#YOU_ARE_MY_DESTINY 08

😍 08 කොටස 😍

ඇදගෙන හිටපු ටීශර්ට් එකේ කරෙන් ඇදලා පහත්කරලා පපුව පෙන්න පෙන්න හේශ් කෑගැහුවා.

තරුන්ගෙ ඇස් ගැස්සුනා.

“තොට පිස්සුද යකෝ..”

හේශ්ගෙ අත ඇදලා අරන් ඇදුම ආයෙත් හරියට හැදුව තරුන් හේශ්ගෙන් ඉවතට ගියා…

“උඹ මාව අමතක කලා තරුණ්.. අමතක කලා.. මට දුකයි බං.. මට දරාගන්න බෑ.. ඇයි එහෙම කලෙ.. උඹ මැරිකරන්න හිටියා උනත්..ඒකි නිසාවත් මාව මෙහෙම රිජෙක්ට් කලේ නෑ උඹ.. ඒත්.. මේ අද ඊයෙ හම්බුනු එකියෙක් නිසා…අවුරුදු ගානක යාලුකමට උඹ පයින් ගැහුවා..
එකපාරක්… දවසට එකම එක පාරක්වත් උඹ මට කෝල් කලෙ නෑ. මගෙ කෝල්ස් ආන්සර් කලෙ නෑ.. ඇයි බං ඒ…? උඹ කිව්වානම්… මාව උඹට වදයක්..,උඹෙන් ඈත්වෙයන් කියලා..දෙපාරක් හිතන්නෙ නෑ මම උඹෙන් ඈතට යනවා බං..ඒත් මෙහෙම හේතුවක් නැතුව රිද්දන එක දරාගන්නම බෑ බං..
මට කවදාවත් මේ තරම් දුකක් දැනිලා නෑ බං.. 😢😢

කාර් එකට හේත්තුවෙලා අඩ අඩ හේශ් කියද්දි..තරුන් එයාගෙ පපුව තද කරලා අල්ලගත්තෙ මේ වේදනාව දරාගන්න කොල්ලටත් බැරි නිසා…

‘උඹේ කෝල් එකින් තමා මම උදේට නැගිටින්නෙ.. උඹේ මූණ දැකලා තමයි.. මම රෑට නිදාගන්නෙ.. කන්න..බොන්න..මේ හැමදේම මම කලෙ උඹ එක්ක..
මගෙ ගෙදර අය.. බයනැතුව මාව රෑකට උනත් යන තැනකට උඹත් එක්ක එවන්නෙ.. ඒ තරමට ඒ මිනිස්සුන්‍ටත් උඹව ශුවර් නිසා..

අවුරුදු 11 දි… මට උඹව හම්බුනෙ.. ඒ දවස්වල.. උඹ ..හරි ලස්සනයි.. චූටි රැවුල් කෑලි වැවිලා… මාරම හැන්සම්…මම එදා ඉදලම උඹට ආස කලා.. ගොඩක්.. උඹ මම් ගැන හෙව්වෙ… මගෙ ලගින්ම හිටියෙ .. හරියට මම උඹෙ ඇගේ කෑල්ලක් වගෙ.. එහෙම හිටපු උඹ.. එකපාරටම මෙහෙම වෙනස් වුනු එක්.. මට අවුලක් බං… ලොකු අවුලක්..
කියපන් හු@#$.. කතාකරපන්.. ඇයි මට මෙහෙම කලෙ…කතාකරපන් හු@#$ …”

“හේශ්…”😠😠😠

ඉවසීමෙ සීමාව උපරිමේටම පැනපු තරුන් අඩියට දෙකට හේශ් ලගට ඇවිත් හේශ්ගෙ කම්මුලට ගැහුවා ආයෙමත්..

“තෝ ආයෙත් ඔය කටින් කුනුහර්පයක් කිව්වොත්… මම තෝව මෙතනම බාවනවා…දැනගනින්.. තෝ ඔය කාටද කතාකරන්නෙ.. ආ.. කාටද…කියපන්..
අනික..මම එහෙම මගෑරියා කියලා..තෝ මොකටද අර ප@$ එක්ක බොන්න ගියෙ.. අර සුද්දෙක් එක්ක ඇලි ඇලි නටන්න ගියෙ…ආ… ඌ උඹව ඇල්ලුවා නේද…උඹව ඉම්බා නේද… කියපන් මම කොහොමද එතකොට ඒවා දරාගන්නෙ…කියපන් හු@%#..
තොට වෙන එකෙක්ගෙ හුලගක්වත් වදිනවට මම කැමති නෑ.. වෙන එකෙන් උඹ දිහා බලනවටවත් මම කැමති නෑ.. දන්නවද තෝ ඒක… “

“ඇයි…ඇයි ඒ… මොකක්ද හේතුව. ?”

“මොකද…මම… මම…. උඹට…..
ශිට්…”

කියන්න ගිය එක මග නතර කරලා තරුන් කකුලෙන් හයියෙන් කාර් එකට ගැහුවෙ ආවේගය පිටකරගන්න..

” ඔව්.. ඔව්..කියපන්..මොකක්ද උඹ…?ආ ..කියපන්…”

“නෑ..මුකුත් නෑ..වරෙන් යන්න ගෙදර…”

“මට බෑ..උඹ පලයන්.. උඹට මාව එකපාරක් එපානම් මට සියපාරක් එපා..”

“අහ්..එහෙනම් උඹ එන්නෙ නැ?”

“නෑ…”

“හහ්..ඉදපන් එහෙනම් මෙතනම…’

හේශ්ව අල්ලලා ඇදලා දාලා තරුන් කාර් එක අරන් යන්න ගියෙ දූවිලිත් අවුස්සගෙන..

“උඹ ආයෙත් මාව දාලා ගියා නේද එහෙනම්.. ඇයි බං මේ..
වරදක් උනා නම් කියන්න තිබුනා මට.. දරාගන්න බෑ බං මේක මට..
මීට කලින් කවදාවත් නොදැනුනු මොකක්දෝ දෙයක් නිසා…මගෙ පපුව හිරකරනවා තරුණ්..

හිතාගන්න බෑ බං ඒ මොකක්ද කියලා.. “

හේශ් ඔලුවත් අල්ලගෙන බිම ඇණ ගහගත්තෙ තවත් හිටගෙන ඉන්න තරම් ගතට පණක් නැතිවුනු නිසා..

තරුණ් තරහට ගියත්… ආයෙත් එයාව එක්කගෙන යන්න ඒවි කියලා හේශ්හෙ හිත කිව්වා..

අත් දෙකින්ම ඔලුව බදාගෙන ඇස් දෙකත් තදකරන් බිම බලාගෙන හේශ් කල්පනා කර කර හිටියා..

ඒත් එක්කම වගේ නහයට දැනුනු අමුතු ගදක් එක්කම හේශ්ගෙ ඇස් පියවිලා ගියෙ ඉබේටම…

😩😩😩😩😩😩😩😩😩😩😩😩😩

ඔලුව කෙලින් කරගන්න බැරිතරම් කැක්කුම දෙද්දි…හේශ් උත්සාහ කලේ ඇස් ඇරගන්න..

ඇහි පිහාටු එකට ඇලිලා…
ඇස් බරවෙලා…
ඉදිමිලා ඇති කියලා හේශ්ට හිතුනා..

පහතට බරවෙලා තිබුනු ඔලුව උස්සද්දි…බෙල්ල පිටුපසින් දැනුනෙ අධික වේදනාවක්…

“ආ…හ්…”

බෙල්ල උස්සද්දි..හේශ්ගෙ කටින් නිකම්ම පිටවුනෙ වේදනාත්මක කෙදිරිල්ලක්…

ඒත් එක්කම හේශ් හැදුවෙ අත උස්සලා බෙල්ල අල්ලගන්න..

ඒත්…😲😲
අත් දෙකම හොලවන්නවත් බෑ… තදවෙලා වගේ…

අමාරුවෙන් ට්‍රයි කරලා විනාඩි 10ක් විතර අරන් ඇස් දෙක ඇරගත්තු හේශ් මුලින්ම බැලුවෙ අත් දෙක දිහා..

අත් දෙකම ගැටගහලා…

හේශ්ගෙ ඇස් ලොකු වුනා..😨😨😨

ඒත් එක්කම අමාරුවෙන් බෙල්ල කරකවලා බලද්දියි දැක්කෙ…තමන් ඉන්නෙ පුටුවක වාඩිවෙලා බව..

අත් දෙකයි කකුල් දෙකයි පුටුවට තියලා ගැටගහලා..

කටෙනුත් අදික වේදනාවක් දැනෙන්න වුනා..

ඒ හේශ්ගෙ කටත් බැදලා තිබුනු නිසා..

හේශ් ඉක්මනින් වටපිට බැලුවෙ තවමත් මුකුත්ම හිතාගන්න බැරුවම…

වටපිට බලනකොටයි හේශ් දැක්කෙ එයා ඉන්නෙ ලී වලින් හදපු ටිකක් විශාල මඩුවක්…ම්ම්..නිවසක් වගේ එකක බව..

ඒ නිවසෙ සාලය කියලා සැක කරන්න පුලුවන් තැනක හරි මැදයි හේශ් හිටියෙ..

පරිසරයෙනුත් ඇහුනෙ අසාමාන්‍ය ශබ්ධ..

ගගක් ගලාගෙන යන හඩක් ඉතා ලගින්ම ඇහෙන්න වුනා..
ඒත් එක්කම ..
කන බිහිරි කරවන රැහැයි හඩ.. කුරුලු හඩ වගේම තවත් නොදන්නාවූ අමුතු ශබ්ධ ගොඩාක් ඇහෙන්න වුනා..

ඒ හඩවල් වලට හොදින් සවන් දීගෙන හිටපු හේශ් තේරුම්ගත්තා තමන් මේ දැන් ඉන්නෙ ටවුන් එකක නොවන බව.. කැලෑවක ගගක් අසලකට වෙන්නයි ඉන්නෙ කියලා හේශ්‍ට තේරුම් ගියා..

ශරීරයෙ තැනින් තැන දැනුනු අදික වේදනාවත් එක්කම හේශ්ගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියෙ..තමන් දැන් ඉන්නෙ ලොකූ ප්‍රශ්නයකට මැදිවෙලා කියලා වැටහුනු නිසා..

කවුරුන්මහෝ කෙනෙක්.. කුමක් හෝ අරමුනු කරගෙන තමන්ව කිඩ්නැප් කරලා කියලා හේශ්ට තේරුනා..

නොනවත්වාම ගලාගෙන යන කදුලු වැල් එක්කම හේශ්ට මතක්වුනෙ..කලින්දා රැයෙහි වෙච්ච සිදුවීම්..

**තරුණ්…අහ්…එයා මාව හොයනවා ඇති… එයා ආයෙත් එන්න ඇති අනිවාරෙන්ම මාව එක්කගෙන යන්න.මම එතන හිටියෙ නැති නිසා.. මාව හොයන්න ඇති පිස්සෙක් වගේ.. මොන තරහ තිබුනත්..ඌ මගෙ බොක්ක.. මම ඒක දන්නවා… අනේ… මම දැන් මොකද කරන්නෙ..කවුද මාව මෙහාට අරගෙන ආවෙ…**

හේශ් හිතුවෙත් අඩ අඩම..

ලෑලි අස්සෙන් බේරිලා ආපු ඉර එලිය හේශ්ගෙ මුහුණට ගෙනාවෙ වදයක්..
එන්න එන්නම මුහුණ රත්වේගෙන එද්දි…හේශ් එහෙ මෙහෙ ඇඹරුනේ…මේ බැමි එකක්වත් ගලවගන්න පුලුවන්ද කියලා බලන්න.. ඒත්… උත්සාහය නිශ්ඵලයි..

අත පය හොලවන්නවත් බෑ…
කට බැදලා තිබුනි නිසා හුස්ම ගන්නත් දැන් එන්න එන්නම අපහසුයි….

හේශ් අමාරුවෙන් ඇස් ඇරගෙන හිටියෙ ඉර එලිය ඇස් වලටම වැටුනුනිසා..

ඒත් එක්කම වගේ දොරක් ඇරන සද්දයක් ඇහුනු නිසා… හේශ් අමාරුවෙන් ඇස් එහෙ මෙහෙ කරලා බැලුවෙ කවුද එන්නෙ කියලා..

හේශ් ඉන්න තැනට අඩි 7 ,8 එහායින් තිබුනු ලෑලි දොර ඇරුනා.. ඒකෙන් ඇතුලු වුනු රුව හරියට නොපෙනුනත්..

මේ එන්නේ..තමන් කිඩ්නැප් කරපු කෙනා වෙන්න ඕන කියලා හේශ්ට තේරුනා..

දේහධාරී සිරුරකට හිමිකම් කියන පුද්ගලයෙක් හේශ් ලගට ආවෙ හෙමින් හෙමින්..
ඒ තියන අඩියක් අඩියක් ගානෙ…
හේශ්ට දැනුනෙ.. ඒ අඩි තියන්නෙ තමන්ගෙ පපුව උඩ වගේ..

ඒ තරමටම හේශ් බයවෙලයි හිටියෙ..

ලං ලංව එනකොටයි ඒ පුද්ගලයාව හරියටම දැකගන්න පුලුවන් වුනේ..
හේශ්‍ යට ඉදලා උඩට බලාගෙන ගියා..

අඩි 6කටත් වඩා උසයි..

කකුල් දෙකේ බ්ලැක් බුට්ස්..
කැමා බොටම් එක..
බ්ලැක් ආම් කට් ටීශර්ට් එක..
අතේ මැණික් කටුව ලගට වෙන්න බැදලා තිබුනු හම් පටිය..
පැහැපත් සම..
මසල්ස් පිරුනු දේහධාරී ශරීරය..
දිගු බෙල්ල..
නපුරු මූණ..

ඒ මූණ දැක්කා විතරයි හේශ් බිම බලාගත්තෙ බයෙන්..

ඔහු හේශ් ලගට ඇවිදගෙන ඇවිත් හේශ් ලගින්ම බිමින් ඇණ තියාගෙන වාඩිවුනා..

ඊලගට කට බැදලා තිබුනු රෙදි පටිය ගැලෙව්වා..

ඔන්න එතකොටයි හේශ්ට පුංචි සහනයක් ලැබුනෙ..
ඒත් එකපාරම හේශ්ට ආපු කැස්සක් නිසා ඇස් වලිනුත් කදුලු පැන්නා..

කැස්ස පාලනට කරගන්න බැරුව හේශ්ගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි අර පුද්ගලයා වතුර කෝප්පයක් ගෙනත් මුවට ලංකලා.

ඔන්න එතකොටයි හේශ් ඒ මූණ හරියටම දැක්කෙ..

තද කලු ටිකක් වැවුනු ඝණ කොණ්ඩය ..
පලල් නලල..
ඝණ ඇහිබැම..
දිගු තියුනු දුඹුරු ඇස්..
දිගු නහය…
සාමාන්‍ය රත් පැහැ දෙතොල්..
පැහැපත් සම..

ඒ මුහුණට ගෙනල්ලා තිබුනෙ අමුතු ලස්සනක්..
හේශ් ඒ මූණ දිහා බලං හිටියෙ වශී වෙලා වගේ..

ඒත්…
ඒ තමන් කිඩ්නැප් කරපු කෙනානෙ කියලා මතක්වුනු ගමන්ම හේශ් බිමබලාගත්තා..

වතුර ටිකක් බොද්දි කැස්ස අඩුවුනු නිසා..ඒ පුද්ගලයා නැගිට්ටෙ කෝප්පෙ එතනින් ගෙනයන්න..

ඒත් එක්කම හේශ් එකපාරම කෑගහන්න ගත්තෙ උදව් ඉල්ලලා..

කොහොමත් හේශ් බලන් හිටියෙ කටේ බැදලා තිබුනු රෙදිකෑල්ල ගලවනකම්.

“කවුරුත් නැද්දෝ…… මාව බේරගන්න .. කවුරුත්ම නැද්දෝ…. බේරගන්න………..”

හැකි සියලුම වෙර යොදලා හේශ් කෑගැහුවා..

ඒත් එක්කම ආපහු හැරුනු ඒ පුද්ගලයගෙ මුහුණ දැක්කම ඉඹේම හේශ්ගෙ කට නැවතුනා..

රතු වුනු ඇස්…තරහෙන් වෙවුලන කම්මුල් වගේම දත්මිටි කාගෙන හේශ් ලගට ආපු ඔහු පහත්වෙලා හේශ්ගෙ කට දෙපැත්තෙන් තදකරලා අල්ලගත්තා ..

“ශට් අප්…”

තරහින් ඇස් රතුන්කරන් හයියෙන් ඔහු කියද්දි..හේශ් ගැස්සුනා..

ඒ අල්ලාගැනිල්ල කොයිතරම්ද කියනවා නම්..
කම්මුල් ,කට ඇතුල්පැත්තෙන් එකට යාවුනා. දත්වලට තදවෙලා කටෙන් ලේ පැන්නා..

ඒ වේදනාව ඉවසගන්න බැරුව හේශ් ඇස් දෙකතදකරලා පියාගන්නකොටම ඇස් වල නලියපු කදුලු එලියට පැන්නා..

තවමත් ලිහිල් නොවුනු ඒ රලු අත් නිසා වේදනාව ඉවසගන්න බැරුව හේශ් ඇස් දෙක ඇරියෙ තමන්ගෙ මුණුනට ලග ලගම තියෙන ඒ මුහුණෙ තියුනු නපුරු රතු ඇස් දිහා බලාගෙන ..

හේශ්ගෙ අසරණ බැල්මත් එක්කම..ඒ රතු ඇස් ගැස්සුනා.

ක්ශනයකින් කට අතෑරපු ඔහු නැගිට්ටෙ අනෙක් අතින් කොන්ඩෙ ඉදිරිපස සිට පිටුපසට අදින ගමන්..

එහෙමම දොරෙන් එලියට ගිය ඔහු ගල්තලාව මත ඉදගත්තා..

“ඔහ්…ශිට්.. ඒ ඇස්……….”

අත් දෙකින්ම ඔලුව අල්ලගෙන තනියම කියෙව්වෙ… ඒ ඇස්.. ඔහුට කෙනෙක්ව මතක් කල නිසා..

මතුසම්බන්ධයි❤️

******************එශ්***********

ඔන්න ඉතින් අරයා කතාවට එන්ටර් උනාලු…
අරයා කිව්වෙ.. අර අරයා අනේ..
මගෙ රහස…😁😁
❤️රඝූ..❤️

මෙයා තමයි කතාවෙ දුට්ටයා..
විලන්…
කෝමද ඒක.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *