#YOU_ARE_MY_DESTINY 07

💛 07 කොටස 💛

තරුණ්ගෙ ගෙදර ඉදලා ආවට පස්සෙ.. කරන්න දෙයක් නැති නිසා…
හේශ් නිදාගන්න ගියා.. හිතුවෙවත් නැති විදියට හේශ්ට පැය ගානක් නින්දගියා…

සැප නින්දක ඉද්දි… කම්මුල් වලට දැනුනු සීතලක් නිසා.. ගැස්සිලා වගේ අවදිවුනු හේශ්…ඇස් පියාගෙනම කම්මුල් ඇල්ලුවා.

ම්ම්හ්.. මුකුත් නෑ කම්මුල්වලනම්..
හේශ් ආයෙත් නිදි..

ටිකවෙලාවකින් ආයෙත් කම්මුලට සීතලක් දැනුනා..

ආයෙත් නින්දෙම්ම අතගාලා බැලුවත් මුකුත්ම අහුවුනෙ නෑ..

හේශ් අනිත්පැත්ත හැරිලා කම්මුලත් යටකරන් ආයෙත් නිදාගත්තෙ හොදටම තරහා ගිහිල්ලා….

ඒත් එක්කම වගේ බෙල්ල හරියෙන් දැනුනු කිතිය නිසා මල පැනපු හේශ් ඉක්මනින් අත දාලා බෙල්ල ලග තිබුනු දෙයින් අල්ලලා ඇදටඇදලා ගත්තා.

“මොන හු@#$% ද..”

(නරක වචන දැම්මාට සමාවන්න..😛😛😛කොහෙද ඉතින් මේ හේශයාගෙ කට හොදනෑනෙ..)

හේශ්ගෙ ඇග උඩට පිටි මුට්ටයක් වගේ බරක් පතබෑවුනෙ හේශ්ගෙන් හඩකුත් පිටවෙන ගමන්..

“ආ…..හ්….අම්ම්බෝ………..”

ඒත් එක්කම ඒ බර ඇග යටට එන විදියට හේශ් උඩ යට මාරුවුනෙ වූශූ වලට පින්සිද්දවෙන්න..

ඇස් දෙකත් ලොකු කරගෙන හේශ් බැලුවෙ මේ මොකක්ද කියලා..
අලියෙක් වත්ද දන්නෙ නෑනෙ..😉😉

නැහ්..😉😉
අලියෙක් නෙමි.

ඇස් හීනි කරගෙන..යටි තොලත් එක පැත්තකින් හපාගෙන කම්මුල් දෙකම වල ගැහෙන විදියට හිනාවීගෙන ඉන්නෙ හේශ්ගෙ නැට්ට… #ඉම්ලි….

“තමුසෙ…”

“හ්ම්ම්ම්..”

තවමත් කෙල්ල ඉන්නෙ හේශ්ගෙ ඇග යට..කෙල්ල හයියෙන් හයියෙන් හුස්ම ගන්නෙ..හේශ්ගෙ ඇගට කෙල්ලගෙ ඇග තදවෙන්නම යටවෙලා තිබුනු නිසා..

“ඔහ්..ශිට්…”

හේශ් නැගිටින්න හදනකොටම ඉම්ලි අත් දෙකම හේශ්ගෙ පිට වටේට දාලා හේශ්ව ඇගට තදකරගත්තා…

“ඒයි.. ඉබ්බි …තමුසෙට පිස්සු හැදිලද..කෝ..අතාරිනවා..මට නැගිටින්න ඕන..කිව්වම අහලා අතාරිනවා…”

“බෑ…”

ඇස් දෙකත් පියාගෙන කෙල්ල කියද්දි…හේශ්ට මලේමල..

“මේ…මම ආයෙ කියන්නෙ නෑ තමුසෙට…අතාරිනවකො….”

ඔන්න එතකොට කෙල්ල ඇස් ඇරියා..

“”හේශ් බබා.. ඔයා ස්වීට් අනේ.. මේ චීක්ස්… සෝස පාටයි.. ශෝයි..මට උම්මා දෙන්නමයි හිතෙන්නෙ ඉතින්..”

හේශ්ගෙ කම්මුල්දෙක අත් දෙකින්ම ඇදලා කෙල්ල කියලා,එහෙමම ඉස්සිලා හේශ්ගෙ කම්මුලක් කිස්කලා..

ඇසුත් ලොකු කරන් ඉම්ලිගෙන් ඈත්වුනු හේශ්…ආයෙත් කෙල්ල දිහා බැලුවෙ භයබිරාන්ත වෙලා..

කෙල්ල නම් ඇදේ හාන්සිවෙලා ඉදගෙනම හිනාවෙනවා..

“මේ..නැගිටලා යනවා කාමරෙන් එලියට..තමුසෙට ලැජ්ජා නැද්ද මෙහෙම අනුන්ගෙ කාමර වලට එන්න..?”😠😠

තරහින් මූණ රතුකරන් හේශ් අහද්දි..ඉම්ලි ඇදෙන් වාඩිවුනා..

“අනුන්ගෙ වෙන්නෙ කොහොමද…ඔයා…. #මගේ_නෙ .”

සින්දුවෙන් තාලෙට කෙල්ල මගේ නේ කිය්ද්දි..හේශ්ට තවත් මල ඉතින්..

“ඇයි…අපෙ අම්මලා ඔයාට මාව ලියලා දුන්නද..?”

“තාම නම් නැ..හැබැයි ඉක්මනින්ම ලියවගන්නවා…”

ඇස් වල ආදරේ පුරවගෙන ඉම්ලි කියද්දි… හේශ් කාමරෙන් එලියට ගියෙ තවත් ඒ පිස්සිත් එක්ක කතාකරලා වැඩක් නැති නිසා..

හේශ් පහලට යනකොට මෙත්තා කිරි තේ හදාගෙන උඩට එන්න හදනවා..

“මෙත්තා…ඇයි අරකිව උඩට එව්වෙ..?”

තරහින් හේශ් අහද්දි…මෙත්තගෙත් ඇස් ගැස්සුනා..

“මම කිව්වා ඔයා නිදි කියලා..කොහෙද…එයාම දුවගෙන ගියානෙ උඩට…”

“හ්ම්ම්..ආයෙ ඒකිව මගෙ කාමරේට එවන්න එපා..ඕකේ…”

‘හා…මේ..කිරි තේ එක බීලා ඉන්න..”

හේශ් මග් එකත් අරන් මිදුලට ගියෙ තවමත් පහ නොවුනු කේන්තියෙන්..

කිරි එක තොලගගා ඉන්නකොටම ඉම්ලිත් හේශ් ලගට ඇවිත් හේශ්ගෙ මග් එක උදුරලා ගත්තා…

“අහ්…මොන මගුලක් කරනවද ඕයි..?”

“ඇයි…?”

හිනාවෙවී එහෙම කියකිය කෙල්ල හේශ්ගෙ මග් එකෙන් කිරි ටිකක් බිව්වෙ රස කරකර..

“ම්ම්… මේ වගේ තේ එකක් මම නම් කවදාවත් බීලා නෑ..”

තොල් දෙකත් සූප්පු කරකර ඉම්ලි කියද්දි…

“මීට කලින් කවදාවත් මම තේ හදලා නෑ……..”

ඉම්ලිලාට පිටුපසෙන් කෙල්ලගෙ වදනට පිලිතුරු දුන්නෙ මෙත්තා…

හේශ්ගෙ කටින් හිනාව පැන්නා…

😆😆😆😆😂😂😂😂😂

ඒත් එක්කම හේශ්ලා ලගට ආපු මෙත්තාට හේශ් පහක් ගැහුවෙ උඩ පැන පැන..

ඉම්ලිට දැන් නම් හොදටම තරහා ගිහිල්ලා..මොකද.. මෙත්තාත් කෙල්ලව විහිලුවට ගත්තනෙ ..

කෙල්ල අතේ තිබුනු මග් එක එහෙමම මෙත්තාට දීලා පුපුර පුපුරම හේශ්ගෙ නිවසින් යන්න ගියා..

“හූ….ඉම්ලී ඉබ්බී…… යනවද… හූ… හූ……”

හේශ් උඩ පැන පැන හිනාවෙනවා…

“පව් අප්පා….”

මෙත්තා කිව්වෙ තරහින් යන කෙල්ලව දැකලා..

“හහ්…මෙන්න මෙයා පව්ලු… ඇයි යකෝ…දැන් මමද ඒකිව නෝන්ඩි කලේ…ආහ්….උයත් මාරයි අප්පා.. තැනේ හැටියට ඇනේ ගහනවානෙ…”

හේශ් මෙත්තාගෙ කරට අතක් දාගෙන කිව්වෙ හිනාවෙවීමයි..

“අපි එහෙම තමයි…”

මෙත්තා කිව්වෙත් හිනාවෙවී..

“මෙත්තා… අම්මා ඇවිත් නැති එක ගැන මට දුකයි අනේ…”

“හ්ම්ම්..ඒකනම් ඇත්ත දරුවො…නෝනෙ නැවතිලා තියෙන්නෙ ලොකු බේබිගෙ කසාදෙ වැඩ වගයකටලුනෙ..”

“හ්ම්ම්ම්.. මම ආපු ගමන්ම අම්මිට කෝල් කලා.. ලොක්කා එහෙන් සුද්දියෙක් සෙට් කරන්ලු.. ඒකිව බදිනවලු ලබන මාසෙ.. ඒකෙ වැඩලු.. මටත් යන්න වෙනවා තව සති දෙකකින් විතර…”

“අනේ….ඔයත් යනවද..?”

“ඔව්නෙ..ඇයි…මගෙ කෙල්ලට මම් නැතුව පාලුද…”

මෙත්තාගෙ උරහිස් දෙක උඩින් අත් දෙක තියලා…මූණට එබිලා හේශ් ඇහුවෙ හරියට…කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහනවා වගේ..

“ඔව්නෙ දෙයියනේ.. මට කන්න බොන්නත් බැරිවෙයි..නින්ද යන එකකුත් නෑ..මතක්වෙයි ගොඩාක්..”

මූණත් ඇබුල් කරන් මෙත්තා කිව්වෙ අවංකවම ..

“අහ්…ඒතරම් මගෙ කෙල්ල මට ආදරෙයිද…අනේ…..”

හේශ් මෙත්තාගෙ කම්මුලක් ඉම්බෙ ඇත්තටම ආදරෙන්..

මොකද…අම්මා නොහිටිය ටිකේ විතරක් නෙමි..අම්මා හිටියා උනත්..හේශ්ගෙ දග වැඩත් එක්ක ඔට්වු වෙවී රණ්ඩු වෙවී…හේශ් ලගින්ම ඉන්නෙ මෙත්තා නිසා…

හේශ් අම්මාට තරමටම මෙත්තාටත් ආදරේ ඒ නිසයි…

ඒත් එක්කම වගේ හේශ්ට මැසේජ් එකක් ආවා..

මෙත්තා ගේ ඇතුලට ගිය අතරෙ හේශ් සාක්කුවෙ තිබුනු ෆෝන් එක අතට ගත්තෙ මේ… හූ..නා… ගීතය උරුවම් බාන ගමන්..

🎶කිස්කා හේයෙ තුම්කෝ…
ඉන්තසා(z)ර මේ හූ..නා…
දේකලෝ ඉදර්තෝ..
ඒකබාර මේ හු…නා🎶

“6 pm. liberty “

මැසේජ් එක එවලා තිබුනෙ තරුණ්..

“අහ්..මේ තරුණයාට මාව දකින්නෙ නැතුවම ඉන්න බෑ වගේ..”

හිනා වෙවී එහෙම හිත හිත හේශ් ෆෝන් එකේම වෙලාව බැලුවා…. 5.30යි…

අඩියට දෙකට කාමරේට දුවලා ගිය හේශ් බාත්රූම් එකට රිංගගත්තෙ තවත් හිටියොත් පරක්කු වෙන නිසා…

විනාඩි 10ක් ඇතුලත ඇදගෙන බයික් එකෙන් පුලුවන් තරම් වේගෙන් ගියෙ පරක්කු උනොත් ඒ නපුරාගෙන් විසුමක් වෙන්නෙ නැති නිසා…

දඩ කොලේකුත් කාගෙන කොහොමහරි ලිබර්ටි එක ලගට යනකොට 6.25යි..
හතරවටේ බැලුවත්..තරුණ් හිටියෙ නෑ..

“මලා.. මූට ශුවර් එකට මල පැනලා ගෙදර ගිහින් වගේ.. ශිට්.. ට්‍රැෆික් ටයිම් නිසා පරක්කු උනානෙ…ඒ මදිවට අර බාප්පා එක්ක ආගිවු කර කර හිටපු නිසා තවත් පරක්කු උනා.. ලයිසන් එක ඌ ගත්තෙ හරියට උගේ එක මම තියාගෙන හිටියා වගේ .. ශිට්… දැන් මොකද කරන්නෙ ..”

(*සාමාන්‍ය ව්‍යවහාරයේ #බාප්පා යනු පොලිස් උත්තමයන්ට බව දන්නෝ දනිති..😉😉😉 )

එහෙම හිත හිත ඉන්නකොටයි හේශ්ට කෝල් එකක් ආවෙ..
වෙන කාගෙන්ද ඉතින්..තරුණයාගෙන් තමා..😆😆

“කොහෙද තෝ ඉන්නෙ?”

ආන්සර් කල ගමන් තරුණ් ඇහුවෙ මරන් කන්න තරම් කේන්තියෙන්..

“එලියෙ …”

“වරෙන් ඇතුලට..බැල්කනි”

එහෙම කියලා තරුණ් කට් කලා..

හේශ් හෙමි හෙමින් බැල්කනි එකට ගියා..බැල්කනි එක ලගයි ටිකට් බලන කෙනා හිටියෙ..හේශ් වටපිට බැලුවෙ දැන් මොකද කරන්නෙ කියලා වගේ..

ඒත් එක්කමයි හේශ් දැක්කෙ තරුණ් ඇතුලෙ ඉදලා දුවගෙන එනවා..

“අහ්..මෙන්න එයාගෙ ටිකට් එක.. එන්න යමු…”

ටිකට් එක ඒ පුද්ගලයාට දීලා හේශ්වත් ඇදගෙන තරුණ් ඇතුලට දිව්වා..

ෆිල්ම් එක පටන් ගන්න ගිය නිසා හෝල් එක ඇතුලෙ ලයිට්ස් ඕෆ් කරලා පට්ටම කලුවරයි..හේශ්වත් ඇදගෙන බැල්කනි එකේ අයිනකට ගිය තරුණ්..හේශ්ට බිත්තිය අයින දීලා එයා හේශ්ට දකුණු පැත්තෙ වාඩි වුනා..

ඒත් එක්කම තරුණ්ට දකුනින් හිටපු කෙල්ල තරුණ්ගෙ දකුණු අතේ බාහුවට අත් පටලගන්නවා හේශ් දැක්කෙ අඩ අදුරෙ..

හේශ් ඇස් දෙකත් ලොකු කරගෙන තරුණ් දිහා බැලුවත් තරුණ් නම් හිටියෙ ෆිල්ම් ස්ක්‍රීන් එක දිහාම බලාගෙන හිනාවෙවී..

**මූ කෙල්ලෙකුත් සෙට් කරගෙනද.. හහ්…මට එන්න කිව්වෙ මොන මගුලටද එහෙනම්..😠😠**

හේශ් හිතුවෙ තරහින් මූණ රතු කරගෙන..

එයාලා බැලුවෙ Breath කියන අලුත්ම අලුත් හොලිවුඩ් මූවි එක.. ඒක ගොඩාක් සංවේදීයි…

සමහර අවස්තා වලදි හේශ්ගෙ ඇස් වලටත් කදුලු ඉනුවා..

තරුණ්ට නොපෙනෙන්න හේශ් කදුලු පිහිදගත්තෙ….දැක්කොත් නෝන්ඩි කාලම මැරෙන්න වෙන නිසා..

ෆිල්ම් එකේ එක තැනක කපල් එක කිස් කරන සීන් එකකදී…හේශ් හොරේන් බැලුවෙ තරුණ් දිහා…

තරුණ් අර කෙල්ලගෙ පැත්තට හැරිලා..

**අහ්…මුන් දෙන්නත්…💋💋💏💏💏ද?**

හේශ්‍ට තරහයි…ඇයි ඉතින්.. එයාට එන්න කියලා..තරුණ් අර කෙල්ලත් එක්ක මගුල් නටනවා…

බැරිම තැන හේශ් තරුණ්ට කතාකල..

“තරුන්..තරුණ්….”

“චහ්…ඇයි බං…”

“යකෝ…තෝ මොකටද මට එන්න කිව්වෙ?”

“එන්න කිව්වෙ ෆිල්ම් එක බලන්න..”

“ඔව් ඔව්…මට ෆිල්ම් එකක් නෙමි දෙකක් පේනවා මෙතන්ට…”

“ඉතින්..බලපන් එහෙනම්..”..

“මට මෙතන ඉන්න බෑ…”

“ඇයි…තොට බොක්ස් එකකට යන්න ඕනද…අහ්..වරෙන් එහෙනම්..හැබැයි වෙන දේවල් වලට මම වග කියන්නෙ නෑ..”

“අනේ…මේ…මගෙන් මුකුත් අහගන්න එපා හැල කිඹුලො..උඹ ඕන වෙලාවක වරෙන්.. මම යනවා ගෙදර …මගුල..😠😠

“ඇයි තොට ඉරිසියයිද…මම කෙල්ල එක්ක ඉද්දි…ආ…ආ….”

“ඇයි ඉරිසියා කරන්න තෝ මගෙ කොල්ලද…අනේ පලයන් බං යන්න..”

“එහෙනම් කට පියන් ඉදපන්.. ඕන නම් උඹටත් කෙල්ලෙක් සෙට් කරන්නම්..”

“මගෙන් අහගන්න එපා…කෙල්ලො..තුහ්…”

“හා හා…මට මගෙ වැඩේ කරගන්න දීලා උඹ ෆිල්ම් එක බලපන්..”

එහෙම කියලා තරුණ් ආයෙත් හැරුනම..හේශ් හිතාගත්තෙ ඉන්ටවල් එකේදි ගෙදර යනවා කියලා..

කොහොමහරි ඉන්ටවල් එකට එලියට ගිහින් එන්නම් කියලා හේශ් එහෙමම ගෙදර ආවා..

නොතේරෙන මොකක්දෝ ලොකු හේතුවක් නිසා…හේශ්ගෙ පපුව හොදටම රිදුනා….

**ඇයි මට මෙහෙම උනෙ…ඇයි… තරුණ් එක්ක කෙල්ලෙක් ඉද්දි… ඇයි මගෙ හිත රිදුනෙ…. ඌ මාව ගනන් නොගෙන ඉද්දි… පපුව පැලෙන්න වගේ දැනුනෙ ඇයි..
ඇයි මට ඌ ගැන එහෙම හිතෙන්නෙ.. මට මගෙ හොදම යාලුවා නැතිවෙන්න යනවා කියලා දැනෙන එකද මේ…?නැත්තම්…

🙊🙊🙊නෑ නෑ එහෙම දෙන්න බෑ.. යකෝ මම කොලු සීන් එකේ නෑනෙ.. ශී…. ඒ මොන විලි ලැජ්ජා නැති වැඩක්ද…වෙන්න බෑ…එහෙම වෙන්න බෑ..**

හේශ් ඔලුවත් අත් දෙකින්ම බදාගෙන කියවනවා..කොහොම උනත් හේශ්ගෙ හිත නම් හොදටම රිදිලා තිබුනෙ…

එදා ඉදලා…
දවස් ගානක් යනකම්..තරුණ් හැසිරුනෙ අමුතුම විදියකට..

වෙනදා වගේ කෝල් කරන්නෙ නෑ.. එහෙ මෙහෙ ඇවිදින්න යන්න කතා කරන්නෙ නෑ..කොටින්ම..දවසට එකම වතාවක්වත් මතක්වෙන්නෙවත් නැති ගානයි..

හේශ් එන්න එන්නම හිතින් වැටුනා..
තමන්ගෙ හොදම යාලුවා නැතිවුනු එකේ දුක…හේශ්ට තදින්ම දැනිලයි තිබුනෙ…

කොහේවත් නොගිහින්.. ගේ ඇතුලටම වෙලා… නිදාගන්නවා,කල්පනා කරනවා ඇරෙන්න වෙන මුකුත්ම කලේ නැහැ… හරියකට කෑවෙත් නෑ..

දැන්…තරුණ් වෙනස් වෙන්න අරන් සති දෙකක්..

හෙට..රෑ තියෙන ෆ්ලයිට් එකේ හේශ් ඇමරිකා යනවා… ලොක්කාගෙ වෙඩින් එකට..

මේ අතරෙයි රවීන්ගෙන් හේශ්ට කෝල් එකක් ආවෙ…

වෙලාව නම් දැන් රෑ 12යි..

“හෙලෝ…”

නිදිමරගාතෙ ෆෝන් එක කන උඩ තියන් හේශ් කතාකලෙත් නිදිමතේම ඇස් පියාගෙනම..

“මචං .හේශ්…මේ මම්…”

“මම්…කවුද බං.උඹ..?”

“මම බං මම..රවීන්..”

“අහ්…බොක්ක…කියපන්..”

තවමත් හේශ් නින්දෙන්..

“මචං..හුග දවසකින් ක්ලබ් ගියෙත් නෑ බං..වරෙන්කො යන්න අදවත්…අදනම් තෝ මගාරින්න ලේස්තිවෙන්නෙපා හු@#%& හරිද…”

රවීන් කියද්දි…හේශ්ට නින්දෙන් ඇහැරුනා..
ඒත් එක්කම හේශ්ට මතක්වුනෙ…තරුණ්ව..
තරුණ් කියලා තියෙන්නෙ එයා නැතුව රෑ ගමන් බිමන් යන්න එපා කියලා..

**හහ්…මම මොකටද ඌ කියන ඒවා අහන්නෙ..අඩුගානෙ මම උන්නද මලාද කියලවත් හෙව්වෙ නෑනෙ මේ ටිකෙ.අනික..හෙට මම ඇමරිකා ගියාම ආයෙ කවදා එන්න වේවිද දන්නෙ නෑනෙ… අද යන්න ඕන රවීනයා එක්ක…**

තරුණ් එක්ක හිතේ තිබුනු තරහටම හේශ් රවීන් එක්ක යන්න තීරනය කලා…

“හෙලෝ..මචං..උඹ කොහෙද ඉන්නෙ..”

“උඹලගෙ ගෙවල් ලග යකෝ..”

“ඔහොම ඉදපන්..ටාර් ගාලා මම ඔතන…”

“හා..හෙල්මට් එක අරන් වරෙන්..බයික් එකෙන් ආවෙ…”

“හා…”

ෆෝන් එක ඇදට දාලා විනාඩි 5න් ඇදගෙන්න හේශ් සුපුරුදු විදියට පේර ගහෙන් පැනලා එලියට ගියා..

රවීන්ගෙ බයික් එකේම නැගලා ක්ලබ් එකට යනකොට 1යි..

“හායි ඒන්ජල්…’..

රවීන් කෑගහගෙනම සිලී ලගට ගියා..

“අහ්…කෝ අද අනිත් කෙනා..”

“ඌ ආවෙ නෑ සුදූ..ඇයි..ඔයාට මාව විතරක් මදිද..?”

“අපෝ ..මේකාගෙ කට…ඉන්න…අද දෙන්නට බොන්න දෙනකම්..”

“සිලී..මටත් බියර් එකක් අද…”

හේශ් එකපාරම කියද්දි…සිලීගෙ විතරක් නෙමි රවීන්ගෙත් ඇස් උඩගියා..

“මොකෝ බන් එකපාරම…?”

“නිකම් බං..හිතුනා..”

“අහ්..නියමයි..ඔන්න ඔහොම තමයි කොල්ලො උනාම ඉන්නඕන…ශහ්..පට්ට…එල…තද කොර මල්ලී…”

😂😂😂😂

කොහොමහරි හේශුත් අමාරුවෙන් බියර් මග් එකක් 🍺 බිව්වා..

පුරුදු නැති නිසා ඔලුව කෙලින් තියාගෙන ඉන්න බැරිතරම් අමාරුයි… ඒ අතරෙ රවීන් හේශ්ව නටන්න ඇදන්ගියා..

හේශුත් වෙරිමරගාතෙම නැටුවා..
හේශ්ගෙ හිතේ තිබුනෙ දුක…කලකිරීම…එයාඒවා පිටකරගත්තේ ඒදේවල් කරලා…

පැය දෙකක් විතර හොදටම හෙම්බත් වෙනකම්ම හේශ් නැටුවා.. මේ අතරෙ ක්ලබ් එකේ හිටපු බීපුසුද්දෙක් හේශ්ගෙ ඇගේ වෙලීගෙන නටනවා..

රවීන් නම් පේන්නවත් නෑ.. සුද්දියෙක් එක්ක යන්න ඇති …

හේශ්ටත් සිහියක් නොතිබ්බ නිසා ඒ සුද්දා එක්ක හොදට නැටුවා..

ඌ එන්න එන්නම හේශ්ගෙ ඇගට ආවා..හේශ්ව ඉඹිනවා.. ඇගෙන් අල්ලනවා…ඒත්…අසිහියෙන් ඉන්න හේශ්ට මේවා දැනුනෙ නෑ…

සිලීට මේක බලාගෙන ඉන්න බැරිවුනා.. හේශ් ඉන්නෙ හොදටම අසිහියෙන් කියලා කෙල්ලට තේරුනා..

මේ යාලුවො තුන්දෙනාගෙන් හේශ් කියන්නෙ අහිංසකම කෙනා කියලා සිලී හොදටම දන්නවා ..

හේශ්ගෙ ඇගේ දැවටි දැවටි සුද්දා නටන එක බලාගෙන ඉන්න බැරිතැනම සිලී තරුණ්‍ට කෝල් කලා..

සිලීගෙ කෝල් එකෙන් පස්සෙ කොල්ලා ක්ලබ් එකට ආවෙ කොහොමද කියලාවත් මතකයක් තිබුනෙ නෑ..

හේශ්ව ඉඹ ඉඹ ඉන්න සුද්දව දැක්ක තරුන්ට තරහා පාලනය කරගන්න බැරි වුනා..

ඇදලා අරන් බිම දාගෙන සුද්දට ගහපු තරුන් හේශ්ව හරහට අරන් කාර් එකට ගියෙ පුපුර පුපුර..

හේශ්ව ශීට් එකට දාලා තරහින් වාහනේ ගත්තු තරුණ් හිතාගන්නත් බැරිතරම් වේගෙන් ඩ්‍රයිව් කලා..

“නවත්තපන් මේක…නවත්තපන් හු@#%…”

හේශ් මහා හයියෙන් කෑගැහුවෙ කවදාවත් නැතුව කුනුහර්පයකුත් කියමින්…

ඒක ඇහුනා විතරයි …තරුණ්ට එහෙමම බ්‍රේක් ගැහුනා.ශීට් බෙල්ට් එකවත් නොදා හිටපු හේශ් ශීට් එකයි ඩෑශ් බෝඩ් එකයි අතර බිමට වැටුනා වගේම..තරුණ්ගෙ නලල ස්ටියරින් වීල් එකේ වැදුනා..

“තොට පිස්සු හැදිලද හු@#$ … “

කෑගහගෙන ශීට් එකේ වාඩිවුනු හේශ්ගෙ වදන් තරුණ්ට ගෙනාවෙ තව තවත් කේන්තියක්..

එහෙම්මම කාර් එකෙන් බැහැලා හේශ් ව ඇදලා වගේඑලියට ගත්තා..

ඒ අරන් ඇගිලි පාරවල් හිටින්නම කම්මුල හරහා පාරක් ගැහුවෙ ඉවසලා ඉවසලා බැරිම තැන..

ඒ ගහපු වේගෙට හේශ් විසිවෙලා ගිහින් පාරෙ අයිනෙ තණකොල ගොල්ලට වැටුනා…

හේශ් අපහසුවෙන් නැගිට්ටෙ ඔලුවත් එක්ක කැරකෙද්දි..

අමාරුවෙන් ඇදිලා ඇවිත් කාරෙකට හේත්තු වුනේ… හිටගෙන ඉන්නවත් පණ නැතිවෙද්දි.

“තෝ… තෝ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ ප@#& …ආ…මෙච්චර කාලයක්.. ඇස් දෙක වගේ මම බලාගත්තේ… අවුරුදු 10ක්…අවුරුදු 10ක් මම උඹෙ හෙවනැල්ල උනා… උඹට මතකද ඒවා… ආ කතාකරපන්…”

හේශ්ගෙ කට දෙපැත්තෙන් අල්ලලා තරුණ් අහද්දි…හේශ්..නෝන්ඩියට වගේ හිනාවුනා..

“හහ්… මහලොකු…යාලුවා… ඕකද…උඹෙ…යාලුකම…ඕකද… ආ…කියපන්…ඕනවෙනකොට ලගට ගන්නයි…එපා..වෙනකොට…අයින්කරන්නයි..මමත් ..උඹෙ ..පොත්තට රැවටිලා …එන…කෙල්ලෙක් …කියලා හිතුවද…ආ….”

තරුණ්ගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලලා ඇද ඇද හේශ් ඇහුවෙ කදුලු පුරවන්..

“හරියටම සති දෙකක්..උඹ මාව අතෑරලා දැම්මා..සති දෙකක්.. දන්නවද..මම හිටපු හැටි ඒ ටිකේ.. උඹෙන් කෝල් එකක් නැතුව…උඹව නොදැක… දන්නවද මම විදවපු තරම… උඹ මගෙ බොක්ක.. එහෙම වෙලත්..උඹ මාව මගෑරියා..
අර කොහෙවත් යන හු@#% නිස…මාව අමතක කලා…
මට කොයිතරම් දුකද දන්නවද…

පෙන්නන්නද මේ පපුව පලලා.. ආ..පෙන්නන්නද… ආ…බලපන්…බලපන්….”

ඇදගෙන හිටපු ටීශර්ට් එකේ කරෙන් ඇදලා පහත්කරලා පපුව පෙන්න පෙන්න හේශ් කෑගැහුවා.

තරුන්ගෙ ඇස් ගැස්සුනා.

“තොට පිස්සුද යකෝ..”

හේශ්ගෙ අත ඇදලා අරන් ඇදුම ආයෙත් හරියට හැදුව තරුන් හේශ්ගෙන් ඉවතට ගියා…

මතුසම්බන්ධයි❤️

**************එශ්**************

පිස්සු වගේද… විකාරයිද… ඊලග කොටසෙදි…අවුල තව ටිකක් ලෙහෙයි.. කතාවෙ සිද්දිය මුලින්ම කිව්වම ගතියක් නෑනෙ අනේ..ඒකයි මේ වෙලාව එනකම් ඉන්නෙ.. වෙනස් කතාවක් නිසා ඉවසීමෙන් බලන්න සුදූලා..
අකමැති අය නොබලා ඉන්න ඉතිම්..😔

කියවන හැමෝටම ආදරෙයි..❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *