#YOU_ARE_MY_DESTINY 14

❤️🌹 14 කොටස🌹❤️

“බබා…”

කවදාවත් නැතුව..රඝූ කියද්දි.. කෙල්ල ගැස්සිලා වගේ කොල්ලා දිහා බැලුවා..
ඒ බෝල ඇස් ලොකූ වෙලා..

“ඔය ඇස් දෙක…’

ඉතාමත් අමුතු ස්වරයකින් කොල්ලා කතාකරද්දි… ඒ වදන්.. දැනුනෙ කෙල්ලගෙ පපුවටම..

“ඔය ඇස් දෙක වගේම.. ලස්සන…බෝල ඇස් දෙකක්… මීට කලින්… මම දැක්කා… ඒ… මීට අවුරුදු 5 කට කලින්….”

කෙල්ල කොල්ලා කියන දේ අහන් හිටියෙ කොල්ලගෙ දිලිසෙන ඇස් දිහා බලාගෙනම..

“එදා… මම හිටියෙ මිශන් එකක.. ස්කූල් එකක්..ටෙරරිස්ට්ලා අල්ලගෙන තිබුනෙ.. එයාලා.. ඒකෙ ලමයි 20ක්..ප්‍රාන ඇපකාරයො විදියට තියාගෙන හිටියා… එදා… මටයි බාර වුනෙ… එයාලට ඇටෑක් කරලා..ලමයි සේරමලා පරිස්සමෙන් බේරගන්න..”

කොල්ලා කියද්දි..කෙල්ලගෙ ඇස් පුංචිවුනෙ නලලත් රැලි වෙන ගමන්..

“පාන්දර දෙකට විතර… මම ඒ ගොඩනැගිල්ල ලගට ගියා.. තනියම..
මගෙ ටීම් එක හිටියෙ ඉස්කෝලෙ වටකරලා..හැංගිලා..
ඇතුලෙ ටෙරරිස්ට්ලා 10ක් හිටියා..

මුලින්ම මට තුන් දෙනෙක්ට ඇටෑක් කරන්න පුලුවන් වුනා..

ඒත්.. ඊලගට එකෙක් මාව දැක්කා..
අපි වෙඩිතියාගත්තා..
මගෙ ටීම් එක ඇතුලට එද්දි… ඒ වෙනකොටත්..මම ඇතුලෙ හිටපු 6ක් ඉවර කරලා තිබුනෙ..

ලමයි ලග හිටපු හතරදෙනාව තමයි අමාරු උනෙ අල්ලගන්න..
මොකද ලමයින්ගෙ ආරක්ශාවයි ප්‍රදාන වුනෙ.

කොහොමහරි.. මම ඇතුලට ගියා.. වහල දිගේ එල්ලිලා..

උන්ගෙන් තුන්දෙනෙක් ඉවර කලා ටීම් එක ඇවිත්.. අන්තිම එකා ලමයෙක්ව ප්‍රාණ ඇපයට තියන් හිටියෙ..

ඒ වෙලාවෙ..මට එක තෝරගැනීමක් කරන්න උනා..
මොකද..ඌ මගෙ ටීම් එකේ..මගෙ හොදම යාලුවාවත් ඉලක්ක කරගෙනයි හිටියෙ.

එක්කො මම යාලුවව බේරගන්න ඕන.. නැත්තම් ඒ ලමයව..

‘ඒ ලමයා බෝයි කෙනෙක්.. ඔයා එයාව බේරගන්න තෝරගත්තා.. ඒ අතරෙදි…ඔයාගෙ යාලුවට ඒ මිනිහා ශූට් කලා.. යාලුවා එතනදිම නැතිවුනා.
ඔයා ඒ බෝයිව බේරගෙන එලිය එක්ක ආවත්.. ඒවෙනකොටත් ..ඔයාත් නොදැක.. ඒ බෝයිට වෙඩි වැදිලයි තිබුනෙ.. බඩ යටට..

අන්තිමට ඔයා ඒ බෝයිව හොස්පිට්ල් අරන් ගියා..

එයාගෙ කිඩ්නි එක ඩැමේජ් වෙලා නිසා..ඔයා ඒ බෝයිට කිඩ්නි එකක් ඩොනේට් කලා..

මම හරිනෙ…?”

“ඔ…ඔව්…ඒත්…ඔයා කොහොමද…ඒක දන්නෙ…”

“ඔයා පස්සෙයි දැනගත්තෙ ඒ ගර්ල් කෙනෙක් කියලා..පාන්දර නිසා..ඔයා ඒ ගර්ල්ගෙ මූණ හරියට දැක්කෙ නෑ…
ඕක උනෙ ඇමරිකා වලදි…2013 වල…මම හරිනෙ…”

‘ඔව්…ඒත්..”

‘ඒ කිඩ්නි එක ඔයා ඩොනේට් කලෙ ඇයි කියලා කියන්න පුලුවන්ද..?’

‘එක…එයා මගෙ රටේ කෙනෙක්.. දෙක.. එයාගෙ ඇස් දෙක… ඒ ඇස්… එදා මාව හිරිවැට්ටුවා..
ඇම්බියුලන්ස් එකේ යද්දි මම දැනගත්තා ඒ කෙල්ලෙක් කියලා.. ඒත්…එයාව උස්සගෙන එලියද එද්දි…ඒ ඇස්…මගෙ දිහාට හැරවිලා තියෙනවා දැක්කම.. මට දරාගන්න බැරිවුනා..
මොකක්දෝ හේතුවක් නිසා..ඒ ඇස් අමතක කරන්න මට බැරිවුනා.. ජීව්තේ පලවෙනිවතාව්ට.. මගෙ හිතට ආදරයක් දැන්නා.. එදා… ඒ ඇස් වලට…”

කොල්ලා ලොකූ හුස්මක් පිටකරලා කිව්වා..

‘ඒ..ඒත්…ඔ..ඔයා කොහොමද මේ දේවල්…?”

😀😀මොකද… ඒ හිටියෙ මම නිසා..”

“ඔ…ඔයා..😲

“ඔව්…මම…එදා …මට සනිප උනාට පස්සෙ… මම හෙව්වා… මට කිඩ්නි එක ඩොනේට් කල කෙනාවා..ඒත්..මට හොයාගන්න බැරිවුනා..මට එයාට තෑන්ක් කරන්නවත් බැරිවුනානෙ..
ඒත්…අද… මට එයාව හම්බුනා..
සමහරවිට …ඔයා ඒ වෙලාවෙ මට උදව් නොකලා නම්..මේ වෙනකොට මම ජීවතුන් අතර නොයින්නත් තිබුනා..

මට මතකයි ඒ කෙනාව .. මාව උස්සගෙන තුරුල් කරගෙන දුවලා ගියපු හැටි..මට මතකයි..ඇම්බියුලන්ස් එකේදි…මගෙ අතින්ම අල්ලගෙන ආපු හැටි මට මතකයි… “..

කෙල්ල ඇස් වල කදුලු පුරවන් කිව්වා

මේක හරි අහම්බයක්..

කොල්ලා හොයපු ඒ ඇස් දෙකේ අයිතිකාරි ආයෙත් කොල්ලට හම්බුනා..

“දෙවියනෙ ඒ ඔයාද… මම… මම පෙරුම් පිරුවා නංගි…ඒ ඇස් දෙක ආයෙම වතාවක් දැකගන්න… මට..මට අද කියාගන්නත් බැරි තරම් සතුටුයි…ඒකතමයි ඔයාගෙ ඇස් දකින වාරයක් ගානෙ මගෙ හිත ගැස්සුනෙ..”

කොල්ලා සතුටින් කියද්දි…ඒ ඇස් කදුලු පටලයකින් වැහිලා ගියා..

“ඔයාට පින් අයියෙ… මාව බේරගත්තට..දැන් මම ඔයාට ණයයි..
මගෙ ජීවිතෙන්ම…
කියන්න.. මම ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕන..
ඔයා කියන ඕනම දෙයක්…
මම කරනවා…
කියන්න ඉතින්…”

කෙල්ල අවංකවම කිව්වෙ… කොල්ලා ගැන ඇතිවුනු ගෞරවයෙන්..

“හ්ම්ම්ම්….මම ඉල්ලන..ඕනම දෙයක්.. මට දෙනවද…?”

කෙල්ලගෙ දෑස් දිහා බලාගෙනම කොල්ලා ඇහුවා..

“ඔව්…ඕනම දෙයක්…”

“බයක් නැද්ද ඔහොම කියන්න.. මම මොනවා ඉල්ලයිද කියලා බය හිතෙන්නෙ නැද්ද..?”

“නෑ…”

“ඇයි…?’

“මේ තරම් දවසක්… එකට ඉදලත්… වැරදි විදියටවත් මගෙ දිහා නොබලපු ඔයා..,
ඕන තරම් අවස්තා තිබිලත්..
වැරදි විදියට මගෙ ඇගටවත් අතක් නොතිබ්බ ඔයා..
මගෙන් නරක දෙයක් ඉල්ලන්නෙ නෑ කියලා මට විශ්වාස නිසා…”

“ඒ තරම් විශ්වාසයක්… මේ…කිසිම දෙයක් නොදන්න මම ගැන…?”

“හ්ම්ම්ම්..”

‘එහෙනම්.. ඔයාට පුලුවන්ද… මම වෙනුවෙන්… මෙතනින් බේරිලා… තනියම යන්න…?”

කොල්ලා අහද්දි.. කෙල්ල ඇස් ලොකු කරගත්තා…

“ඇ…ඇයි එහෙම කියන්නෙ…?”

“අන්න ඒ ගැන තමයි… මට කියන්න ඕන උනෙ…”

“ඉතින්.. කියන්න..”

“ඔයාට මෙතනින් බේරිලා යන්න වෙනවා නංගි.. ඊට කලින්.. හෙටට විතරක්… මට ඔයාව මෙහෙ තනියම දාලා යන්න වෙනවා.. හෙටට විතරක්ම… පුලුවන්ද ඉන්න මම නැතුව…?”

“හ්ම්ම්..පුලුවන්.. අමතකද.. මම කොල්ලෙක්…😉

කෙල්ල එයාගෙ කොට කොණ්ඩෙ අතින් හද හද කියද්දි…කොල්ලට හිනා..

“හ්ම්ම්.. පෙනුමෙන් විතරක්…”

😂😂😂😂

“මම හෙට පාන්දරම යනවා .. ගිහින් රෑ වෙනකොට එනවා…ම්ම්..”

“හා…”

“හ්ම්ම්…මම අන්තිමට හිටියෙ ඇමරිකාවල .. එහෙදි.. මාව ස්පෙශල් සීක්‍රට් මිශන් එකකට කැදෙව්වා..
දන්නවද මට හොයන්න තිබුනෙ මොනවා ගැනද කියලා..?”

‘මොනවා ගැනද..?”

“මට හොයන්න තිබුනෙ ඩ්‍රග්ස් බිස්නස් එකක් ගැන..”

“හ්ම්ම්..ඉතින්..”

“දන්නවද ඒකෙ මුලිකයා කවුද කියලා..?”

“නෑ…”

“ෆෙඩ්‍රික් මුරුමුදලි …”

“ආ..හ්… තරුණ්ගෙ තාත්ති…?”

“හ්ම්ම්..ඒ වගේම ඔයාගෙ තාත්තා ගැනත් සැක තිබුනා එයාලට..”

“අනේ…මගෙ තාත්තා කවමදාවත් නරක වැඩ කරන කෙනෙක් නෙමි..”

“හ්ම්ම්..අපි ඒක දැනගත්තා.. ඊලගට අපිට ඕන උනෙ සාක්ශි..
ෆෙඩ්‍රික් මුරුමුදලි කියන ඇමරිකාවෙ ශ්‍රීලංකා තානාපතිවරයා විදේශ කටයුතු ඇමතිනී ශෙරිල් අතපත්තු එක්ක එකතුවෙලයි මේ තරම් කාලයක් මේ ගේම ගහලා තියෙන්නෙ..

මම සේරම හොයාගත්තා..
ඒත්…ෆෙඩ්‍රික් ට විරුද්ධ සාක්ශි ප්‍රමානවත්නැහැ..
අන්න ඒ නිසයි අපි එයාගෙ පුතාව කිඩ්නැප් කරන්න හැදුවෙ..

ඒත්…
සේරම හරියට සිද්දවෙලත්..
කවුරුමහරි..
මගෙ ඉන්ෆොමේශන්ස් වෙනස් කරලා..
මට ලැබුනෙ ඔයාගෙ ෆොටෝ එක.. මම කාලයක් ෆලෝ කලෙ ඔයාව.. අන්තිමට.. ෆෙඩ්‍රික් ගෙ පුතා කියලා හිතාගෙන.. මම ඔයාව කිඩ්නැප් කලා..”

“ඒත්…කවුද ඔයාගෙ ඉන්ෆොමේශන්ස් මාරු කලෙ..?”

“ඒක තමයි මට හොයාගන්න ඕන දැන්..”

“හ්ම්ම්…හෙට යන්නෙ ඒකටද..?”

“ඔව්…”

“මේ…එතකොට..තරුන් මේකට සම්බන්දද?”

“ම්ම්.. හරියටම කියන්න බෑ..එයා දැනගෙන ඉන්න ඕන මේවා..”

“මම නම් හිතන්නෙ නෑ.. එයා එයාගෙම උත්සාහයෙන් දියුනු වුනු කෙනෙක්… මම එයත් එක්ක අවුරුදු ගානක් හිටපු නිසා මම දන්නවා.. එයා ඒවට සම්බන්ධ නෑ කියලා..”

“එතකොය ශෙරිල්ගෙ පුතා..?”

“එයා ගැන නම් එහෙම කියන්න දන්නෙ නෑ මම.. “

“හ්ම්ම්..හරි අපි බලමුකො..
ෆෙඩ්‍රික් තානාපති වෙලා හරියටම අවූරුද්දකින් තමයි මේ දේවල් පටන් අරන් තියෙන්නෙ..ලංකාවෙ ඇමතිලා කීපදෙනෙක්ම මේකට සම්බන්දයි..විශේශෙන් ශෙරිල්.. ඒ වගේම වරාය හා නාවුක ඇමති විජේවීර… මේ හැමෝම එකතුවෙලා..ලංකාවෙ තරුණ පරපුර විනාශ කරන්නයි මේ දේවල් කරන්නෙ..උන්ට ඕන සල්ලි..ඒත් ඒකෙන් අසරන වෙන්නෙ අපේ කොල්ලො කෙල්ලො…

උන් බල්ලො මරලා හරි හම්බකරන ජාතියක්.”

“මට හිතාගන්නවත් බෑ මේවා..”

“හ්ම්ම්.. එහෙම තමයි නංගි.අපි නොහිතන ගොඩාක් දේවල් සිද්දවෙන්නෙ…

ඇමරිකන් ආමි එකෙන් මට මේ මිශන් එක බාරදුන්නෙ..
මම විතරයි මේ මිශන් එකට ඉන්නෙ..මට සාක්ශිඑකතු කරගන්න එක තමයිකරන්න තිබුනෙ.
ඔයාව කිඩ්නැප් කරලා මෙතන්ට අරන් එන්න කියලා එයාලා කිව්වා..මම මීට මාස 6කට කලිනුයි ලංකාවට ආවෙ.. ඒ ඇවිත් මෙතන.. මගේ අත් දෙකින්ම ගොඩනැගුවා..

තනියම..
මොකද..මට පිට කිසිම කෙනෙක්ව විශ්වාස නැතිනිසා..
ඊලගට ඔයාව අරන් ආපුදවසෙ මම එයාලට දැන්වුවා.
මට මෙතනදි.. කිසිම ඉලෙක්ට්‍රොනික් උපකරනයක් යූස් කරන්න තහනම්. මම එහෙම කලොත්.. ඒ මොහොතෙම එයාලට සිග්නල් එක යනවා..
ඒ නිසා.. එයාලා සිග්නල් එකක් දෙනකම්..ඔයාගෙන් මුකුත් අහන්නවත් එපා කියලයි තිබුනෙ.

ඒත්.. ඔයා මගෙ මිශන් එකට අදාල කෙනා නොවුනු නිසා..
එයාලා දැන් ඒක දැනගෙන ඇති..
ඒ කියන්නෙ…මම මිශන් එක අවුල් කරගත්‍තා කියලා..
දැන් ඔයාව මෙතනින් යැව්වොත්..
ඔයා සේරම පොලීසියට කියන නිසා.. එයාලා අනිවාරෙන් ඔයාව මරනවා.. ඊලගට මාව..

ඒත් ඇමරිකන් ආමි එක හරහා..කවුරුමහරි මාව නොමගයැව්වා.. ඒනිසානෙ මෙහෙම වුනෙ..
ඉතින්.. එයාලාත් ආමි එකට කලින් ඉස්සරවෙයි.

හරියට බැලුවොත්… අපි දෙන්නට දෙගොල්ලකගෙන් අනතුරු තියෙනවා..

අන්න ඒ නිසයි මම ඔයාට කිව්වෙ..
ඔයා මෙතනින් බේරිලායන්න ඕන කියලා..”

“ඒත්… මම ගියොත්…ඔයා…?”

“මට එයාලට ෆේස් කරන්නම වෙනවා බබා..මම දැනගන්න ඕන මට මෙහෙම කලෙ කවුද කියලා.

අනික..මේ ඉන්ෆොමේශන්ස් දන්නෙ මම ඇරුනුකොට තව එක්කෙනයි.. ඒ මගෙ බඩියා..මගෙන් පස්සෙ ඉන්න දක්ශම කමාන්ඩෝ කෙනෙක්… එයා කවමදාවත් එහෙමකරන්නෙ නෑ.. ඒ නිසා.. මට එයාව කන්ටෑක් කරගන්න ඕනමේක හොයාගන්න.. “

කෙල්ල දිගු කල්පනාවකට වැටුනා..තවමත් රඝූගෙ උකුල උඩ ඉන්න කෙල්ලට කොල්ලගෙ උනුහුමේම නින්දගියා..

කෙල්ලගෙ හිස රඝූගෙ උරහිස මතට කඩාගෙන වැටුනාමයි… කොල්ලට
දැනුනෙ කෙල්ල නිදි කියලා..

තවත් ටික වෙලාවක් කෙල්ලව තුරුලුකරගෙන්ම හිටියෙ.. ඈත් කරන්න තිබුනු ලෝබකම නිසා..

පැයකට විතර පස්සෙ කෙල්ලව එයාගෙ ඇදෙන් තියලා රඝූ ගියෙ රෑට කන්න මොනවාහරි හදන්න..

කොල්ලට හිතුනා රෑට රොටි හදන්න..
ඉක්මනින් ලොකු රොටි හතරක් හදලා ඇගපතත් සෝදගෙනම උඩට ගියෙ කෙල්ලව ඇහැරවන්න හිතාගෙන.

ඒ යද්දිත්.. කෙල්ල නිදි..
රඝූ ඇදෙන් වාඩිවෙලා බැලුවෙ කෙල්ලගෙ සුදු මුන.

කොල්ලෙක් වගේ හැසිරුනත්.. කෙල්ල ඇත්තටම ගොඩක් ලස්සනයි..
මුලදි… මේ කෙල්ලව දැක්කම.. කොල්ලාගෙ හිත ඇදිලා යද්දි..
ඇත්තටම කොල්ලා බයවුනා..
ඒ … තමන්ට කොල්ලෙක්ට ආදරේ හිතිලදෝ කියලා.

ඒත්..ඒක එහෙම නෙමෙයි..
කොල්ලෙක් වගේ උනත්.. මේ ඉදලා තියෙන්නෙ හුරුබුහුටි චූටි කෙල්ලෙක්නෙ.

කොල්ලට වඩා කෙල්ල අවුරුදු 13ක් බාලයි..

ඉතිම්…
හරියට බැලුවොත්.. මේ ඉන්නෙ තමන්ගෙ දරුවෙක් වගේ..

ඒත්.. ජීවිතේ පලමු වතාවට..
කොල්ලට ආදරයක් ඇතිවුනෙ..
මේ කෙල්ල ගැන..

ඒත්…මේ වයස් පරතරය නිසා වගේම..
කොල්ලාගෙ ජීවිතේත් දැන් කොහොමටවත් විශ්වාස නැතිනිසා..

තමන්ගෙ හිතේ තියෙන ආදරය ප්‍රකාශ කරන්න කොල්ලා බයවුනා.

කොහොමහරි කෙල්ලව මෙතනින් සුරක්ශිතව යවන්න ඕන කියලා කොල්ලා හිතාගත්‍තා..

මතුසම්බන්ධයි❤️

**************එශ්*************** 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *