#YOU_ARE_MY_DESTINY 11

💏 11 කොටස 💏

උදේ ඇහැරෙද්දි..හේශ්ගෙ ඇගට වෙනදා තරම් අපහසුවක් නොදැනුනා.. ඒ ඇයි කියලා බලන්න වගේ…ඉක්මනින් ඇස් ඇරිය හේශ් දැක්කෙ..තමන් ඉන්නෙ ඇදක කියලා..

හරියටම සති දෙකක්.. හේශ් පුටුවක තියලා ගැටගහලයි හිටියෙ.. ඒ සති දෙක ඇතුලත කිසිම කලබලයක්..නොකල නිසා හේශ්ව මෙහෙම අත පය ලෙහලා තියන්න ඇති කියලා එයා තේරුම් ගත්තා..

හේශ් මේ හැමදේම කලෙ…
මෙහෙන් ඉක්මනින්ම බේරිලා යන්න ඕන නිසයි…

අත පය හතර දික්කරලා ඇග මැලි කැඩුවෙ…දවස් ගානකින්..ඇගට දැනුනු සනීපය නිසා..
ආයෙත් පස්සත් උඩ තියන් අත් පය හතර අතේ විසිකරගෙන ඇදේ පතබෑවුනෙ සනීපය නිසාම..

තමන් මේ ඉන්නෙ උඩතට්ටුවෙ තිබුනු කාමරයක කියලා..හේශ් තේරුම්ගත්තා..

ඒ ඇද උනත් හරිම සුවපහසුයි..
පොරෝනයත් ඔලුවත් වැහෙන්න දාගෙන..හේශ් සනීපෙට ඇස් පියාගත්තා..

ආයෙත් නින්දයාගෙන එනකොට එකපාරම පොරෝනය එලියට විසිවෙනවා වගේ දැනුනා..

“නැගිටිනවා…”

කකුලට වැදුනු හොද ශොට් එකක් නිසා..හේශ් උඩ ගිහින් අවදි වුනා..

කම්මැලි කමට ඇස් පොඩිකරකර නැගිට්ට හේශ් දකිද්දි..
නපුරාගෙ මූණට පුංචි හිනාවකුත් ආවා..

**අහ්..හිනාවෙන්නත් දන්නවනෙ..**

හේශ් හිතුවෙ සති දෙකටම පලවෙනි වතාවට දැක්ක ඒ හිනාව දිහා වශී වෙලා වගේ බලන්.

කොල්ලා උනත් හේශ් දිහා බලන් හිටියෙ වශී වෙලා..

**අහ්.. මටත් පිස්සු.. කෙල්ලෙක් දිහාවත් නොබලපු මම.. මේ පොඩි කොල්ලෙක් දිහා බලන් ඉන්නෙ..
ශිට්..මට මේ මොනවද වෙන්නෙ..
නෑ… එහෙම වෙන්න බෑ..
අවුරුදු ගානක් කැලේ ඉදලම මගෙ ඔලුව විකාර වෙලාද කොහෙද..
දැක්ක වෙලාවෙ ඉදලම..මේ කොල්ලා මගෙ හිතට මොනවද කරලා.. ඇයි ඒ.. දෙයියනේ මේ කොල්ලෙක්නෙ… මේ කොල්ලෙක්… කොල්ලෙක්… තේරුම් ගනින් පපුව…..**

පපුවට අතකුත් තියාගෙන හේශ් දිහාම බලාගෙන හිත හිත හිටපු කොල්ලා දිහා හේශුත් බලාගෙන හිටියෙ වශීවෙලා..

ඒ දේහදාරී ශරීරය දැක්කම..කෙල්ලො විතරක් නෙමි..කොල්ලොත් වශීවෙනවා කියලා හේශ්ට හිතුනා..

මූණෙන් පටන් ගත්තු බැල්ම.. කකුල් දෙක ලගට යනකම්ම ගෙනිච්චෙ හරියට ෆුල් බොඩි ස්කෑන් එකක් කරනව වගේ…

ඒ, කොල්ලගෙ මුලු ඇගේම තිබුනෙ වශී කරවන පෙනුමක් නිසා..හේශ් නම් කොල්ලට වශීවෙලා ඉවරයි..

ඒත් එක්කම වගේ සිහි එලවගත්තු කොල්ලා ..
මූණ ආයෙත් නපුරුකරගත්තා..

“මොකද… කන්න වගේ බලන්නෙ.. තමුසෙ එහෙම එකෙක්ද..?”

නෝන්ඩියට වගේ කොල්ලා හේශ්ගෙන් අහද්දි..හේශ්ගෙ මූණ ඇදවුනා..

“අනේ.මේ…”.

ලැජ්ජව වහගන්න අහකබලාගත්තු හේශ්ගෙ මූණ දැක්කම කොල්ලට ආයෙත් හිනා..

“එනවා නාන්න යන්න..සති දෙකකින් නෑවෙ නෑනෙ.. ලග ඉදගෙන මෙහෙම කතා කරන එකටත් පින් දෙනවා මට.. හම්මෝ..😕😕

මූණත් අකුලගෙන එහෙම කියලා හේශ්ගෙ අතින් බලෙන්ම ඇදලා එලියට එක්කගෙන ගියපු කොල්ලා බ්‍රශ් එකත් අතට දීලම ගග ලගට එක්කගෙන ගියා..

පලවෙනි වතාවටයි හේශ් මේ ගෙදරින් එලියට එක්කගෙන ආවෙ..

ඒ පරිසරයෙ තිබුනෙ පුදුමාකාර ලස්සනක්..

මේ ලී නිවස හදලා තිබුනෙ ගල්තලාවත් මත ටිකක් උසට..

ගල්‍තලාව වහගෙන ගංගාවක් ගලාගෙන යනවා
වටේම රූස්ස ගස්කොලන්..
කියාගන්නත් බැරිතරමට ඒ පරිසරය ලස්සනයි..
ගස් උඩුවියන් බැදලා නිසා..එයාලා හිටපු නිවස වැහිලයි තිබුනෙ..
ඒ නිසා ඉහලින් බලන කෙනෙකුට …මේ කපේට මේ නිවස හොයාගන්න හම්බෙන්නෙ නැ..

හරියට මේක හොරාට හංගලා වගේ හදලා තියෙන නිවසක් නිසා.

නිවසින් එලියට බැස්ස වෙලාවෙ ඉදලා කටත් ඇරන් හේශ් වටපිට බලබල හිටියෙ..

හරියට තමන් කිඩ්නැප් වෙලා වගේ නෙමි..
ට්‍රිප් එකක් ඇවිත් වගේ..😆😆😆

කොහොමත් ..
ආපු දවසෙ ඉදලා..අතපය ගැටගහලා තිබුනු එක ඇරුනුකොට..
හේශ්‍ට තමන් කිඩ්නැප් වෙලා කියලා දැනුනෙ නෑ..
මොකද..
මේ තරුණයා නපුරු උනත්..
තමන්ට හොදින් සලකපු නිසා..

කටත් ඇරන් හතරවටේ බලන් ඉන්න හේශ් දිහා ආයෙත් කොල්ලගෙ ඇස් නැවතිලා තිබුනා..

හිතාගන්නත් බැරි අමුතු රූපයක් හිමිවෙලා තිබුනු මේ ආගන්තුකයා කොල්ලගෙ හිත හොල්ලන්න සමත්වෙලා තිබුනා..

නිතර බයවෙලා කදුලු පිරුනු ඇස්.. කොල්ලට කෙනෙක්ව නිතරම වගේ මතක් කලා..
ඒ ඇස්..අද වෙනකම්ම..කොල්ලගෙ මතකයෙ තිබුනා..
ඒ ඇස් වලට..කොල්ලා අදටත් ආදරේ කලා..
කවදහරි මේ ජීවිතයේදී දවසක..
ඒ ඇස් එකපාරක් හරි මුණගැහෙන්න කියලා..
කොල්ලා ප්‍රාර්තනා කරකර හිටියත්..
නොහිතපු විදියට..
අවුරුදු 8කට පස්සෙ..

ඒ වගේම ඇස් දෙකක්..තමන් ඉස්සරහට ඇවිත්..
කොල්ලට පුදුම ඒකයි…

දිලිසෙන හේශ්ගෙ ඇස් දිහා බලන් සිහින ලෝකෙක සැරිසැව කොල්ලට තමන් මේ කරන්නෙ රාජකාරියක් කියලා මොහොතකට අමතක කෙරෙව්වා…

ඒත් එක්කම ආයෙත් හේශ්ගෙ අතින් ඇදගෙන ගග ලගටම එක්ක ගියා..

“ආ…මේ ශෝටයි ටීශර්ට් එකයි නෑවට පස්සෙ ඇදගන්නවා..
නාලා ඉවරවෙලා ඔය ඇදගෙන ඉන්න ඇදුම් හෝදලා වනනවා..”

ආම්කට් ටීශර්ට් එකකුයි ශෝට් එකකුයි හේශ්ගෙ අතින් තිබ්බම..හේශ් ඇස් ලොකු කරන් බලන් හිටියෙ තමන් මේවා අදින්නෙ කොහොමද කියලා..

ඒත් ඒක මොහොතකට අමතක කරලා..දත් මැදලා මූන මුලින් හෝදගත්තා ..

‘නට නට ඉන්නෙ නැතුව මේ ශෝට ඇදන් නාගන්නවා…”

හේශ් අතට තවත් ශෝට් එකක් විසිකරපු කොල්ලා ඇදගෙන හිටි ටීශර්ට් එක ගලවලා ගල්තලාවෙන් තිබ්බා.ඊලගට ශෝට් එකගලවන හදද්දිම..
හේශ් ඉක්මනින් අහක බලාගත්තෙ ඇතිවුනු ලැජ්ජාවට..

“මොකද…කෙල්ලෙක් වගේ අහක බලන්නෙ.. තමුසෙට තියෙන ඒවම තමයි මටත් තියෙන්නෙ.. නාගන්නවා ඉක්මනට..මම නාලා ඉවරවෙනකොට නාගෙන ඉවර වෙනවා..හරි..”

එහෙම කියලා කොල්ලා ගගට පනිනවා ඇහුනා.

හේශ්ට නාන්න ඕන..ඒත්..කොල්ලා ඉන්න තැනදි..නාන්නත් බෑ..ඇදුම් ගලවන්නත් බෑ..

“මේ..මම ටිකක් එහායින් නාන්නද..මෙතන ගැබුරයි.මට පීනන්න බෑ..”

හේශ් බොරුවක් කිව්වෙ මෙතනින් පැනගන්න ඕන නිසා..

“අපෝ…ලැජ්ජාවෙ බෑ…හ්ම්ම්..අන්න අතන්ට යනවා.. එතන ගැඹුරු නෑ..”

කොල්ලා ටිකක් එහායින් ගල් තලාවකට වට වුනු තැනක් පෙන්නුවා.

හේශ් එතනට දුවලා ගියා..එතන ඉදන් බලද්දි..කොල්ලව පේන්නෙ නෑ..
ඉස්සිල බලද්දි..කොල්ලා කිසි ගානක් නැතුව නානවා..

ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගත්තු හේශ් ගල් අතරින් රිංගලා ඉක්මනින් එතනින් දුවලා ගියා..ගග හරහා ගියොත් බේරෙන්න මගක් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතපු නිසා ගග පහලට ගලන පැත්තට හේශ් දිවගියා..ඒත් ටික දුරයි දුවන්න පුලුවන් වුනෙ.

ගල්වල බැදිලා තිබුනු පෙදපාසි වලට ලිස්සලා ගිහින් හේශ් වැටුනෙ වේගෙන් ගලායන ගංගා කොටසකට.. පීනන්න තියා හිතාගන්නවත් පුලුවන් උනේ නෑ..හිතන්නත් කලින් අඩි ගානක් ඈතට ගහගෙන ගියා..

පුලුවන් වෙර දාලා හේශ් කෑගැහුවෙ මරන බිය ලග ලගම දැනෙද්දි..ඒත් එක්කම වගේ කොල්ලාට හේශ්ගෙ කෑගැහිල්ල ඇහුනෙ එයා හිටි තැනට වඩා ගොඩාක් ඈතින්..

ක්ශනිකවම නැගිටලා දිවගියපු කොල්ලා..විනාඩි කීපයක් ඇතුලත හේශ් ගහගෙන යන තැනට ලගාවුනා..
ගගට පැනපු කොල්ලා හැකි ඉක්මනින් පීනලා ගිහින් හේශ්ව බේරගත්තෙ පැය බාගයක් විතර වෙහෙසිලා..

අන්තිමට හේශ්වත් හරහට අරන් ගොඩට ආපු කොල්ලා ..හේශ්ව බිම දිගා කලා..ඊලගට බඩට අත් දෙක තියලා පෙවුනු වතුර අයින් වෙන්න කිප පාරක්ම තදකලා..

හතර පස් වතාවක් කලත් වතුර අයින් වුනෙවත්…සිහිය වත් ආවෙ නැති නිසා…
කෘතිම ශ්වසනය දෙන්න තීරනය කලා..
හේශ්ගෙ නහය තදකරලා මුවට මුව තියලා කෘතිම ශ්වසනය දෙතුන් පාරක් දීලා ආයෙත් බඩ තද කරද්දි.. හේශ්ට කැස්සක් එක්කම පෙවුනු වතුර ඉවත්වුනා..

ඒත් එකවරම ආයෙත් සිහිය නැතිවුනුනිසා…හේශ්ව හරහට අරගෙන ඉක්මනිම්ම නිවස වෙත ගියා..පැයබාගෙකටත් වඩා ඇවිද ඇවිද යන්න උනුනිසා කොල්ලට දැන් බයයි..මොකද හේශ් නිල්ම නිල් වෙලා.
ඇග හැමතැනම ගල්වල වැදිලා තැලුම් සීරීම් පාරවල්..
කම්මුලක..නලලෙ පැත්තක තද නිල් තැලුම් පාරවල් තිබුනු නිසා කොල්ලා පය ඉක්මන් කලෙ වැටෙද්දි නලල වැදුනු එක සිහිය නැතිවෙන්න බලපාලා ඇතිද කියලා හිතන ගමන්ම..
කොහොමහරි විනාඩි 20ක් විතර යනකොට නිවසට ලගාවෙන්න පුලුවන් උනෙ.. කොල්ලගෙ දක්ශතාවය නිසාමයි..

හේශ්ව බේරගන්නකොට එයාලා නිවසට කිලෝමීටරයක් විතර ඈතිනුයි හිටියෙ..

ඉක්මනින්ම හේශ්ව ඇදට අරන් ගියපු කොල්ලා හේශ්ව ඇදෙන් දිගා කලා..
මේ වෙලාවෙ ඇගට හොදටම උණුසුම අවශ්‍ය නිසා කොල්ලා හේශ්ගෙ ඇදුම් ගලවන්න පටන්ගත්තා..

ඇගටම ඇලිලා තිබුනු ටීශර්ට් එක උස්සලා ගලවන්න හදද්දි..

කොල්ලගෙ ඇස් උඩගියා…

“ඔහ්… ම්..මෙ….මේක කොහොමද උනේ…?”😲😲😲

කුසෙහි තිබුනු ලොකු තුවාලයක් දැක්ක කොල්ලා වෙවුලලා ගියා..

“දෙයියනේ…”

තරමක් යටට හෑරිලා තිබුනු අගල් තුනක් විතට දිග තුවාලයෙන් ලේ වෑස්සෙමින් තිබුනා..

තවත් වෙලා නොගෙන ඉක්මනින් ටීශර්ට් එක ගලවපු කොල්ලගෙ ඇස් ආයෙ උඩගියා..

“ක්…කෙ..ල්..ලෙ…ක්…?😲😲😲😲😲

කොල්ලා අඩි දෙක තුනක් පිටුපසට විසිවුනා..

ඔව්…
හේශ් කියන්නෙ කෙල්ලෙක්..
ඇදුමින් පැලදුමින්.. කතාබහෙන්… හැසිරීමෙන් කොල්ලෙක් වගේ උනත්.. හේශ් කියන්නෙ…. #කෙල්ලෙක්

කොල්ලාට සිහි එලවගන්න මොහොතක් ගියා..

තවත් වෙලා හිටියොත් කෙල්ලගෙ ජීවිතේට කරදරයක් වෙන්න පුලුවන් නිසා කොල්ලා කෙල්ලගෙ ඇදුම් ඉවත් කලෙ කිසිම අහිතක් හිතන්නෙ නැතුවම..

ඊලගට කොල්ලගෙ බොටම් එකකුයි ටීශර්ට් එකකුයි අන්දලා තුවාල වලට බෙහෙත් දාන්න ගත්තා..

කෙල්ලගෙ කුසේ තිබුනු තුවාලය සෝදලා ඉක්මනින් බෙහෙත් දාලා මැහුම් කිහිපයකුත් දාලාම බැන්ඩේජ් කලා..

කකුලෙත් අතෙත්..කම්මුලෙත් තිබුනු සීරීම් පාරවල් වල බෙහෙත් ගැල්වුවා..

නලලෙයි කම්මුලෙයි තිබුනු තැල්ම් පාරවල් වල බාම් ගැල්වුවා..

මේ සේරම කරලා ඉක්මනින් කොල්ලා පහලට ගියෙ උනුවෙන් කිරි එකක් හදන් එන්න..

කොල්ලා කිරි එක හදන් එද්දි..කෙල්ලට සිහිය ඇවිත්..

“ආ… මේක බීලා ඉමු..”

හේශ්ගෙ ඔලුවෙන් අල්ලලා නැගිට්ටවලා ඇදවිට්ටමට හේත්තුකලා.. ඊලගට කිරි වීදුරුව අතට දුන්නා..

“බොන්න..ඇගට උනුහුම ඕන දැන්..”

“මගෙ ඇදුම්…?”

හේශ් ඇහුවෙ බයවෙලා..

“මම මාරු කලෙ…”

රඝූ එහෙම කියද්දි..කෙල්ලගෙ ඇස් උඩ ගියා..

“ඔයාගෙන් අහන්න වගේම.. ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා..සනීප වෙලා ඉමුකො ඉස්සරවෙලා.. ඔයාගෙ බඩ තුවාලවෙලා.. ඒ නිසා වැඩිය දගලන්න එපා..”

“බඩ..අහ්..ඒකද මේ තරම් කැක්කුම..”

“හ්ම්ම්..මැහුම් දාන්නත් වුනා..”

“මැහුම්..?”😲😲

“හ්ම්ම්..දැන් ඕක බොන්න..”

හේශ් ඔහුට කීකරු වෙලා කිරිඑක බිව්වා..

“මේ පේන් කිලර්ස් බීලා නිදාගන්න..”

හේශ්ගෙ අතේ පෙති දෙකතුනක් තියලා වතුර වීදුරුව දික්කලෙ ඇස් වලින් බොන්න කියලත් අගවන ගමන්.

මූණත් අකුලගෙන පෙති බීපු කෙල්ල ඇදෙන් හාන්සිවුනා..

පෙරවනය ඇගට දාලා රඝූ කාමරෙන් ගියෙ කෙල්ල දිහා තවත් ටික වෙලාවක් බලන් ඉදලා..

තුවාල වේදනාවට වගේම..බෙහෙත් වල සැරට හේශ්‍ට ඉක්මනින්ම නින්ද ලගාවුනා..

මතුසම්බන්ධයි❤️

****************එශ්*************

ඔන්න රහස එලි කලා..
🙈🙈🙈🙈🙈🙈🙊🙊🙊🙊🙊🙊🙊

හේශ් කියන්නෙ කෙල්ලෙක් කියලා මුල ඉදලම කියපු අයට..
මෙන්න මගෙන් උම්මා..
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

දිගටම කියවන්නකො.. තව තව දේවල් එලිවෙන්න තියෙනවා.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *