#YOU_ARE_MY_DESTINY 18

🌺 18 කොටස 🌺

රඝූ හිටියෙ හොද සූදානමින්.. කොල්ලා හැමදෙයක්ම හොයාගෙන තිබුනෙ..
තමන්ගෙ මිශන් එක මේ විදියට අසාර්ථක වෙන්න හේතු වුනු අයව… කොල්ලා හරි පහසුවෙන් හොයාගත්තෙ… එදා… නගරයට ගිය වෙලාවෙ..
කොල්ලා කැෆේ එකකට ගිහින් ආරක්ශක අංශයේ කම්පියුටර්ස් හැක් කලා.. ඊලගට අවශ්‍ය දත්ත ඔක්කොම ලබාගත්තා..

කොල්ලා තරුණ්ට ලබාදීපු වැඩ කොටස…තරුණ් හරියටම කරලා තිබුනා..

මාස ගානකට පස්සෙ.. කොල්ලා එයාගෙ කම්පියුටර්ස් ඔන් කලා..
මීට කලින් ඒවා ඔන් නොකලෙ.. කොල්ලාට කම්පියුටර්ස් වලට සින්ගල් ලැබුනු ගමන්ම.. ඒක ඔවුන් දැනගන්න නිසා..
ඒ වගේම.. කෙල්ලව පරිස්සමෙන් පිටකරන්න ඕන නිසා..
කොහොම උනත්…අන්තිමට.. කොල්ලා අද කම්පියුටර්ස් ඔන් කලා.. තරුන් කොල්ලට ඊමේල්ස් බර ගානක් එවලා තිබුනෙ අද උදේ.. කොල්ලා ඒ ඔක්කොම ඇමරිකන් මිලිටරි එකට ඊමේල් කලා..
ඒකත්.. කොල්ලාට විශ්වාසවන්තම ලොක්කෙක්ට..

ඊලගට කොල්ලා තමන් හොයාගත්තු ඩීටේල්ස් ඔක්කොමත්.. පිලිවෙලින් ඔවුන්ට යැව්වා..
ඇමරිකාවට විතරක් නෙමි.. ශ්‍රීලංකන් ආමි එකටත් යැව්වා..
වැරදිකරුවන්ට දඩුවම් ලබාදියයුතුමයි..

කොල්ලා දන්නවා… ඔවුන් අද එනවා කියලා.. ඒ නිසාම..
ඉතාමත් සූදානමිනුයි හිටියෙ.. හරියටම.. දවල් දෙකට විතර.. හෙලිකොප්ටර්ස් දෙකක සද්දෙ..කොල්ලට ඇහුනා.. කැලයෙන් ටිකක් එහාට වෙන්න තැනිතලා බිමක් තියෙන නිසා.. ඔවුන් එතන ගොඩබායි කියලා කොල්ලා හිතුව..

ඊටත් පැය බාගෙකට පස්සෙ… ආයුධ සන්නද්ධ භටයින් කිහිපදෙනෙකුත් සමගම.. කොල්ලා බලාපොරොත්තු වුනු රුව නිවසට ලගා වුනා. කොල්ලා හිනාවෙවී ඔවුන් ඉදිරියට ගියෙ නිරායුධවම..

“ගුඩ් මෝනින් බඩියා…”

කොල්ලා හිනාවෙලා කියද්දි… ඔහු බලාගෙන හිටියෙ පුදුමයෙන්..

“මොකෝ බං ඔහොම බලන්නෙ..?”

“න්..නෑ..ම්…මේ….’

“කැප්ටන් මහේල තෙන්නකෝන්… කෝ…අපේ ලොක්කා..
අණදෙන නිලදාරී බ්‍රිගේඩියර් ලංකාදීර…?”

කොල්ලා හරි සැහැල්ලුවෙන් අහද්දි… කොල්ලාගෙ බඩියා මහේල කටත් ඇරන් බලන් හිටියා..

“යකෝ..මෙච්චර කාලයක් එකට ඉදලත්..තෝ කිව්වෙ නෑනෙ බ්‍රිගේඩියර් ලංකාදීර තොගෙ තාත්තා කියලා..ආ…”

කොල්ලා කියද්දි..මහේලගෙ දෑස් බිමට හැරවුනා..

“අහ්…ඒ විතරක් නෙමෙයි.. විදේශ කටයුතු ඇමතිනී ශෙරීල් ෆොන්සේකා කියන්නෙ.. උඹෙ කුඩම්මාලු නේද බං…?”

මහේලට නම් කට උත්තරත් නෑ..

“උඹලා ඔක්කොමලා එකතුවෙලා මේ දේවල් ලස්සනට ප්ලෑන් කලා නේ…?”

‘උඹ කොහොමද ඔය සේරම දේවල් දන්නෙ..?”

‘අන්න ඒක තමයි බං.. උඹෙයි මගෙයි වෙනස…”

“ඒ කිව්වෙ..?”

“මට පලවෙනි තැන ලැබෙන්නත්..උඹ දෙවනියා වෙන්නත්… අන්න ඒ දේවල් බලපානවා මචෝ.. ඒත්..මම දැනන් හිටියෙ නෑනෙ..උඹට මගේ තැනට එන්නඕන නිසයි මේ දේවල් කලෙ කියලා…එහෙම දැනගෙන හිටියා නම්… මම උඹට මගෙ තැන දීලා අයින් වෙනවනෙ..
උඹ දන්නවනෙ.. විමලෙ මැරුනට පස්සෙ.. මම උඹව ආශ්‍රය කලෙ.. මගේම සහෝදරයෙක් වගේ කියලා..
එහෙම එක බත්පත කාපු මට උඹ මෙහෙම කලානෙ..

මේ.මිශන් එක ෆුල් සීක්‍රට් එකක්..
මේකෙ ඩීටේල්ස් තිබුනෙ.. බ්‍රිගේඩියර් ගාවයි..අපි දෙන්නා ගාවයි විතරමයි.. ඉතින්.. ෆොටෝ එකයි..ඩීටේල්සුයි වෙනස් කරලා… උඹ ලස්සනට ගේම ගැහුවා..
උඹ හැදුවෙ.. මම මිශන් එකෙන් ෆේල් කියලා මිලිටරි එකට ඉන්ෆෝම් කරලා උන් ලවාම මාව මරවන්න නේහ්…

ඒත්..උඹට වැරදුනා..
මොකද…. මම ඉස්සුවෙ කෙල්ලෙක්ව.. අන්න ඒක දැනගත්තු දවසෙයි මම මේක හෙව්වෙ . අන්තිමට.. උඹලා සේරමලා මට මාට්ටු වුනා..

බය වෙන්න එපා.. මේ වෙනකොට… ඇමරිකන් මිලිටරි එක උඹලට මල්වඩම් හදන්න ලේස්ති වෙනවා ඇති…

උබෙ තාත්තා බ්‍රිගේඩියර් යි.. උඹයි… කුඩම්මා ශෙරිලුයි ,උගෙ දැන් පුතා රවීනුයි… හතරදෙනාම…

ෆෙඩ්‍රික් මුරුමුදලිගෙ හෙන්චයියො කියලා මේ වෙනකොටත් මිලිටරි එක දැනගෙන ඉවරයි පුතෝ..

ෆෙඩ්‍රික්ගෙ පුතා.. ඌට විරුද්ධ සාක්කි පට්ට තොගයක් මට එව්වා.. ඒ සේරම ත්..මේ වෙනකොටත් එයාලා අතට හම්බෙලා ඉවරයි..

උඹලගෙ නාඩගම ඉවරයි යකෝ..
ධන, බල තන්හාව නිසා.උඹලා නිකම් අහිංසක කෙල්ලෙක්ගෙයි.. එයාගෙ තාත්තාගෙයි ජිවිත විනාස කරන්න හැදුවෙ..

දැන්..සේරම ඉවරයි මචෝ..
මිශන් ක්ලෝස්ඩ්..
ඇන්ඩ්…
මිශන් සක්සස්….

දැන් ලංකාව කුඩු වලින් සදහටම නිදහස් වෙයි..
තමන්ගෙ බලය පාවිච්චි කරලා.. ෆෙඩ්‍රික් ලංකාවට කුඩු ගෙන්නුවා.. ශෙරීල්..තමන්ගෙ තනතුර පාවිච්චි කරලා.. ඒවා රට ඇතුලට ගත්තා.. එතකොට ඒකිගෙ පුතා.. ඒවා සූක්ශම විදියට බෙදාහැරියා…

මේවා පට්ට ගේම් බං..
මම් වගේ එකෙක් ඒක හොයාගත්තා කිව්වාමත් පුදුමයි..

මට කරන්න කිව්වෙ… ෆෙඩ්‍රික් ට විරුද්ද සාක්ශි එකතුකරගන්න විතරයි..ඒත්… මම ඔය හැමෝටම විරුද්ධ සාක්ශි හොයාගත්‍තා..

කෙල්ලව මෙහාට ගෙනත්..දවස් තුනකින්.. මට සිග්නල් එකක් දෙන්නම් කියලා මිලිටරි එක කිව්වත්..ඒක එහෙම නොවුනමත්..මට සැක හිතුනා..

කිසිම සිග්නල් එකක් නැතිවෙද්දි.. මම ලොකු ගේමකට කොටුවෙලා කියලා තේරුනා.
ඔන්න..
මම මගෙ වැඩේ ඉවර කලා..

කොහොමද…
කැප්ටන් කේශර් රඝුනාත්ගෙ වැඩ…”

රඝූ දීර්ඝ විස්තරයක් කලා..

තුවක්කු කොල්ලගෙ දෙසට අමෝරාගෙන සෙබලු හිටියත්..
ඔවුන් ඉන්නෙ සිවිල් .. ඒ කියන්නෙ.. ඔවුන් ආමි එකේ අය නෙමෙයි.. පාතාලයෙ අය..
කොල්ලා කල්පනා කලෙ මේ අතරෙ .

මහේල කොල්ලා ලගට ආවෙ හිනාවෙවී..

“ශහ්..උඹ පට්ටනෙ.. ඔක්කොම හොයාගෙනනෙ.. ඒත් උබ හිතුවද.. උඹට මෙතනින් බේරිලා යන්න පුලුව න් වෙයි කියලා..?”

“නෑ මචං.. මම මේ ඉන්නෙ මරණය බලාපොරොත්තුවෙන් ..”

නෝන්ඩියට හිනාවෙලා කොල්ලා කිව්වා..

“අන්න හරි ..උඹව මම මේ තත්වෙට පත් කලෙ..
එක…. මට උඹෙ තැනට එන්න ඕන නිසා..
දෙක.. උඹව මේ මිශන් එකෙන් අයින් කරන්න ඕන නිසා..
මොකද..උඹ අනිවාරෙන් හොයාගන්නවා කියලා අපි දැනන් හිටිය නිසා.
මිශන් එක උඹට දීපු දවසෙම අපි ප්ලෑන් කලා..
මිස්ටර් ෆෙඩ්‍රික් එක්ක එකතුවෙලා..

අන්තිමට..උබ අද..මෙතනදි..මෙහෙම හම්බුනා..

කොහොමද අපෙ වැඩ..

උඹ ඩීටේල්ස් යැව්වෙ මිලිටරි එකටද..?😂😂වැඩක් නෑ බං.. උන් ඔක්කොම අපේ අය..’

“අන්න අන්න.. ඒ උඹ දන්න හැටිනෙ.. පුතේ.. උඹට වඩා මම දක්ශයි.. මම උඹ හිතනවා වගේ අයට යැව්වෙ නෑ. ඒක යන්න ඕනම තැනය ගිහින් ඉවරයි.. මම හිතන්නෙ මේ වෙනකොට උඹෙ තාත්තා…අල්ලගෙන ඇති…
ඉතින්.. දැන් මේක ඉවරයක් කරමුනෙහ්..”

මහේල තරහින් වෙවුලනවා..
එයාලගෙ වැඩේ වැරදුනානෙ..

මහේල දෙපාරක් නොහිතාම..කොල්ලගෙ පපුවට වෙඩිල්ලක් තිබ්බා..

උණ්ඩය ඇගට වැදුනත්… කොල්ලා ගැස්සුනා මිසක්.. වැටුනෙ නෑ..

“මරපන් ඉතින්..කොහොමත් මේ ජීවිතේ මරනයට කැප වෙලා ඉවරයි..”

‘මරනවා තමයි යකෝ..අපේ වැඩ ඔක්කොම අවුල් කරලා..තෝව යහතින් තියයි කියලා හිතුවද.. තෝව අද පෙනේරයක් කරනවා මම…”

තරහින් ගුගුරමින් කොල්ලාගෙ ඇගට වෙඩි උන්ඩ වරුසාවක් වැදුනා..

කොල්ලත් පිස්ටල් එක අරන් වෙඩිතිබ්බත්… මහේල කවර් වුනු නිසා එයාට වැදුනෙ නෑ.. ආපු එවුන් නම් පස් හයවෙනෙක්ම බිම වැටුනා..

ශක්තිය එන්න එන්නම හීන වෙද්දි..කොල්ලා එහෙමම ගලායන ගගට වැටුනා.

ඒත් එක්කම ඈතින් හෙලිකොප්ටර් හඩක් ඇසුනු නිසා..
මහේල ඇතුලු පිරිස කලබල වුනා..
ඔවුන් පැනලා යන්න හැදුවත්.. ඒ වෙනකොටත් ගොඩබිමෙන් පැමිනි හමුදා සෙබලන් අතට ඔවුන් පත්වුනා..
වෙඩි හුවමාරුවකට පස්සෙ…මහේල.. ලේ පෙරාගෙන බිම වැටුනෙ.
අවසන් හුස්ම පොදත්..වා තලයට මුසු කරලා..

වරදක් කලොත්… දෙවියන් ගෙන්වත් කවමදාවත් සමාවක් නැහැ ..
අන්න ඒක.. මේ වෙලාවෙ ඕප්පු වුනා.

ඒත්…
සමහර අවස්තා වලදී… අහිංසකයින් ටත්…දඩුවම් ලැබෙන අවස්තා නැතුවාම නෙමෙයි..

රඝූගෙ ලේ වලින් ගල්තලාව තෙත් වෙද්දි… කොල්ලගෙ මූණ ලස්සන හිනාවක් එක්කම… දෑස් පියවීගෙන ආවත්…ඒත් එක්කම වගේ… ඔහුට මැවිලා පෙනුනෙ…
ඇයව….

ඇගේ ලස්සන හිනාව…
ඒ කටකාරකම්…
කවදාවත් හිමි නොවන බව දැන දැනම..
ආදරය හිතේ තදකරගෙන දුක් විදි..
ඒ මහමෙරක් ආදරය හිමි..
සුරංගනාවිය..
හේශාන්දි…

කොල්ලාගෙ දෑස් අගින් කදුලක් ගලාගෙන ගියෙ… ඒ අහිමි ආදරය නාමයෙන්..

තම දේශය ආරක්ශා කරගැනීමට ගොස්… දිවි පිදීමට වීම ගැන..
කොල්ලට දැනුනෙ මහා ආඩම්බරයක් ..

ඒක..හැම ත්‍රිවිධ හමුදා .. පොලිස්.. නිලදරුවකුටම තිබෙන..
ආඩම්බරයක්..
මේ මහපොලව… ඔවුන්ගේ රුදිරයෙන් තෙත් කරන්නෙ.. මතු පරපුරට..
නිදහස්…සාමකාමී..රටක් උරුම කරලා දෙන්න ඕන නිසයි….

ඒක ..ඔවුන්.. ඉටුකර හමාරයි…

“ආ..ද..රෙ..යි..ව..ස්..තු..”

එන්න එන්නම දෑස් වලට අදුර ලගාවෙද්දී…
ඇගේ මුහුණ මවාගෙන..කොල්ලගෙ දෙතොල් මිමිණුවෙ…ඒ අවසන් වදන් පෙලයි…

😔🌻😔🌻😔🌻😔🌻😔🌻😔🌻😔🌻

“රඝූ……….”

කෙල්ල කෑගහගෙන නැගිට්ටා…

දහඩියෙන් මුලු සිරුරම තෙත් වෙද්දි… කෙල්ල බියෙන් වෙවුලලා ගියෙ.. දැකපු භයානක සිහිනය නිසයි…

“අනෙ…මගෙ අයියෙ …’

දෑස් අගින් කදුලැලි ගලාගෙන යද්දි..කෙල්ල ෆෝන් එක අරන් වෙලාව බැලුවා…

පාන්දර තුනයි..

“නෑ… එහෙම වෙන්න බෑ..මගෙ රඝූට මුකුත් වෙන්නෙ නෑ.. එයාට…එයාට මාව දාලා යන්න බෑ…
ඒත්..ඒත් පාන්දර දකින හීන..හැබෑ වෙනවලු…අනේ… මගෙ රඝූ…😭😭

කෙල්ල හඩාවැටුනා..

රඝූ තම ජීවිතයට සමුදෙනවා කෙල්ල දැක්කෙ..

ඒත්… ඒ හීනය කවමදාවත් සැබෑ නොවේවායි කෙල්ල ප්‍රාර්තනාකලා…

“දන්නවා ඔයත් මට ආදරෙයි කියලා..කටින් නොකිව්වට…ඔය ඇස් වලින්..මම ඒක දැක්කා… මට හොදටම විශ්වාසයී. ඔයත් මට ආදරෙයි…
අනේ…ඉක්මනට එන්න මාව බලන්න.. මට ඔයාව දකින්න ඕන… “

වේදනාවෙන් පපුව ගුලි කරගෙන කෙල්ල කියව කියව ඇඩුවා..

හදිසියේම මුණගැහුනෙ මේ ආගන්තුක තරුණයා ගැන කෙල්ලගෙ හිතේ ඇතිවෙලා තිබුනෙ සුලුපටු ආදරයක් නෙමෙයි….

කෙල්ලගෙ කුලුදුල් ආදරය දරාගන්නත් බැරි තරම්..ඒත්… කෙල්ලට රඝූව ආයෙත් කවමදාවත් දකින්න වෙන්නෙ නෑ කියලා…එයාවත් දැනගෙන හිටියෙ නෑ….

මතුසම්බන්ධයි❤️

*****************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *