#YOU_ARE_MY_DESTINY 09

☘🌼 09 කොටස 🌼☘

ටික වෙලාවක් යනකොට.. හේශ්ට දැනුනෙ දැඩි අපහසුවක්..
ශරීර කෘත්‍ය ඉටුකරගන්න ඕනම උනු නිසා.. බයෙන් උනත් හේශ් අර පුද්ගලයට කතාකලා..

“මේ…ඇහුනද…. හලෝ… ඇහෙනවද… එලියෙ ඉන්නවද….?”

හේශ් හයියෙන් කෑගහනකොට ඒ තරුණයා හෙමීට ඇතුලට ආවා.

ඒ ගමනෙත් තිබුනෙ අමුතු ගතියක්.ගාම්භීරත්වයක්…

“මේ..මට එලියට යන්න ඕන…”

හේශ් බයෙන් වගේ කිව්වෙ ආයෙත් කට තදකරයිදෝ කියලා හිත හිතම.

“මොකටද..”

“හදිස්සියක්..”

අමාරුවෙන් ඇඹරි ඇඹරි වගේ හේශ් කියද්දි… කොල්ලා ඒක තේරුම්ගත්තා ..

හේශ් ලගට ඇවිත් අත් දෙකයි කකුල් දෙකයි ලෙහුවෙ ඇස් රතුකරගෙන.
ඊලගට හේශ්ගෙ අතින් ඇදගෙන වගේ ඇතුලට එක්කගෙන ගියා..

ඇත්තටම ඒක ලී වලින් හදපු නිවසක්..
හේශ්වත් ඇදගෙන කොල්ලා ගියෙ උඩ තට්ටුවට.. ඒකෙ කාමර දෙකක් බාත්රූම් එකක් තිබුනා..

හේශ්ව බාත්රූම් එකට දාලා දොර එලියෙන් වැහුවා..

ඇතුලට ගියගමන්ම හේශ් කලෙ තමන්ගෙ අවශ්‍යතාවය ඉටුකරගත්තු එක…

ඊලගට ඉක්මනින් වටපිටබැලුවෙ එලියට පැනගන්න තැනක් තියද කියලා.
නිවස හදලා තිබුනු ලීය උනත් ගොඩක් හයියයි.. අතින්,කකුලෙන් ගහලාවත් කඩන්න නම් අමාරුයි..

හේශ් එලියට එන්න ආවෙ අදහස අතෑරලා..

දොර අරින්න හැදුවත්.. ඒක ලොක්කරලා කියලා හේශ්ට තේරුනා.

“දොර අරිනවද…”

හේශ් කියද්දිම වගේ දොර හැරුනා..
එලියට ආපු ගමන්ම ආයෙත් අතින් අල්ලගෙනම කලින් හිටපු තැනට ගියා..

ආයෙත් පුටුවෙන් වාඩිකරවලා අත් දෙකයි කකුල් දෙකයි ගැටගහද්දි..හේශ්ගෙ මූණ ඇදවෙලා ගියා..

මූණ වෙනස්වෙනවා කොල්ලා දැක්කත්.. චුට්ටක් වත් ගනන් ගත්තෙ නෑ..

අත් කකුල් බැදලා ආයෙත් එලියට යන්න හැරුනා..

හේශ්ගෙ ඇස් වලට කදුලු පිරුනා..

“ඇයි මට මෙහෙම කරන්නෙ අයියෙ..?”

හේශ් අහද්දි.. කොල්ලා එහෙමම නැවතුනා.

“ඇයි මාව මෙහෙම ගෙනත් තියෙන්නෙ.. ඔයාට ඕන සල්ලිද..? ඕන තරමක් සල්ලි දෙන්නම්..ප්ලීස් මට යන්න දෙන්න..”..😢

වෙවුලන කටහඩින් හේශ් කියද්දි.. කොල්ලා හේශ් දිහාට හැරුනා..

“කියන්න..කොච්චර ඕනද ඔයාට.. ඕන තරමක් දෙන්නම් සල්ලි.. මාව යවන්න අයියෙ..”

කොල්ලා හේශ් ලගට ඇවිදගෙන ආවා..

“කටවහගෙන ඔහොම ඉන්නවා…”

තරහෙන් ඇස් රතු කරන් එහෙම කියපු කොල්ලා ආයෙත් එලියට ගිය දොර තදින් වහගෙනම

හේශ් හැඩුවා.. අම්මා..තාත්තා..අයියලා..තරුණ්.. මතක්වෙලා හැඩුනා..

**අම්මා…මොකක්ද අම්මා මේ වුනෙ.. අනේ..මට බයයි අම්මා…**

හේශ් කවදාවත් නැති තරම් අසරණ වුනා..
පුංචි කාලෙ ඉදලා අද වෙනකම්ම.. කිසිම දුකක්.. කරදරයක් නොවී සැපවත්ව ජීවත්වුනු හේශ්ට මේ සිදුවීම් වලින් ගෙනදුන්නෙ හරිම අපහසුවක්…

පොඩි තුවාලයක් උනත් සති ගනන් එක තැන ඉන්න හේශ්ගෙ මුලු ඇගම අද හීරිලා..තුවාල වෙලා.. බැමි වලින් තදවුනු අත් දෙකයි කකුල් දෙකයි රිදුම් දුන්නෙ දරන්න බැරි තරමටම..

කට දෙපස වගේම…කට ඇතුලත් ඇදුම් දෙනවා..

හේශ් කල්පනා කලෙ මේක කවුද කරන්න ඇත්තෙ කියලා..ඒත්..සැක හිතන්න පුලුවන් තරම් කිසි කෙනෙක් හිටියෙ නෑ.
තරහා කාරයො කවුරුවත්ම හිටියෙත් නෑනෙ..

🤔🤔**ඒත් එකපාරම මාව මෙහෙම කිඩ්නැප් කලෙ ඇයි..?
මොකක්ද අරමුණ..?
සල්ලිද..?
නෑ..එහෙනම්..මේ වෙනකොට කප්පම් ගන්න කෝල් කරනවනෙ..
කෝල් කලාද දන්නෙ නෑ..
නෑ.. කප්පම් කාරයො වීඩියෝ කරලා යවනවනෙ..
එහෙම මුකුත් කලෙත් නෑ..
එහෙනම්…?
අහ්..මගෙ බොඩි පාට්ස් වත් ගන්නද..?
අනේ…ඒ කියන්නෙ..මාව මරයිද….?
දැම්ම මැරෙන්න බෑ දෙයියනේ..
ඕන ගානක් ඉල්ලන්න කියනවා.. අපේ තාත්ති ඉල්ලන ඕන ගානක් දේවි මෙයාලට..
මෙයාලා මට කරදරයක් කරයිද…
අනේ අම්මා…..😢😢😢😢😢**🤔🤔

හේශ්ට කල්පනා කර කර ඉදලා ඔලුවත් රිදෙන්න ගත්තා..

තව කොයිතරම් කාලයක් මෙහෙම ඉන්න වෙයිද දන්නෙ නෑ කියලයි හේශ් හිතුවෙ.

🤔🤔**කවමදාවත් ගෙදර යන්න බැරුවෙයිද…
අහ් .එහෙම උනොත්…
අම්මා…තාත්තා…අයියලා…තරුන්..
එයාලා හැමෝම…😢😢
මට නැතිවෙනවා නේද…
අනේ …. මට එයාලව ඕන… මම කොහොමද…එයාලා නැතුව ජීවත්වෙන්නෙ…😢😢😢
මට මෙතනින් පැනගන්න වෙනවා..
කොහොමහරි..
මේ හේශ් කියන්නෙ ශක්තිමත් කෙනෙක්..
කිසිම දේකට සැලෙන්නෙ නෑ
ප්‍රශ්න වලට නොබියව මුණ දෙන්න ඕන…
කොහොමහරි…
මොන ක්‍රමේකින් හරි මෙතනින් පැනගන්න ඕන.
ඒකට…
මට මෙයා කියන විදියට ඉන්න වෙනවා මුලින්..
හොද හිත ගත්තට පස්සෙ… මට මෙතනින් පැනගන්න ලේසිවෙයි..
මේ අත පය ලෙහවගන්න නම්..
කියනදේ අහගෙන ඉන්නවා කියලා පෙන්නන්න ඕන..
ඔව්…
ඒක තමයි දැන් කරන්න තියෙන හොදම දේ..***🤔🤔🤔

හේශ් හිතුවා…
හිතට ධෛර්යය ගත්තා .
කොහොමහරි මෙතනින් බේරෙනවා කියලා..

ඒත්…හේශ්ට තියෙන සැකය තමයි..මෙතන..මෙයාට අමතරව තව අය ඉන්නව කියලා..කිඩ්නැප් එකකට කීපදෙනෙක් අනිවාරෙන් සම්බන්ද වෙනවනෙ..

ඒත් සිහිය ආපු වෙලාවෙ ඉදලා හේශ් දැක්කෙ මේ කොල්ලව විතරයි..
ඒ නිසා තව ටික දවසක් ඉවසීමෙන් ඉන්න වෙනවා කියලා හේශ්ට තේරුනා..

තවත් පැය කිහිපයක් බඩගින්නෙම ඉන්න හේශ්ට සිද්දවුනා..
ගතට දැනෙන විඩාව නිසාම වගේම.. කල්පනා කරලම…හේශ්ට එහෙමම නින්දගියා..

එකපාරම මූණට දැනුනු සීතල වතුර පාර නිසා හේශ් උඩගිහින් වගේ ඇහැරුනා.

ඇස්දෙක අමාරුවෙන් අරද්දි..මුණ අද්දර ඉන්න කොල්ලව හේශ් දැක්කා..
හේශ්ගෙ ඇස් ගැස්සුනත්…ඊටත් කලින් ගැස්සුනෙ කොල්ලගෙ ඇස් දෙක..

කොල්ලාගෙ අතේ බත් පිගානක්..
ඒකෙ සුදු බත්..කලුපාටට හදපු මාලු වගේම පරිප්පුත් තිබුනා..

හේශ්ගෙ කටට කෙල ඉනුවෙ කොහොමත් එයා බඩගින්නෙ හිටපු නිසා..

කොල්ලා බත් කටක් අනලා හේශ්ගෙ කටට ලංකලා..

“බත් කන්නවත් අත් දෙක ලෙහන්න බෑද…?’

මූණත් පුලුටු කරන් හේශ් ඇහුවෙ දුකින්..

“තමුසෙ කොල්ලෙක් නේද..ඉවසලා ඉන්නවා…”

නෝන්ඩියට වගේ කොල්ලා කියද්දි.. හේශ්‍ට දැනුනෙ පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්..

“කොල්ලෙක් උනත්..කෙල්ලෙක් උනත් වේදනාව හැමෝටම එකයි.. මගෙ අත් දෙකයි කකුල් දෙකයි රිදෙනවා අනේ..”

“සීනිබෝල බබ්බු..”

කොල්ලා එහෙම කියලා අලි බත් කටක් හේශ්ගෙ කටට එබුවා..

ඒ බත් කට පැයක් විතර අමාරුවෙන් හපලා හපලා ගිල්ලා

කොල්ලා බත් පතටත් ඔරවනවා.
තව දෙතුන් පාරක් ලොකු බත් කටවල් කවපු නිසා හේශ්ට මල පැන්නා.. ඊලග කට කවද්දි හේශ් කලෙ හයියෙන් කොල්ලාගෙ අත හපපු එක..

අතින් ලේ එනකම් හැපුවත්.. හේශ් දිහා බලාගෙන ඉන්නවා මිසක..අත එලියට ගන්නවත් උවමනාවක් තිබුනෙ නෑ..

කටට ලේ රස දැනෙද්දි හේශ් හපන එක නැවැත්තුව…

“මට ඇති..”

ඇත්තටම හේශ්ට ඇති නිසා කිව්වම..කොල්ලා නැගිට්ටා..

“ඔයාද ඉව්වෙ..?රසයි…”

හේශ් කිව්වෙ අවංකවමයි.මොකද කෑම ඒ තරමය රසයි..

හේශ් දිහා බලලා සමච්චල් හිනාවක් පාලා කොල්ලා එලියට ගියා..ආයෙත් ආවෙ වතුර කෝප්පයක් අරගෙන..

වතුර ටිකකුත් හැලි හැලිම බීගෙන ගියෙ තිබහ පැය ගානක ඉදන් තිබුනු නිසාම..

ආයෙත් එලියට ගිය කොල්ලා තවත් පැය ගානක් යනකම් ඇහැටවත් දැක්කෙනම් නැහැ..

***මම ආසයි මචං.. දවස්ගානක් කැලේකට ගිහින් ඉන්න..නිදහසේ හුස්ම ගන්න.. නගරෙන් ඈත් වෙලා කැලෑවකට වෙලා දවස් ගානක් ජීවත්වෙන්න මම පට්ටම ආසයි බං.. කූඩාරමක් ගහගෙන , අල,මස් එහෙම පුච්චලා කාලා ..රෑට ගිනිමැලේ වටේට ඉදගෙන සින්දු කියලා ජොලියක් ගන්න තියෙනම් මරු බං..***

දවසක්…තරුණ් එක්ක හේශ් කතා කර කර හිටපුවා හීනෙන් වගේ හේශ්ට මතක්වුනෙ ඇස් වලට කදුලකුත් එක්කරමින්..

**ඒක මම විදින්න හිටියෙ මෙහෙම නෙමෙයි බං..උඹලත් එක්කම.. ඒත් අද…. උඹලට මාව මතක්වෙනවදවත් දන්නෙ නෑ…
කොහොමත්.. උඹ මාත් එක්ක තරහින්නෙ හිටියෙ තරුණ්..
මම ගැන හොයන්නෙ නැතුව ඇති මේ ටිකේ… මොකද පහුගිය සති දෙකෙත් මට කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ.. මේ ටිකෙත් එහෙම වෙන්න ඇති..***

හේශ් හිතුවෙ දුකින්…

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

“හේශ්…..හේශ්……”

හරියටම දවස් පහකට පස්සෙයි තරුණ් මේ හේශ්ව හොයාගෙන ගෙදරට ආවෙ..

එදා…ක්ලබ් ගිහින් එද්දි… හේශ් එක්ක රණ්ඩු වෙලා හේශ්ව පාර මැද තනියම දාලා ආවත්…ආයෙත් විනාඩි 10ක් විතර ඇතුලත එතන්ටම ගියෙ..තවමත් හේශ් එතන ඇති කියලා හිතාගෙන…

ඒත්…
ඒ යනකොටත්…හේශ් එතන හිටියෙ නෑ..

රවීන්ට කෝල් කලත් ෆෝන් එක ඉස්සුවෙ නැති නිසා…හේශ් රවීන් එක්ක යන්න ඇති කියලා තරුණ් හිතුවා..
හිතේ තියන තරහා වැඩිකමටම..
තරුණ් තවත් දින පහක් යනකම්ම කෝල් එකක්වත් නොදුන්නෙ..
වෙනදට… එක පිට එක ගන්න හේශ්ගෙ කෝල්ස්… මැසේජස්..
මේ ටිකේ නැති නිසා අලුත් වුනු තරහත් එක්කම..

බිස්නස් මීටින් වගයකට තරුණ්ට ඉන්ග්ලන්ඩ් යන්න උනෙ මේ වෙලාවෙදි…

ඌට එපානම් මටත් එපා කියලා හිතුවත්… නිකමටහරි ගිහින් බලන්න කියලා යටිහිත බලකල නිසයි.. ලංකාවට ආපු ගමන්ම තරුණ් අද මේ හේශ්ගෙ ගෙදරට ආවෙ…

ඒ එද්දි…ගෙදර දොරවල් වහලා…

තුන් හතර පාරක් කතාකරද්දි… අල්ලපු ගෙදර හිටපු ඉම්ලි.. බැල්කනි එකෙන් එබිලා බැලුවා..

කෙල්ලගෙ ඇස් රතුවෙලා..ඉදිමිලා වගේ..

“අ..අයියෙ…”..

කෙල්ල කතා කරද්දියි තරුණ් කෙල්ලව දැක්කෙ.

“නංගි… හේශ්ලා.. ගෙදර නැද්ද..?”

“අනේ අයියේ………..”😢😢😢

කෙල්ල අඩාගත්තා..

තරුණ්ගෙ පපුව එකසියගානට ගැහෙන්න ගත්තෙ කෙල්ලගෙ කදුලු දැක්කම..

“ඇ…ඇයි නංගි…?”

“අයියෙ…දවස් ගානක ඉදන්..හේශ් ගෙදර ඇවිත් නෑ අයියෙ…”

“මොකක්…😲😲?”

තරුණ්ගෙ ඇස් ලොකු වුනා…

“ඔව් අයියෙ… දවසක් රෑ කොහෙද ගිහිල්ලා..ආයෙත් ඇවිත් නෑ…”

“එ…එතකොට…කෝ මෙත්තා…?”

“මෙත්තා නැන්දාට හාට් ඇටෑක් එකක් ඇවිත්..දැන් හොස්පිට්ල් එකේ…”

“ඔහ්…ශිට්… අනේ … මම් මේ ටිකේ ගෙදර හිටියෙ නෑ නංගි…මේ මුකුත් මම දන්නෙ නෑ…”

“විරුන් අයියා ඔයාව කන්ටෑක් කරගන්න ගොඩාක් ට්‍රයි කලා..ඒත් ඔයාගෙ ෆෝන් වැඩ කලෙ නෑ…”

“මම ඉන්ග්ලන්ඩ් ගිහින් හිටියෙ නංගි බිස්නස් වැඩ වගයකට…”

“අනේ…හේශ්ට කරදරයක් වගේ අයියෙ…මට බයයි…”

‘ඔහ්…මම බලන්නම්..තෑන්ක්ස් නංගා…හදීසියෙවත් හේශ් ආවොත්…මට කෝල් කරන්න නංගා එවෙලෙම.. ඔයාගෙ නම්බර් එක කියන්න ඉක්මනට..”

ඉම්ලිගෙ නම්බර් එක ඩයල් කරගෙන මිස් කෝල් එකක් ගැහුවා..

“ඕක මගේ.. සේව් කරගන්න.”

“හරි අයියෙ…”

තරුණ් එහෙමම බයික් එකත් හරවගත්තා.
කොල්ලා එහෙමම ගියෙ හොස්පිට්ල් එකට..

විරුන්ව හොයාගෙන ගියත්..දවස් ගානකින් කොල්ලා වැඩට ඇවිත් තිබුනෙ නෑ…

විරුන්ගෙ ෆෝන් එකට කෝල් කලත්..ඒකත් ඕෆ්..
මෙත්තාව බලන්න යද්දි…
එයා හිටියෙ ඇඩූ කදුලින්…

“මෙත්තා…”

“අනේ…දරුවෝ.. මගෙ පැටියා.. “😢😢
මෙත්තා මහා හයියෙන් අඩාගත්තා….

තරුන් මෙත්තා ලගට ගිහින් පුටුවෙන් වාඩිවුනා..

“මොකක්ද උනේ මේ…?”

“අනේ…මගෙ දරුවා ගෙදර ආවෙ නෑ දවස් ගානකින්…😢😢😢
කොහේ ගිහින්ද දන්නෙ නෑ.. කවමදාවත් ගෙදර නෑවිත් ඉදලා නෑ මෙහෙම..එක දවසක් උනත් ඔය ලමයගෙ ගෙදරනෙ හිටියෙ..ඒත්… අපි එහාටත් ගිහින් බැලුවා..එහෙත් නෑ.. අනිත් ලමයගෙ ගෙදර් ගිහිනුත් නෑ..
මට පපුවෙ අමාරුවත් හැදුනා දෙයියනේ…මගෙ දරුවට මොනවා වෙලාද දන්නෙ නෑ.. අයියෝ…..”

මෙත්තා ඔලුවට ගගහා අඩනවා..

“පොලීසි ගියාද..?”

“ඔව්…ඇන්ට්‍රියක් දැම්මා.. ලොකු මහත්තයා කෝලුත් කලා මෙහාට.. ඒත්..තවමත් කිසි තොරතුරක් නෑ දෙයියනේ…
හෙට ලොකුමහත්තයලා ලංකාවට එනවලු…”

“දෙයියනේ…මූට මොකක්ද මේ වුනෙ.. “..

ඇස් වලට කදුලු පිරෙද්දි…තරුණ් නැගිට්ටා..

“මමත් හොයලා බලන්නම්.. මම ලංකාවෙ හිටියෙ නෑනෙ ..ශිට්…”

තරුණ් නලලත් අල්ලගෙනම එලියට ආවා…
කොල්ලට මේ දේවල් තවමත් හිතාගන්න බෑ..

පිස්සෙක් වගේ එහෙ මෙහෙ දුව දුව රෑවෙනකම්ම හේශ්ව හෙව්වා..ඒත්..හම්බවුනේ නෑ..

බැරිම තැන තරුණ් රෑ ක්ලබ් එකට ගියා..

“සිලී…සිලී…මට තව ඕන.. දෙනවා තව එකක්…”

‘ඔය ඇති දෙයියනේ..මැරෙයි ඔහොම බිව්වොත්…”

සිලී තරුණ්ට කිව්වෙ හිතේ උපන් අනුකම්පා මුසු ශෝකයෙන්..

“මට මැරෙන්න ඕන බං.. මට ඌ නැතුව ඉන්න බෑ බං… සිලී…උඹ දන්නවනෙ.. ඌ තමයි මගෙ හුස්ම.. මට ඌව ඕන බං…”

“මම දන්නවා දෙයියනේ..ඒත්… CID එකෙන් දැන් හොයනවනෙ.. කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න..”

“කලබල නොවී කොහොමද බං.. ඌට මොනවාහරි උනොත්.. මම ජීවත්වෙලා මොකටද… 😢😢ඌ හරි අහිංසකයි බං… පව්…පොඩිඑකෙක් වගේ… බිත්තර ඔම්ලට් නැතුව වේලක්වත් බත් කන්නෙ නෑ බං.. ඒතරම් පොඩි එකෙක් වගේ..
දැන්..කොහේ…මොනවා කරනවා ඇත්ද… “

“කරදරයක්වත්ද දන්නෙ නෑ නේද මල්ලි… කිඩ්නැප් කරලා නේද “

“පොලීසිය සැක කරන්නෙ එහෙම තමයි සිලී.. ඒත් කප්පම් ගන්නවත් .. තාම උන් කෝල් එකක්වත් දුන්නෙ නෑ බං..
ඉල්ලන ඕන ගානක් දෙනවා මම උන්ට..මගෙ අසර්ණයව මරයිද බං.උන්.. අනේ..එහෙම උනොත්..😭😭😭😭😭

තරූන් හොදටම අඩනව…හේශ්ගෙ හදිසි අතුරුදහන්වීම..හේශ්ගෙ හිතට ලොකූ දුකක්..

පහුගිය කාලෙම.. තරුණ් කලෙ…හේශ්ට දුක් දීපු එක..
හේශ්ව මගෑරියා..
කතා නොකර හිටියා..

එහෙම කලෙ.
හේශ්ගෙන් පලිගන්න නෙමි.තමන්ගෙන්ම පලිගන්න.
තමන්ගෙ වෙනස් වුනු හිත හදාගන්න..
මොකක්දෝ හේතුවක් නිසා..
තරුණ්ගෙ හිත හේශ්ට ඇදිලා ගියෙ…තරුණුත් නොදැනම..
ඒත්..මිතුරුකමට් ඒක බාදාවක් නිසාමයි..
මේ විදියට..
තරුණ් හේශ්ගෙන් ඈත්වුනෙ..
ඒත්…එහෙම වුනු එකෙන් උනෙ.
තරුණ්ට හේශ්ව සදහටම අහිමිවුනු එක..

තරහා නොවුන නම්..
මග නොඇරියා නම්…
රට නොගියා නම්..
තවමත් හේශ් තමන් ලග නේද කියලා හිතද්දි…
පපුව පැලෙන්ම වගේ දැනෙන නිසාම..
තරුණ් කලෙ ඇතිවෙන්න බීපු එක..
හේශ්‍ට මෙහෙම වෙන්න එකම වැරදිකාරයා තමුන් කියලයි තරුණ් හිතන් ඉන්නෙ..

ඉතින්න්..තරුණ්ට ඕන ආයෙත් තමන්ගෙන් පලිගන්න.
මනුස්සයෙක්ට ඔරොත්තු නොදෙනතරමටම..බීලා බීලා..
සිහිය නැතිකරගන්නයි…
තරුන්ට ඕන..

ඒත්…අසිහියෙන් ඉද්දි..
සිහියෙන් හිටියට වඩා වැඩිපුර..හේශ්ව මතක්වෙන එක වලක්වන්න් නම්..
තරුන් මේ තරම් බිව්ව…
මත්පැන් වලටවත් බැරිවුනා.

තවමත් තරුණ් තමන් එක්ක තරහින් ඇත්තෙ කියලා හේශ් හිත හිත හිටියත්..
හේශ් වෙනුවෙන් …
කදුලු සලමින්..තරුණ් දුක් වෙනවා කියලා… හේශ් දන්නෙ නැහැ…

මතුසම්බන්ධයි❤️

*****************එශ්***********

හරියටම තව කොටසකින් දෙකකින්..
කතාව හොදටම පැහැදිලු වෙයි..
ඔයාලගෙ සැකයට පිලිතුරු ලැබෙයි 

2 Comments

  1. You really make it appear so easy together with your presentation however I find this topic to be
    actually something that I believe I might never understand.
    It sort of feels too complex and extremely large for me.
    I’m having a look forward on your next post, I
    will try to get the hang of it! Escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *