#YOU_ARE_MY_DESTINY 16

❤️💙 16 කොටස 💙❤️

විනාඩි කිහිපයක් දිගට ඇදුනු ඒ හාදුව දෙදෙනාගේම සිත් වල ආදරය අලුත් කරවන්න සමත්වුනා..

**මට මගෙ ආදරය කෙල්ලට කියලා… එයාව දුර්වල කරන්න බැහැ.. අනිවාරෙන්ම.. මට මැරෙන්න වෙනවා.. ඒක ස්තිරයි.. ඒනිසා.. මට එයාගෙ හිත වෙනස් කරන්න වෙනවා..**

රඝූ කල්පනා කලෙ…හාදුව අතරතුරේදියි..

“නංගි…මේ අහන්න.. හරි..ඔයා මට ආදරේ ඇති..ඒත්… මට ආදරයක් ගැන හිතන්න පුලුවන් කමක් නෑ. ඒනිසා.. හොද ලමයා වගේ..ඔයා දැන් නිදාගන්න.. හෙට උදෙම්ම නැගිටින්න ඕන..
මොකද…ඔයා මෙහෙන් යනවානම්. මට ඔයාගෙ ෆිට්නස් හදන්න වෙනවා මීට වඩා..ම්ම්. ඒනිසා.. නිදාගන්න..”

රඝූ හේශ් මුකුත් කියන්නත් කලින්ම එතනින් යන්න ගියා…

කෙල්ල එහෙමම ඇදට වැටුනෙ ඇස් වලින් කදුලු දෝරෙගලද්දි..

කෙල්ලත් එක්කම අහසත් මහා හඩින් හඩාවැටෙද්දි..
කෙල්ල වගේම රඝූත්… හිත් වලින් මහා දුකක් උහුලගෙන නින්දට වැටුනා..

උදෙම්ම අවදිවුනු රඝූ ,කිරි දෙකකුත් හදාගෙනම උඩට ගියෙ කෙල්ලව ඇහැරවන්න හිතාගෙන..

ඒ යද්දිත්…කෙල්ල ඇහැරිලා ඇදේ වාඩිවෙලා කල්පනා කර කර ඉන්නවා..

“ගුඩ් මෝනින් නංගි.. ආ කිරි එක බොන්නකො…”

කෙල්ලගෙ අතින් කිරි එක තියලා රඝූ ඇදෙන් වාඩිවුනා..

“මොකද මූණ අමුතු වෙලා..ම්ම්..”

“මුකුත් නෑ..”

“හ්ම්ම්.. දැන් තුවාලෙ කොහොමද..?”.

“ම්ම්..දැන් අඩුයි ටිකක්..යන්තම් කැක්කුමයි..”.

“දැන් ඔයාට ඇවිදින්න පුලුවන් නේද..?’

‘ඔව්..”

‘හරි..අද ඉදලා දවස් පහක් ඇතුලත.. මට ඔයාව ට්‍රේන් කරන්න වෙනවා..”

“මොකටද..?’

“ඔයා මෙතන ඉදලා කිලෝමීටර් 15ක් ඇවිදගෙන යන්න ඕන පාරට.. ඒ යන්න තියෙන්නෙත්.. කැලෑව මැදින්.. මේ ගේ හදලා තියෙන්නෙ..ලේසියෙන් කෙනෙක්ට එන්න පුලුවම් පැත්තක නෙමි.. ඒනිසා.. ඔයා මෙහෙන් යද්දි..හොදට ෆිට්නස් තියෙන්න ඕන ඇගේ.. ඒකට..ඔයාව ට්‍රේන් කරවන්න ඕන.. මේක දවසින් දෙකෙන් කරන්න බෑ.. නමුත්…අපි උත්සාහා කරමු දවස්5ක් ඇතුලත මේක කරන්න..ම්ම්..”

“ඒත්..”

‘ප්‍රශ්න එපා.. ඕක බීලා එලියට එන්න..”

කොල්ලා නැගිටලා එලියටගියා..

කෙල්ලත් ඉක්මනින් තේ එක බීලා පහලට ගියා.. ඒ යද්දි.. කොල්ලා බොටම් එකක් විතරක් පිටින් ඉන්නවා..කෙල්ලට කොල්ලගෙ ඇග දැක්කම ඇස් ලොකු වුනා..

සික්ස් පැක්ස්…මස්ල්ස් පිරුනු ඒ උඩුකය…ඇත්තටම වශී කරවන සුලුයි..

කොල්ලා බිම දිගා වෙලා අතේ මහපට ඇගිලි දෙක විතරක් බිමට තියලා ඩිප්ස් ගහනවා..

කෙල්ල කටත් ඇරන් බලන් හිටියා..

“පුලුවන් කමක් තිබ්බා නම් මාව ගිලීවි මෙයා..”

කොල්ලා වැඩේ කරන ගමන්ම බිම බලන් කියද්දි..කෙල්ලට හිනා..

“නංගි.. අද අපි වොන් අප් කරගෙන පුංචි එක්සර්සයිස් ටිකක් කරමු.. මොකද තාම කැක්කුම තියෙනවනෙ.. මම පේන් කිලර්ස් ගෙනාව එද්දි.. ඒවට හෙට වෙනකොට ඔය කැක්කුමත් නැතිවෙලායයි.

අපි හෙට ටිකක් වැඩිපුර දුවමු..ම්ම්..”

එහෙම කියපු කොල්ලා කෙල්ලට එක්සර්සයිස් ටිකක් කියලා දුන්නා. කෙල්ලත් ඒවා කලා..

වූශූ ක්ලාස් ගිය නිසා හේශ්ගෙ ඇග ටිකක් ෆිට්.. ඒත්… මේ කරන දේවල් එක්ක කෙල්ලට ලොකූශක්තියක් ලැබෙනවා..

එදා දවසම කොල්ලා එක එක එක්සර්සයිස් කියලා දුන්නා.. හේශුත් කොහොමහරි ඒවා කලා..

හවස දෙන්නටම මහන්සියි..දෙන්නම ගගෙන් හොදට නාගත්‍තා..

කොල්ලා අදින්න ගිය අතරෙ කෙල්ලත් ඉක්මනින් ඇදගෙන කොල්ලගෙ කාමරේට ආවා..

ඒ එද්දියි දැක්කෙ කොල්ලා බැල්කනි එකට වෙලා වාඩිවෙලා ඉන්නවා..

කෙල්ලත් අනවසරයෙන්ම ගිහින් කොල්ලගෙ උකුලින් වාඩි වුනා.

කොල්ලා ගැස්සිලා ගියා..

ඒත්..කෙල්ල කලෙ තව තවත්‍ රඝූව බදාගෙන තුරුලු වුනු එක…

“මට වඩා අවුරුදු 13ක් වැඩිමල් නේද.. මාව ඔයාට පේන්නෙ දරුවෙක් වගේද…?ඒකද ඔයා මට ආදරේ නැත්තෙ.. ඒත්.. මම ආදරෙයි .. ගොඩාක්..
දන්නවද අයියෙ.. තරුණ් ලගදිත්.. මට මේ ඔයා ලගදි දැනෙනවා වගේම ආරක්ශාවක් දැනෙනවා.. ඒත්… ඔයා ලගදි..පපුව ඇතුලෙ මොකක්දෝ දෙයක් වෙනවා.. මට තේරෙන්නෙ නෑ ඒ මොකක්ද කියලා.. ඒත්.. ඒක ආදරය වෙන්න ඕන..

අන්න ඒ නිසයි..මම ඔයාට ආදරෙයි කිව්වෙ…
ඔයා කිව්වා නේද.. ඔයා අර එදා දැකපු ඇස් දෙකට ආදරේ කලා කියලා.. ඉතින් ඒ ඇස් දෙක මගේනෙ.. ඉතින් මටත් ආදරේ කරන්නකො..
ම්ම්…”

කොල්ලගෙ මූණ රැවුක් කොට අතගාන ගමන් හේශ් කියද්දි.. කොල්ලගෙ පපුවට දැනුනෙ දරාගන්න බැරි වේදනාවක්..

“නංගි… මේ අහන්නකො..”

“දැන් කියන්න හදන්නෙ.. ඔයාට මට ආදරේ කරන්න බෑ කියලනම්..ප්ලීස්..ඒක කියන්න එපා.. මම ඒ වචන ටික අහන්න ආසා නෑ..හැබැයි මම ආදරෙයි..ගොඩක්.. “

හේශ් ඉස්සිලා කොල්ලගෙ කම්මුලක් ඉම්බා..
රඝූ දෑස් පියාගත්තෙ ඇස් වල කදුලක් නලියනවා දැනුනු නිසා..

කොයිතරම් රලු පිරිමියෙක් වුනත්… ආදරය ඉදිරියෙදි.. උනුවෙලා යන්නෙ නිකම්ම..

“මිස්ටර් කැප්ටන්.. කිස් එකක් දෙන්නකො..”

කෙල්ල කට උල් කරකර හුරතලෙන් කියද්දි.. කොල්ලා ඇස් ඇරියා..

ඒ මූණ දැක දැක ඉඹින්නෙ නැතුව ඉවසගෙන ඉන්නෙ පුදුම අපහසුවකින්..ඒත්..කෙල්ලගෙ මේ හුරතල් දැක්කම.. කොල්ලට ඉවසුම් නැතුව ගියා..

හේශ් හිතන්නත් කලින්.. රගූගෙ දෙතොල් කෙල්ලගෙ මුලු මූණම ආක්‍රමනය කලා..

එතනින් නොනැවතිනු රඝූ කෙල්ලගෙ ගෙලත් සිපගත්තෙ වියරුවෙන්..

“තාමත් කියනවද මට ආදරේ නෑ කියලා..”

කෙරිදිල්ලකින් වගේ හේශ් අහද්දි.. කොල්ලා වෙවුලලා ගියා..
තමන් කලදේ බරපතලකම කොල්ලට තේරුනෙ එවෙලෙයි..

“බ්..බබා..අනේ…සොරි…ම්..මට…මට..මොනවා උනාද..මංදා..”

“ඇයි මේ… මම මුකුත් කිව්වද දැන්..?”

කම්මුල් වලට අත් තියලා කෙල්ල අහද්දි..රඝු කෙල්ලගෙ දෑස් මගෑරියා..

“දාලා යන්න බෑ මට.. එක්කො… එකටම මැරෙමු…”

කෙල්ලගෙ ඒ වචන කෙලින්ම දැනුනෙ රඝූගෙ පපුව ගැඹුරට..

කොල්ලා කෙල්ලගෙ මූණ දෝතින්ම අරගත්තා..

“ඔය තරම් මට ආදරේ කරන්න එපා දෙයියනේ..දරාගන්න බෑ මට… හිත හදාගන්න බැරිවෙයි මට…”

“මොකටද හිත හදාගන්නෙ..ම්ම්.. ඔයත් මට ආදරේ කලානම් ඉවරනෙ..”

“මාව තේරුම් ගන්න..අසරණ කරන්න එපා මෙහෙම..😢

‘ඇයි…ඇයි කියන්න ඔයා මට ආදරේ කරන්නෙ නැත්තෙ.. මම කොල්ලෙක් වගේ නිසාද…මම කැතයිද…නැත්තම්…?”

“පිස්සුද… ඔයා ලස්සනයි..ගොඩක්..ගොඩක්..ගොඩක්..”

‘එහෙනම්…”

“මට සමාවෙන්න…”

“ඇයි…?”

“කියනදේ අහන්න දරුවො… මට ඔයා ඉල්ලන ඔය ආදරේ දෙන්න බෑ..”

“හරි…එපා ඕන නෑ..තියාගන්න ඔයාගෙ ඔය මහන්තත්ත කම..

මම යනවා..”

තරහින් කෙල්ල නැගිටලා යන්න ගියා..

කොයිතරම් හිත රිදුනත්.. කෙල්ල ඉල්ලන ආදරේ..එයාට දෙන්න රඝූට බෑ.. මොකද..ඇත්තටම රඝූගෙ ජීවිතේ දැන් අවදානම් නිසා..
කෙල්ලට ආදරෙයි කියලා.. හිතට මහමෙරක් බලාපොරොත්තු දීලා..
හදීසියෙවත් කොල්ලට ජීවිතෙන් සමුගන්න වුනොත්..
අන්න එදාට.. කෙල්ලට වගේම… කොල්ලගෙ ආත්මෙටත් සැනසීමක් නැති වෙනවනෙ.. ඒ නිසාම.. කෙල්ලගෙ හිත වෙනස් කරන්නම ඕන කියලා රඝූ හිතුවා.

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

උදෙම්ම හේශ්වත් ඇහැරවගෙන කොල්ලා කලෙ තව තවත් කෙල්ලගෙ ශරීරය ශක්තිමත් කරපු එක.. මොකද.. කොල්ලට ඕන වුනෙ කෙල්ල මෙතනින් යන දවසට.. එක දිගට..නොනැවතීම..හැකි ඉක්මනින් මේ කැලෙන් පිටකරන්න..

කොල්ලා හැම දෙයක්ම තේරුම් අරන්.. ප්‍රශ්න ලිහාගෙනයි හිටියෙ මේ වෙනකොට..

තමන්ට ලැබුනු ඉන්ෆොමේශන්ස් වෙනස් කලෙ කවුද… කාගෙ උවමනාවටද , මේක පිටිපස්සෙ ඉන්න ලොකු අතු කවුද කියලත්..කොල්ලා දැනගෙන හිටියා..

කොහොමහරි.. එයාලට විරුද්ධ සාක්ශි ඉදිරිපත් කරන්නම ඕන කියලයි රඝූ හිතුවෙ..

මේ වෙනකොට.. ජාත්‍යන්තරයෙ විතරක් නෙමෙයි…
අපේ මේ පුන්චි රටෙත්…අස්සක් මුල්ලක් නෑරම.. කුඩු ව්‍යාපාරය මුල්බැහැගෙන ඉවරයි…
ඒවට උල්පන්දම් දෙන්නෙ වගේම…
ඒවා මෙහෙයවන්නෙ.. රටේ වැදගට් නිලතල දරන ලොකු ලොකු සාමාජිකයො…
සාමාන්‍ය කෙනෙක්ට..ඔවුන්ට විරුද්ධ වෙන්න බැහැ.. මොකද… එහෙම උනොත්.. වන්දි ගෙවන්න වෙන්නෙ.. ජීවිතෙන්මයි..

රඝූට ඇමරිකානු හා ශ්‍රීලංකානු රජයෙන් පැවරුවෙ…අන්න ඒ බලදාරීන් සම්බන්ධව සාක්ශි එක්‍රැස් කරන්න උනත්…

මේ ව්‍යාපාරයට සම්බන්ධය පිරිසම.. ධනය බලය…යොදවලා.. කොල්ලව නොමග යැව්වා..
ඒකෙන්.. එයාලගෙ ව්‍යාපාරය සුරැකෙනවා වගේම.. දක්ශ නිලදාරියෙකුත්… රටට අහිමි කරනව.. අන්න ඒකයි එයාලගෙ ප්ලෑන් එක…

හරියටම දින හතරක් අවසාන වෙනකොට.. කොල්ලා කෙල්ලව හොදට ට්‍රේන් කලා…

දැන්… තිබුනටත් වඩා ..හිතුවටත් වඩා..කෙල්ලගෙ ෆිට්නස් එක ඉතාමත් ඉහලයි…

හෙටයි දවස..
මේ දෙදෙනාගෙම ඉරනම විසදෙන දවස..
කොල්ලා රෑ කෑමත් හදාගෙන උඩට අරන් ගියෙ.. කෙල්ල කෑමටවත් පහලට ආපු නැති නිසා…

කොල්ලා කාමරේට යද්දි…හේශ්..ඇදෙන් වාඩිවෙලා.. කකුල් දෙකත් ලංකරගෙන.. දණහිසට නිකට තියාගෙන කල්පනා කරකර ඉන්නවා..

ලගට ගිහින්.. ඒ මූණට එබුනාමයි කොල්ලා දැක්කෙ.. කම්මුල් පුරා ඇදිලා තිබුනු තෙත කදුලු පාරවල්..

“ඇයි මේ…?”

“ම්ම්..මුකුත් නෑ.”

‘කාලා ඉමු නේහ්…බඩගිනියි…’

“එපා..”

“පිස්සු නටන්න එපා.. හෙට ඔයා 8 වෙනකොට මෙහෙන් පිටත්වෙන්න ඕන…”

‘ ඔයාව මරයිද එයාලා..?”

“නෑ එහෙම වෙන්නෙ නෑ…”

කෙල්ලගෙ දෑස් මගඇරලා රඝූ කිව්වා..

“ඇත්තම කියන්න..මගෙ දිහා බලන් කියන්න..”

‘දරුවො….”

“ඇයි…කියන්න බෑ ද…?”

‘මේ අහන්න..ඔය විදියට මාව අසරණ කරන්න එපා.. ම්ම්.. මට ශක්තිය ඕන..එයාලට මූණදෙන්න.. ඒ නිසා..ප්ලීස්.. මට හයියක් වෙන්න.. හැගීම් වලින් අසරන නොකර..”

“දරාගන්න බෑ දෙයියනේ මට..😭😭 මේ දවස් ටිකේ…හිත තදකරන් හිටියා..ඒත්…හෙට… මට යන්න වෙනවා.. කොහොමද ඔයාව දාලා යන්නෙ මම.. පෙනුමෙන් කොල්ලෙක් වගේ උනත්… කොල්ලෙක් වගේ හැසිරුනත්… මමත් කෙල්ලෙක් දෙයියනේ.. මටත් තියෙන්නෙ හිතක්.. අනිත් කෙල්ලොන්ට වගේ.. නිකම්ම උනු වෙන හිතක්…
තනිකරලා යන්න බෑ මට..”

‘අමතක වුනාද.. මම කැප්ටන් කේශර් රඝුනාත්…ම්ම්..මම කාටවත්ම බය කෙනෙක් නෙමෙයි..”

“ඒත් මම බයයි…ඔයාව නැතිකරගන්න බයයි..මට ඔයාව ඕනෙ..ඒකයි මෙච්චර කියන්නෙ..😭😭😭😭😭

කොල්ලා ලගටම ඇවිත්..ඒ බෙල්ල බදාගෙන අඩ අඩ කෙල්ල කියද්දි.. රඝූගෙ හිත… දරාගන්න බැරි තරම් වේදනා දුන්නා

මතුසම්බන්ධයි❤️

******************එශ්*********** 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *