙයියනේ..මට එච්චර වෙලා නින්දගියාද…ඔහ්…”

“මම යන්නම් මාතියා..”

“හ්ම්ම්..”

ඉන්දි ගියෙ කාමරේ දොරත් වහගෙන..

හේශ් ඔලුවත් කස කස කල්පනා කලෙ තරුණ්ට දැන් මූණ දෙන්නෙ කොහොමද කියලා..

ඒත් එක්කම එයා දැක්කෙ තමන් ඇදන් ඉන්නෙ ඊයෙ ඇදන් හිටපු ඇදුම් නෙමි නේද කියලා..

“අහ්…මගෙ ඇදුම්… කවුද මේවා මාරුකලෙ…ඉන්දි මාරු කරලත් නෑ වගේ ..එතකොට…ඔහ්..එතකොට..තරුණ්… දෙයියනේ…😱😱😱

හේශ් අත් දෙකින්ම ඔලුව අල්ලගත්තා ..

කල්පනා කරකර ඉදලා.. දෙහි එකත් බීලා එහෙමම බාත්රූම් එකට ගියෙ නාගෙන එන්න හිතාගෙන…

නාගෙන ඇවිත් තරුණ් අල්මාරිය ඇරියෙ ඇදුමක් ගන්න හිතාගෙන..

ඒක ඇරියා විතරයි..හේශ්ගෙ ඇස් දෙක ලොකු වුනා..

අල්මාරිය හරිම පිලිවෙලයි..
ටීශර්ට්ස්..ශර්ට්ස්..ට්‍රවුසර්ස් .. ශෝර්ට්ස්…සේරම වෙන වෙනම අහුරලා.. මාරම ලස්සනයි.. කොල්ලෙක්ගෙ අල්මාරියක් කියලා හිතන්නත් අමාරුයි..

ඒත් එක්කම හේශ් කල්පනා කලෙ එයාගෙ අල්මාරිය ගැන.. ඒක තනිකරම මීතොටමුල්ලෙ කුණු කන්ද වගේ..
ඇරපු ගමන් නාය යනවා.. සමහරවෙලාවට ඒකට යටවෙලා ගොඩවෙලාවක් එලියට එන්න බැරුව දගලන්වා…

ඒක මතක්වෙනකොට හේශ්ට තනියම හිනා..
හේශ් අල්මාරියෙන් බොටම් එකකුයි ටීශර්ට් එකකුයි අරන් ඇදගත්තා..

ටීශර්ට් එකටනම් තව කෙනෙක් බස්සන්න පුලුවන්..ඒතරම් ලොකුයි..
උරහිස් දෙකෙන් අල්ලලා උඩට කරගෙ හේශ් ඔලුව යන්තම් අතින් ගසාගත්තා.. ටවල් එක රැක් එකෙන් වනලා හැරෙනකොටම වගේ.. තරුණ් දොර ඇරන් කාමරේට ආවා..

හේශ්ව දැක්කා විතරයි අලුවෙලා යන තරම් නපුරු බැල්මක් දාපු තරුණ් ටවල් එකත් අරන් එහෙමම බාත්රූම් එකට රිංගගත්තෙ හරියට හේශ්ව මගාරින්න ඕන කමට වගේ..

ඇදෙන් වාඩිවුනු හේශ් කොල්ලා එනකම් මගබලන් හිටියෙ හිතේ දෙගිඩියාවත් එක්කම..

පැය බාගෙකට විතර පස්සෙ තරුණ් ඇවිත් ආයෙත් ඇදුමක් අරන් බාත්රූම් එකට ගියා.
ඇදුමත් ඇදන් එලියට ආපු තරුන් කාමරෙන් එලියට යන්නයි හැදුවෙ..

“අයියෙ…”

හේශ් කියද්දි..තරුණ් උන් තැනම එහෙමම නැවතුනා..
ඒත් හේශ් දිහා බැලුවෙ නෑ..පිටුපාලයි හිටියෙ..

“අයියෙ… කතාකරන්න ඕන..”

“විනාඩි පහකින් පහලට එන්න..ගෙදරට ගිහින් දාන්නම්..”

ආවේගෙන් එහෙම කියලා තරුණ් ආයෙත් පහලට යන්නයි හැදුවෙ..

ඒත් එක්කම හේශ් දුවලා ගිහින් කොල්ලගෙ අතේ එල්ලුනා..

“මට ඔහොම කරන්න එපා බං.. විස්තරේ කියන්න එක චාන්ස් එකක් දීපන්..ප්ලීස්…”

“චාන්ස්…හහ්..හහ්..හහ…😂😂 “

නෝන්ඩියට වගේ හිනාවෙලා තරුණ් කියද්දි.. හේශ්ට දැනුනෙ පුදුමාකාර දුකක්.

“අයියෙ..ප්ලීස්.. උඹ දවසකට හරි මම උඹේ කෙනෙක් කියලා හිතුවනම්.. මට කියන්න දීපන්..”

“දවසකටහරි.. 😂😂😂 දවසකටවත් නෑ.. එක දවසකටවත්.. මම උඹව මගේ කෙනෙක් කියලා හිතුවෙ නෑ.. උඹ මගේ කෙනෙක් උනානම්.. ඔහොම දේවල් කරන්නෙත් නෑ…”

“මගෙ වරදක් නෑ බං අයියෙ…”

“ඔව්..ඔව්..උඹ බබා..උඹේ වරදක් නෑ… රවීනයා තමා බලෙන් පොවලා තියෙන්නෙ.. තෝත් පො@#$ක් වගේ බිව්වා… “

“තරුණ්….😠

තරුණ්, හේශ්ගෙ බාහුවලින් තදකරලා අල්ලගත්තා..

“ඇයි…සද්දෙන් කතාකලාම මම බයවෙන්න ඕනද..
ආ..කියපන්…
අවුරුදු ගානක්…අවුරුදු ගානක්..මම උඹව රැකගෙන හිටියා…
උඹ… උඹව ඇමරිකා වලදි මට හම්බුනු දා ඉදලා..
එදා ඉදලා.. උඹ උඹ මගේ ඇගේම කොටසක් උනා.. මගෙ නංගිටවත් මම ඒ තරම් ආදරේ කලෙ නෑ.. ඒත් .. ඒත් උඹට…..😢😢ශිට්…”

හේශ්ගෙ බාහු වලින් අත් මුදවලා තරුණ් කොණ්ඩෙ අතින් ඇදඇදම ඇදෙන් වාඩිවුනා…

හේශ් එහෙමම තරුණ් ලගට ඇවිත් බිමින් වාඩිවුනා..

ඒ ඇස් වල කදුලු.. හේශ්ගෙ පපුව කැක්කුමකින් පිරිලා ගියා..

“උඹ මට මගෙ පණ වගේ හේශ්… ඇයි ඔය වගේ රිස්ක් එකක් ගත්තෙ.. උඹට කරදරයක් උනානම් එහෙම..😢

“මට සමාවෙයන් අයියෙ…”

“සමාව දෙන්න පුලුවන් දෙයක්ද උඹ මේ කලෙ කියපන්.. ආ… උඹ දන්නවද..උඹත් එක්ක අවුලෙන් හිටපු නිසා මම පාටි එක මිස්කලෙ..
ඒත්.. මගෙ හිතට හරිගියෙ නෑ උඹ තනියම එහෙ ගිය නිසා.. ඒනිසයි ඉදලා ඉදලා බැරිමතැන උඹව හොයාගෙන ගියෙ…මම එහෙ යද්දි… උඹව රූම් එකකට අරන් ගිහින් .. උඹෙ ඇගේ වොඩ්කා හැලිලා කියලා8 රවීන් උඹෙ ඇදුම් ගලව ගලව හිටියෙ…”

“මොකක්..😲😲😲?”

“ඔව් යකෝ..ඌ උඹෙ ටීශර්ට් එකත් ගලවනවා මම ඒ වෙලාවෙ එතනට නොගියානම්…”

“අනේ…😭😭😭😭

‘ඇයි රත්තරං ඔහොම අවදානමක් ගත්තෙ…?”

තරුන් වේදනාවෙන් අහද්දි.. හේශ් කලබල උනා..

“ත්..තරුණ්….”

ඒත් එක්කම..තරුණ් එයාගෙ මූණ වෙනස් කරගෙන තරහක් ආරෝපණය කරගත්තා..

“මම උඹ එක්ක තරහා නෑ… ප්ලීස්.. අද ඉදලාවත්… සැලකිල්ලෙන් වැඩ කරපන්…”

“තරුණ්… මට සමාවෙන්න අයියෙ… ප්ලීස්… මට නොබීම බැරිවුනා..ඒත්…ආයෙ කවමදාවත්…බියර් එකක්වත් බොන්නෙ නෑ.ප්‍රොමිස්.. අපේ…යාලුකම පල්ලා.. මේ…සහෝදරත්වය පල්ලා…”

“හ්ම්ම්..”

“මාව එක්කගෙන ආවෙ කොහොමද.?”

“උස්සගෙන තමයි ඉතින්..හම්මෝ..මට එලිවෙනකම් කොන්දෙ කැක්කුම.. වෙලාවට කවුරුත් දැක්කෙ නෑ.. නැත්තම් ඉතින් කෙල්ලෙක්ව අරන් එනවා වගේ හරහට වඩන් එද්දි..මිනිස්සු මම් ගැන මොනවා හිතාවිද..”

“අනේ…මේ….😞 ම්..මේ…ක්..කවුද..එතකොට මගෙ ..ඇදුම් මාරු කලේ ..?”

හේශ් බිම බලන් අපහසුවෙන් අහද්දි..තරුණ්ට හිනහත් ගියා..

“මම…ඇයි…?”

“ඔ..ඔයා..?”😲😲

“ඇයි.. උඹ ලග අපිට බලන්න බැරි මොනවාහරි තියෙනවද… මම නම් එහෙම මුකුත් දැක්කෙ නෑ හැබැයි…”

තරුණ් කියද්දි..ආයෙත් හේශ්ගෙ ඇස් ලොකු උනා..

“එක්කො.. 🤔🤔 උඹ අරම කෙනෙක්ද .ඈ බං.. සමනලයෙක්ද …? කලුවරේ නිසා…මම දැක්කෙ නෑ මුකුත්ම හැබැයි…”

තරුණ් හිනාවෙලා ඇහැක් ගහලා කියද්දි… හේශ්ට වස ලැජ්ජාව..

“පලයන් යකෝ මගෙන් මුකුත් නාහා.. මම එහෙම එකෙක් නෙමි..”

“අහ්..එහෙනම් කමක්නෑ…”

තරුණ් යන්න ඇදෙන් නැගිට්ටා.. ඒත් එක්කම හේශුත් නැගිට්ටා.

“තරුණ්.. මේ.. උඹ ඇයි මාත් එක්ක අවුලෙන් හිටියෙ එදා..?”

හේශ් අහද්දි..තරුණ්ගෙ ඇස් කලබල වුනා..

“ම්ම්..දැන් ඒක ඉවරයිනෙ..වරෙන් කන්න යන්න..”

තරුණ් ආයෙත් යන්න හදද්දි..හේශ් තරුන්ගෙ අතින් අල්ලගත්තෙ තරහින්..

“උඹට ඒකට හේතුව කියන්නම් වෙනවා.. මම දැනුවත්වනම්..එදා මගෙන් වරදක් උනෙ නෑ උබට..ඒත්..ගෙදර ආවා විතරයි..උඹට මල පැනලා..කියපන්..මොකක්ද මගෙ අතින් උනු වරද..?”

තරුණ් බැලුවෙ හේශ්ගෙ ඇස් දිහා ..

“මට ඕනමකරන වෙලාවෙ උඹ මාත් එක්ක හිටියෙ නැතිනිසයි..මට තරහා ගියෙ..”

“ඒ කිව්වෙ…”

“එදා මම ආවෙ කියාගන්නත් බැරි තරම් දුකකින්..ඒත් උඹ.. ආපු ගමන්ම ආපහු යන්න හැදුවා..මම හිතුවෙ උඹ මගෙ හිත හදයි කියලා.ඒත්…එහෙම උනේ නෑ… ඒකයි මට තරහා ගියෙ..’

“ඔහ්..මම එහෙම එකක් හිතුවෙවත් නෑ බං..උඹ දුකින් ඉන්න නිසා…ටිකක් තනියම ඉන්න දෙන්න ඕන නිසයි මම ගෙදර ගියෙ… ඒත්…
සොරි මචං.. ආයෙ එහෙම වෙන්නෙ නෑ..”

“හ්ම්ම්..ඉට්ස් ඕකේ…අමතක කරපන් ඒක…”

“ඒත්..මගෙ හිතට අවුල් බං”

“දැන් ඒක ඉවරනෙ.. කෝ..වරෙන් යන්න.. පට්ට බඩගිනියි.. ඊයෙ ඉදලා බත් ඇටයක් නෑ බඩේ..”

“ඊයෙ ඉදලා..?😲

“ඔව්…වරෙන් යන්න..”

තරුණ් එලියට ගියා..

** එතකොට..තරුණ් ඊයෙ ඉදලම කාලා නැද්ද..?ශිට්..ඇයි මූ මෙහෙම කරන්නෙ…?**

හේශ් සාක්කු දෙකට අත් දෙකත් දාගෙනම එලියට ගියා..ඒ යද්දී.. තෙරුණි ඉන්නවා කෑම මේසෙ ලග..

“ආ..චුයිංගම් .. “

හේශ් හිනාවෙලා තෙරුණිට කතාකරද්දි.. තෙරුනි හේශ් දිහා බැලුවෙ අමුතු විදියට. ඒත් එක්කම වගේ..මුහුනෙ හැගීම් වෙනස් කරගෙන.. ආයෙත් හේශ් දිහා බැලුවෙ හිනාවෙලා.

“අපෝ…දැන්ද නැගිට්ටෙ…?”

“ඔව් අනේ….නින්දගියානෙ..”

‘ඔව් ඉතින්..කනමදයා වගේ බීගෙන ආවම නින්ද නොයා තියෙයිද..”

තෙරුණි කියද්දි හේශ්ට පුදුමයි..මෙච්චර දවසක්..මේ ගෙදරට ඇවිල්ලා ගියත්..කෙල්ල තමන් එක්ක මේ විදියට කුලුපග වුනේ නැහැ.. ඒත් අද.. කටර් එක වගේ කියවනවා..

“අම්මෝ..මෙයාගෙ කටට පණ ඇවිල්ලා..”

හේශ් හිනාවෙලා කිව්වෙ කෑම මේසෙන් වාඩිවෙන ගමන්.

“කෝ අයියා..?”

“ඒවි ඒවි…ඔයා බෙදාගන්නවද..මම බෙදලා දෙන්නද..?”

“මම බෙදාගන්නම් නංගි..”

හේශ් බත් බෙදාගත්තා.. ටික වෙලාවකින් තරුණ් ආවෙ ප්ලේට් එකක් අතේ තියාගෙනම..

‘ආ..”

“ඔම්ලට්..ශහ්..මරු…”

හේශ් ඔම්ලට් එක ගත්තෙ පෙරේතකමෙන්.. කොහොමත් හේශ්ට බත් කද්දි ඔම්ලට් එකක් ඕනමයි..

තුන්දෙනත් එක්ක බත් කෑවෙ එකඑක ඒවා කතාකරකරම..

හවස්වෙලා හේශ් ගෙදර ගියෙ විරුන් කෝල් කරලා එන්න කියපු නිසා..නැත්තම් ගෙදර යන්න වගක්වත් තිබුනෙ නෑ..

හැමදාම වගේ හොරපූස් ලුක් එක ආරූඩ කරගෙන හේශ් ගේ ඇතුලට ගියෙ කොයිවෙලේහරි වාග් ප්‍රහාර එල්ලවෙනවා කියලා දන්න නිසා.

සාලෙ හරහා හෙමි හෙමින් යන්න හදද්දි..සෝෆා එකේ ඉන්න රුව දැක්කම.. හේශ්ගෙ ඇස් ලොකුවුනා..

“අහ්…ත්..තාත්තා…?”😨😨

ඇස් වලට කදුලු පිරිනෙ තත්පරෙන් දෙකෙන්..

අවුරුදු 8කට පස්සෙ.. හේශ්ගෙ තාත්තා මේ ගෙදර ආවෙ..

හේශ් හෙමි හෙමින් තාත්තාලගට ගියා..

සෝෆා එකේ වාඩිවෙලා හිටපු ලයනල් නැගිට්ටෙ..තමන් දෙසට එන හේශ්ට අත්දෙක දිගුකරන ගමන්..

“මගෙ චූටි පැටියා…😢😢

“තාත්තී…”

හේශ් දුවලා ගිහින් ලයනල්ට තුරුලුවුනා..

“මගෙ දරුවා ගොඩක් ලොකු වෙලානෙ..මට අදුනගන්නත් බැරිවුනා එකපාරටම..”

හේශ්ගෙ ඔලුව අතගගා ලයනල් කියද්දි.. ඇස් වලින් ඔහේ කදුලු ගලාගෙන යන්න දීලා හේශ් බලාගෙන හිටියා..

“තාත්ති.. අදද ආවෙ..?”

“ම්ම්..නෑ පැටියා.. ඊයෙ රෑ..”

“අහ්..එතකොට..තරුණ්ගෙ තාත්තිත් ආවද?”

“හ්ම්ම්..”

“ඒත් එයා ගෙදර ආවෙ නෑනෙ..”

“එයා ඊයෙම එයාගෙ අපාට්මන්ට් එකට ගියා පුතා.. අද මිනිස්ටර් එක්ක කොන්ෆරන්ස් එකකුත් තියෙනවනෙ..”

“එහෙමද…හ්ම්ම්.. “

“මමත් මේ දැන් යන්න හදන්නෙ..”

“අනේ…”

“මේක මගෙ රස්සාවනෙ දරුවො..”

“පරිස්සමෙන් යන්න තාත්තා..”

හේශ් ලයනල්ව ඉඹලා ඇතුලට යන්නයි හැදුවෙ..

“පුතා..”

හේශ් හැරිලා බැලුවා..

“හෙට ඩිනර් එකට අපි කොහෙහරි යමු .ම්ම්.රෙඩිවෙලා ඉන්න..”

“අහ්..තෑන්ක්ස් තාත්තා.. ලව් යූ..”

ආපහු හැරිලා ආපු හේශ් ලයනල්ව බදාගත්තෙ හරීම ආදරෙන්..

හරියටම වසර 8කට පස්සෙයි ලයනල් මේ ගෙදර ආවෙ.
ඒක ගැන හේශ්ගෙ හිතේ තිබුනෙ ලොකූ සතුටක්…

හේශ් ඉපදුනෙ ලංකාවෙ.. ඒත්..හේශ්ට වයස අවුරුදු 2 වෙන්නත් කලින්ම මුලු පවුල පිටින්ම ඇමරිකා වලට ගියෙ…ලයනල්ට ලැබුනු මේ රැකියාවත් එක්ක..

ඇමරිකාවෙ ශ්‍රීලංකානු තානාපතියෙ ලේකම් හැටියට රැකියාව ලැබිලා අදට වසර 19ක්..

ඉතා අවංකව සේවයකල නිසා… තානාපතිලා වෙනස් උනත්.. ලයනල්ගෙ රැකියාව එහෙමම රැදිලා තිබුනා..

අන්තිමට.. තරුණ්ගෙ පියා ෆෙඩ්‍රික් මුරුමුදලිටයි තානාපති තනතුර ලැබුනෙ.

හේශ්ට වයස අවුරුදු 2 ඉදලා.. අවුරුදු 19 වෙනකම්ම හිටියෙ ඇමරිකා වල..

එක්සෑම් කරන අතරතුරේම ඩිග්‍රි එකත් කම්ප්ලීට් කරගත්තු හේශ් ලංකාවට එන්නෙ මීට වසරකට කලින්..

ඇමරිකා වල ඉන්න අතරතුරේදි.. ෆෙඩ්‍රික්ට රැකියාව ලැබුනට පස්සෙදි තමයි හේශ්‍ට තරුණ්ව මුණ ගැහෙන්නෙ..
එදාඇරඹුනු ඒ මිත්‍රත්වය ට අදට වසර 10ක්..
අන්න ඒ නිසයි…තරුණ් හේශ්ට මේ තරමටම ආදරේ .. ඒක ඇත්තටම ලොකූ මිත්‍රත්වයක්..
සහෝදර බැදීමකටත් එහා ගිය මිත්‍රත්වයක්…
හේශ්ගෙ හැම දෙයක් ගැනම තරුන් හොයලා බලන්නෙ..අන්න ඒ අයිතිය ඇතිව…

හේශ් ලංකාවට එද්දිම වගෙ තරුණුත් ලංකාවට ආවෙ එයාගෙ ඩිග්‍රි එකත් සම්පූර්ණ කරගෙන.

දිගටම ඇමරිකාවල ජීවත්වෙන්න හිතාගෙන හිටියත්.. නොකියපු ලොකූ හේතුවක් නිසා.. හේශ්වත් අම්මාවත් ලංකාවට එවන්න ලයනල් තීරණය කලා.. ඒනිසා අකමැත්තෙන් උනත් හේශ්ට ලංකාවට එන්න සිද්දවුනා ..
ඒ එද්දි…හේශ්වයි අම්මාවයි තනියම එවන්න බැරි නිසා..හේශ්ගෙ පොඩි අයියා #විරුන් එයාලත් එක්කම ලංකාවට ආවා..
ඔහු වෛද්‍යවරයෙක් නිසා..ඉතාමත් පහසුවෙන් රැකියාව ලබාගන්න පුලුවන් වෙනවා…

ඔන්න ඔය විදියටයි සිද්දවුනෙ..

මේ තරම් කාලයක්..ලයනල් ලංකාවට නොආවෙ.. එයාලගෙ ජීවිත වලට තර්ජනයක් තියෙන නිසා කියලා හේශ්ට තේරිලයි තිබුනෙ..
ලංකාවට හදීසියෙන් කොන්ෆරන්ස් වලට ආවත්.. ලයනල් කවමදාවත් ගෙදරට ආවෙත් නෑ…
කවමදාවත්…අසාධාරණ විදියට සතයක්වත් හම්බ නොකරපු ලයනල් ගැන..හේශ්ගෙ හිතේ නම් පුංචිම සැකයක්වත් තිබුනෙ නෑ..

ඒත්..එයාලට තර්ජන තියෙන්නෙ.. මොනහේතුවක් මතද කියලා..හේශ් දැනගෙන හිටියෙ නෑ..
සමහරවිට මේවා දේශපාලන පලිගැනීම් වෙන්න ඇති කියලයි හේශ් හිතුවෙ..
මොකද අවුරුදු ගානත්…තම පියා අවංක සේවය කල නිසාඑයාගෙ රැකියාව මේතාක් රැදිලා තිබුනු නිසා..

නමුත්…මේ..එකපාරටම තාත්තා ලංකාවට ආපු එක හේශ්ට ගැටලුවක්..

සමහරවිට..අම්මා තාත්තව එක්ක එන්න ඇති කියලා හේශ් හිතුවා…

ඔව්..ඒක උනෙ එහෙම තමයි..ඒ වගේම ..ෆෙඩ්‍රික් ට කොන්ෆරන්ස් වගයක් තිබුනු නිසා කොහොමත් ලංකාවට එන්න වුනා එයාලට..

එහෙම ආවා උනත් ..ආයෙත් ඉක්මනින්ම ලයනල් යන්න යනවා කියලා හේශ් දැනගෙන හිටියා…

මතුසම්බන්ධයි❤️

**************එශ්**************

හොදම යාලුවො දෙන්නෙක්ට එකිනෙකා ගැන හොයලා බලන්න,ආදරේ කරන්න පුලුවන් නේද..?
එහෙම වෙන්න කොල්ලෙක් කෙල්ලෙක්ම වෙන්න ඕන නෑ නේද..?

දැන් කතාව චුට්ටක් තේරෙනවද..?

ඔයාලට කතාව හරිහැටි තේරුම් ගන්න දිගටම කියවන්න වෙනවා..

මම මුලින්ම කිව්වනෙ මේක ටිකක් වෙනස් කතාවක් කියලා..

ඉතින් මේකෙ බොලද ආදරයක් දැම්ම බලාපොරොත්තු වෙන්න එපා..

වෙනසක් කරන්නයි මට ඕන..
හැම කොටසකින්ම කුතුහලයක් තියන්නයි ඕන..
ඒකයි ඔයාලට කතාව තේරෙන්නෙ නෑ කියන්නෙ..

මේක යාලුවො තුන්දෙනෙක් වටා යන කතාවක්..
එහෙම හිතන් කියවන්නකො..

ඉදිරියටරහස් ගොඩක් එලිවෙනවා..
කතාව බෝරින් වගේ නිසා ඉක්මනින් ඉවර කරන්න හිතුවා.

කොටස් 20කින් වගේ..

දිගටම බොලද ආදර කතා ලිව්ව නිසයි වෙනසක් කලෙ..ඒ වෙනස ඔයාලට හරියන්නෙ නෑ වගේ…

කියවන හැමෝටම ආදරෙයි ..❤️

ඔයාලගෙ හැම අදහසක්ම මට වටිනවා..
ස්තූතියි 🌹❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *