#YOU_ARE_MY_DESTINY 13

💐🌹 13 කොටස 🌹💐

“තරුණ්..මොකද හු#@ මේ උඹට වෙලා තියෙන්නෙ…..?”

ක්ලබ් එකේ, හොදටම බීලා බිම වැටිලා ඉන්න තරුණ්ගෙන් රවීන් මේ අහන්න මල පැනලා..

ඇයි ඉතින්..දැන් සති තුනක් තිස්සෙම..
හරියට කිව්වොත්… තරුණ් ලංකාවට ආපු දවසෙ ඉදලම ..
හැමදාම ක්ලබ් එකට ඇවිත් වැටෙනකම් බීලා බීලා කාගෙ කරි කර පිටින් ගෙදර යන එකට රවීන්ට මල පැනලයි හිටියෙ.

අදත් ඒ වගේම බීලා බීලා බිම නිදි…අසිහියෙන් කියව කියව නිදි..

“නැගිටපන් යකෝ…. මට දැන් තොගෙ මේ විකාර ඇතිවෙලයි තියෙන්නෙ..”

තරුණ්ගෙ උරහිස්වලින් හොල්ල හොල්ල රවීන් කතාකලත්… කොල්ලා හෙල්ලෙන්නෙවත් නෑ..

“උඹ ඕන මගුලක් කරගනින් ගෙදර ගිහිල්ලා..දැන් යමන්.. නැගිටපන්..”

කොහොමහරි ට්‍රයි කරලා තරුණ්ව කෙලින් කරගත්තු රවීන් කාර් එකට අරන් ගියෙ ඇදගෙන වගේ..

වාඩිවුනු වෙලාවෙ ඉදලා..කොල්ලා කියවනවා.

“මගෙ… හේශ්… උඹ කෝ…. වරෙන්කො…හේශ්… මට උඹ නැතුව බෑ යකෝ… වරෙන් මාව බලන්න.. ඇයි…උඹ ..මට…මෙහෙම..කරන්නෙ… අනේ…හේශ්…ඉක්මනට වරෙන් යකෝ…..”

“තරුණ්.. උඹට පිස්සු හැදිලද.. මොකද මේ…?”

රවීන්ටත් තරුණ්ගෙ මේ හැසිරීම පුදුමයක්..

“අඩෝ…රවීනයා…. මට..මට මගෙ හේශ්ව හොයලාදියන්කො.. ඌ මාව දාලා…ගිහිල්ලා ..බං… මට ඌව ඕන බං..
අනේ… මට ඌව හොයලා දීපන්… මගෙ පපුවත් පැලෙන්න වගේ බං….හේශ්….”

රවීන්ග්‍ර් අතට ගගහා තරුණ් කිය්ද්දි… රවීන් කල්පනා කලෙ..
මේ මොන වගේ බැදීමක්ද කියලා..

“තරුණ්.. මොකද බං උඹ මෙහෙම හැසිරෙන්නෙ..?ආ… උඹ ඌට ලව්ද…”

‘ලව්…ලව්…ඌ තමයි යකෝ මගෙ ජීවිතේ…මගෙ හුස්ම…මට ඌ නැතුව හුස්ම ගන්නත් බෑ යකෝ…. එන්න කියපන් ප@#$ට.. මම උට කන පැලෙන්න ගහනවා… මාව දාල ගියාට..”

“උඹ ඔහොම වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ බං.. ලෝකෙ මෙච්චර කෙල්ලො ඉද්දි… ඇයි බං උඹ කොල්ලෙක්ට ලව් කලෙ..අනික..උඹ එන්ගේජ් වෙන්න නේද ඉන්නෙත්…”

“කොල්ලෙක්..කවුද බං කොල්ලා…ආ.. කවුද කොල්ලා..?”

“හේශයානෙ…”

😂😂😆😆😆😆😆උඹට පිස්සුද යකෝ… ඌ කොල්ලෙක් නෙමෙයි… ඌ කෙල්ලෙක් යකෝ… කෙල්ලෙක්..
මගෙ හේශාන්දි… මගෙ පණ….”

පපුවට මහා හයියෙන් ගහගනිමින් තරුණ් කියද්දි… රවීන්ගෙ ඇස් උඩ ගියා.

“මොකක්…😲😲😲😲😲කෙල්ලෙක්.. හේශාන්දි…?”

“ඔව් යකෝ… ඒකි කෙල්ලෙක්… මගෙ කෙල්ල.. මගෙ හුස්ම… මගෙ පණ..මගෙ හැමදේම යකෝ ඒකි.. මගෙ හැමදේම…”

“තරුණ්.. උඹ කොහොමද දන්නෙ…?”

“මම ඒක දන්නෙ ඒකිව මට හම්බෙච්ච මුල් දවසෙ ඉදලම යකෝ..ඒත්…ඒකි කවමදාවත් ඒකි කෙල්ලෙක් කියලා අගවලා නෑ.. මේ මටවත්.. ඒකිගෙ හොදම යාලුවා වෙච්චි මටවත්…ඒත්…
මම දැනගත්තා..
මම අදුනගත්තා…
අන්න එදා ඉදලා…
මම ඒකිට ආදරේ කලා බං….
ගොඩක් ආදරේ කලා..
ඒකිව…පුලුවන්තරම් පරිස්සම් කලා…
මම නැතුව ඒකිට.. කොහේවත් යන්න මම ඉඩ දුන්නෙ නෑ බං..
ඒ තරමට මම ඒකිව පරිස්සම් කලෙ මලක් වගේ…

උඹට මතක්ද… හේශ් උඹේ ගෙදර පාටියට ආපු දවස..
එදා ඌව මම අරන් ගියෙ මගේ ගෙදර්..
උදේ නැගිටිද්දි..ඇදුම් මාරුකරලා කියලා දැක්කම.. ඒකි බයවුනා බං.
මගෙන් ඇහුවම මම කිව්වෙ මම මාරුකලා කියලා..
පව්බං..හොදටම බයවුනා.. ඒකි හිතුවෙ..මම එදා දැනගන්න ඇති කියලා ඒකි කෙල්ලෙක් කියලා..

ඒත්….
ඒකිගෙ ඇදුම් මාරු කලෙ මම නෙමි බං…
මගෙ නංගි….
එදා තමයි… නංගිත් දැනගත්තෙ.. ඒකි කෙල්ලෙක් කියලා.
මගෙ නංගිත් ඌ කොල්ලෙක් කියලා හිතාගෙන උට ලව් කලා බං..😆😆😆
පව් බං ඒකි..

අන්තිමට…😂😂
ඒකිත් දැනගත්තා… ඒ ඉන්නෙ මගෙ පණ කියලා…”

තරුණ් එක දිගටම කියවනවා..

මේ දේවල් රවීන් අහන් හිටියෙ පුදුමයෙන්..

**එතකොට..හේශ් කියන්නෙ ..කෙල්ලෙක්…ඔහ්… **

රවීන් කල්පනා කලෙත් මේ දේවල් හිතාගන්න බැරුවම..

තරුණ්ගෙන් විස්තර ගොඩාක් රවීන් දැනගත්තා..
මොනවා උනත්..හේශ් කියන්නෙ..රවීන්ගෙත් යාලුවා.. ඒ නිසා කොල්ලටත් හරි පුදුමයි මේ දේවල්..මොකද කවමදාවත්..
හේශ් තමන් කෙල්ලෙක් කියලා ඇගවෙන්න හැසිරිලා නෑ..
මොනම අපහසු අවස්තා වල උනත්..

ඒ අතින් හේශ් කියන්නෙ නියම කොල්ලෙක්….👍
අහ්…නෑ.. කෙල්ලෙක්…😉

තරුණ්ව ගෙදරට දාලා රවීන් ආපහු යන්න ගියෙත් හේශ් ගැන හිත හිතමයි..

ඇදේ දිගාවෙලා වෙරිමතින් කියව කියව ඉන්න තමන්ගෙ අයියව දකින වාරයක් ගානෙ.. තෙරුණිගෙ හිත පුදුමවිදියට වේදනා ගෙනදුන්නා..

කොල්ලෙක් කියලා හිතන් හිටපු ,ටික කාලයක් දැකපු..ආශ්‍රය කරපු හේශ් ගැන තමන්ගෙ හිතේ ආදරයක් ඇතිවුනා නම්..

අවුරුදු 10ක්.. හේශ් කෙල්ලෙක් කියලා දැන දැනම… ඇස්දෙක වගේ ආරක්ශා කරගත්තු තරුණ්ගෙ හිතේ කොයිතරම් නම් ආදරයක් තියෙන්න ඇතිද කියලා කෙල්ල කල්පනා කලා..

ඒ ආදරය.. දැන් කෙල්ලගෙ ඇස් ඉදිරිපිටම ඔප්පු වෙලා ඉවරයි..

මොකද… හේශ් අතුරුදහන් වුනා කියලා දැනගත්තු වෙලාවෙ ඉදලා..
තරුණ් නිවසේ රැදෙන්නෙ.. මෙන්න මෙහෙම සිහි නැතිවෙන්මකම්ම බීලා කවුරුමහරි ගෙදරට ගෙනල්ලා දැම්මට පස්සෙ විතරයි..

ඊලගට උදේ එලිවුනු ගමන්ම ආයෙත් ඇදගෙන.. තරුන් යන්නෙ හේශ්ව හොයාගෙන..

මේ දේතමයි…මේ ටිකේම එකම විදියට සිද්දවුනෙ..

අදත්… හේශ් ගැන කියව කියව…අසිහියෙන් නිදන කොල්ලා දිහා බල බල ඇඩුම් වාවගත්තු තෙරුණි.. කුස්සියට ගිහින් දෙහි ගෙඩියක් කපාගෙන ඇවිත්.. කොල්ලගෙ නලලෙයි..ඔලුවෙයි ඇතිල්ලුවා..

ඊලගට කොල්ලට නින්ද යනකම්…ඔලුව අතගගා හිටියා..

අම්මාගෙ ආදරේ අහිමිවුනු මේ අයියා නගෝ දෙන්නාට .. දුකේදි වගේම සැඔඒදිත් ඉතුරුවෙන්නෙ…ඒදෙන්නම විතරයි..

මිල මුදල්… යාන වාහන..ගෙවල් දොරවල්… ලොකු ලොකු තානාන්තර තියෙන මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙ නැත්තෙ…..
සැනසීම… ආදරය… ආරක්ශාව…
මෙයාලටත්…ඒක ඒ විදියටම පොදුයි..
හැමදේම තිබුනත්.. අම්මගෙ..තාත්තාගෙ..ආදරය..ආරක්ශාව..මෙයාලට අහිමි දේවල්..

තෙරුණි හිතින් ගොඩාක් වෙලාවට හඩාවැටෙනවා මේ දේවල් කල්පනා කරලා..

මේ ජීවිත හරි පව්..

කෙල්ලටත් තරුණ් ලගම නින්දයන්නෙ.. තෙහෙට්ටුව නිසා වගේම.. ගොඩාක් වෙලා කල්පනා කරලා ඔලුව වෙහෙසපු නිසා..

🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼💐

හැමදාම හවසට රඝූ කෙල්ලව බාත්රූම් එකට අරන් යනවා.. ඊලගට කලින් උණු කරලා…ගානට නිවාගත්තු වතුරෙන් කෙල්ලව තෙත මාත්තු කරනවා.. කොයිතරම් ලැජ්ජා උනත්.. කොල්ලා කරන මේ දේවල් වලට කෙල්ලට ඉඩ දෙන්න සිද්දවුනා..

අදත්.. ඒවගේ දවසක්..
දැන් කෙල්ලගෙ කුසෙහි තුවාලය ටිකක් සනීපයි.. ඒත් තවමත් ..හරිහැටි නැවෙන්න එහෙම බෑ..තනියම වැඩක් කරගන්නත් ටිකක් අමාරුයි..

කොල්ලා උනත්..තුවාලය නිතර පිරිසිදු කරලා බෙහෙත් දාන්නෙ.. හදීසියෙවත්…වැඩිවුනොත්.
ඒක තමන්ගෙ මිශන් එකව වගේම..කෙල්ලගෙ ජීවිතයටත් අවදානමක් නිසා..

අද… කොල්ලා ඉන්නෙ තීරනාත්මක දිනයක…

කෙල්ලට හැම විස්තරයක්ම කියලා..මේකෙන් ගැලවෙන්න මගක් හොයාගන්න තමයි කොල්ලා අද හිතන් ඉන්නෙ..

ලැමට ටිකක් ඉහලට වෙන්න ඇදලා ඉන්න රෙද්ද එහෙ මෙහෙ කර කර කෙල්ල යාන්තම් ඇග තෙත මාත්තු කරගත්තා..

අත් දෙකේ සබන් ගාගෙන..රඝූ කෙල්ලගෙ කකුල් දෙකේ දණහිසට ටිකක් උඩ ඉදලා ගෑවෙ කෙල්ල විලියෙන් ඇඹරෙද්දි..

“දගලන්නෙ නැතුව ඉන්නවා..මේක ඉවර කරනකම්..”

කොල්ලා කිව්වෙ..කෙල්ල ඉන්නෙ ලැජ්ජාවෙන් කියලා දැන දැනම..

**මෙයා කියයි… මට ලැජ්ජයිනෙ කොල්ලෙක් මෙහෙම කරද්දි..ඇයි වදේ..**

කෙල්ල මූණත් ඇද කර කර හිතුවා..

“මොකෝ…මට ඇද කරනවද..”

**හහ්..බිම බලාගෙන හිටපු මෙයා දැක්කෙ කොහොමද ඒක..**

කෙල්ල නියපොත්තක් හප හප කල්පනා කලා..

“දැක්කෙ කොහොමද කියලනෙ ඔය නියපොත්ත ගිල ගිල හිතන්නෙ.. අමතක උනාද… මම කැප්ටන් කේශර් රඝුනාත්…. මේ දැන් එක එක්කෙනාගෙ කකුල් හේදුවට..”

කොල්ලා ආඩම්බරෙන් වගේ එහෙම කිව්වත්..ඒ වචන වලින් රිදුනෙ කෙල්ලගෙ හිත..

**එක එක්කෙනාගෙ කකුල්..*

හිත දුකින් කිහිප පාරක්ම මිමිනුවෙ ඒ වචන ටික…

කෙල්ලගෙ සද්දයක් නැති තැන..රඝූ ඔලුව උස්සලා බලද්දියි දැක්කෙ..
ඒ බෝල ඇස් වල පිරිලා තිබුනු කදුලු..

‘ඇයි…”

අඩු ස්වරයකිම් කොල්ලා ඇහුවෙ ඒ කදුලු ඉස්සරහා හිත මෙල්ලවෙද්දි..

“ම්ම්..මුකුත්.. නෑ.. ඔ…ඔයා.. එහාට ..වෙන්න …කැප්ටන්.. මම මේටික කරගන්නම්…”

කෙල්ල දුකින් කිව්වෙ කොල්ලගෙ ඇස් මගෑරලා.

“ඇයි..දැන් එකපාරටම මොකද උනේ..ම්ම්..තනියම කරගන්න පුලුවන්ද…ආ…නැවෙන්න බෑ නේද තාම..?’

‘ම්ම්..මට පුලුවන් කැප්ටන්..”

‘හා..කරගන්නකො එහෙනම්..”

කොල්ලා ගලායන ජලයෙන් අත් දෙක හෝදගෙන නැගිටලා ටිකක් එහාට ගියා.

කෙල්ල අඩ අඩම පහත්වුනෙ වතුර ටිකක් අතට ගන්න

ඒත්…

“ආ…හ්…”

ඇස් වලින් කදුලු ගුලි පැන්නා..
තුවාලෙ තදවෙලා ලොකූ වේදනාවක් ඇතිවුනා.

හිත අහේතුකව රිදෙද්දි…ඒ රිදිල්ල..තුවාල වේදනාවට වඩා වැඩියි කියලා කෙල්ලට දැනුනා..
තමාට වඩා අවුරුදු ගානක්ම වැඩිමල් උනත්..
මේ කොල්ලා දකින වාරයක් ගානෙ..කෙල්ලගෙ හිත වයිබ්‍රේට් වෙනවා…
ඒ මනා පෞරුෂය ඉදිරියෙ..
තමන්ගෙ ගැහැනු සිත.. නිකම්ම ඒදෙසට ඇදිලා යනවා කියලා.. කෙල්ලට දැනුනා..

රඝූ ආයෙත් කෙල්ල ලගට එද්දිත්..කෙල්ල අඩ අඩ ඉන්නවා..

“ඇයි නංගි මේ…?”

මූණටම එබිලා රඝූ අහද්දි.. කෙල්ල බිම බලාගත්තෙ දුකින්..

“ඉන්න.. මම හෝදවන්නම්..”

“එපා ප්ලීස්..මට ඇතුලට යන්න ඕන.. මාවඑක්ක යන්න.. තාම රිදෙනවා තුවාලෙ.. නැත්තම් ඒකටවත් මම ඔයාට කරදර කරන්නෙ නෑ.. “

වේදනාවෙන් කෙල්ල කියද්දි.. රඝූ බලෙන්ම කෙල්ලගෙ කකුල් දෙකයි අත් දෙකයි මූනයි ආයෙත් හේදුවා..
ටවල් එක ඇගට ඔතලා..හරහට වඩාගෙන ඇතුලට ගියා.. කෙල්ලව කාමරෙන් තියලා..අදින්න පහසු බොටම් එකකුයි ටීශර්‍ය් එකකුයි දීලා ආපහු යන්න හැරුනා..

“විනාඩි පහක් දෙන්නම් ඇදගන්න.. ටිකක් කතාකරන්න ඕන මට..”

ආයෙත් එලියට ගියපු රඝූ හරියටම විනාඩි පහකින් ඇතුලට ආවා..

ඒ එද්දිත්.. කෙල්ල ඒ විදියටම ඉන්නවා..ඇදුම් වලට අත තියලාවත්නෑ.

“මුරණ්ඩුකම වැඩියි දැන්..මෙහෙ එනවා..”

කොල්ලා බලෙන්ම කෙල්ලට ඇදුම් ඇන්දුවෙ කෙල්ල ලැජාවෙන් රතුවෙද්දි..

**අපරාදෙ..ඇදගෙන ඉන්න තිබුනෙ මට…ශිට් ලැජ්ජාවෙ බෑ..**

ඇදුම් අන්දලා කෙල්ලව ආයෙත් හරහට වඩාගෙන රඝූ ගියෙ ..කෙල්ල මීට කලින් කවදාවත් නොගියපු එහා කාමරයට.

ඒක රඝූගෙ රහස් කාමරය..
කෙල්ල ඒකට ඇතුලුවෙද්දිම ඇස් ලොකු කරගත්තා..

ඒ කාමරය හරියට කෑම්ප් එකක ඔෆිස් එකක් වගේ..
කෙල්ල මීට කලින් නොදැකපු විදියෙ උපකරන..ලැප්, කම්පියුටර්ස්.. මහා ගොඩක් ඒකෙ තිබුනා..

හැබැයි ඒවා තිබුනෙ ඕෆ් කරලා..

ඒත් එතන නොනැවතුනු කොල්ලා එහෙමම ගියෙ වීදුරු දොරක් ලගට.. ඒක ඇරගෙන එලියටයද්දියි කෙල්ල දැක්කෙ ඒක පුංචි බැල්කනි එකක් කියලා.එතන දිගු හාන්සි පුටුවක් තිබුනා..

කොල්ලා ඒකෙන් වාඩිවුනෙ කෙල්ලව උකුලෙ තියාගෙනම..

කෙල්ල හිටියෙ පුදුමයෙන්..

එයාලා හියපු තැනට මුලු පරිසරයම මාරම ලස්සනට පේනවා..

උසම උස කදු පන්ති.. ඒවා වසාගෙන රූස්ස ගස්.. මිහිදුම් වලාකුලු… කුරුලු නාදය. ..
කෙල්ලගෙ සිතට මොහොතකට ගෙනාවෙ සැනසීමක්..

කෙල්ල දෑස් පියාගෙන ලොකූ හුස්මක් ගත්තා…

“බබා..”

කවදාවත් නැතුව..රඝූ කියද්දි.. කෙල්ල ගැස්සිලා වගේ කොල්ලා දිහා බැලුවා..

මතුසම්බන්ධයි❤️

*****************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *