#YOU_ARE_MY_DESTINY 19

🌺🌻 19 කොටස 🌻🌺

උදෙන්ම නැගිටපු තරුණ් ඉක්මනින්ම බ්‍රෙක්ෆස්ට් එක හැදුවෙ කෙල්ල නැගිටින්න කලින්..

කෙල්ලත් එක්ක කතාකරන්න අද ගොඩාක් දේවල් තියෙනවා…
මේ හැමදේම කියලා…අහලා..හිත නිදහස් කරගන්නයි කොල්ලට ඕන…

කිරි එකකුත් හදාගෙන කෙල්ලගෙ කාමරේට ගිය තරුන් , අනවසරයෙන් ඇතුලුවුනෙ… පුරුද්දට වගේ..

මොකද…
මේතරම් කාලයක්..කොල්ලෙක් වගේ හැසිරුනු හේශ් ලගදි..
කොල්ලට ඕනවට වඩා හිතන්න දෙයක් තිබුනෙ නෑ..
ආදරය හිත පතුලෙ තිබුනත්..
හේශ්ගෙ කොලු හැසිරීම් හේතුවෙන් තරුණ්ට මේ ඉන්නෙ කෙල්ලෙක් කියලා අමතකම වෙලයි තිබුනෙ..
ඇදුම් පැලදුම් වුනත්… කොල්ලෙක් විදියටම ඇදපු නිසා.. කොහොමටත්..හේශ් ඉන්න තැනකට ඕනම වෙලවක යන්න පුලුවන්කම තිබුනා..

ඒත් අද…
කොල්ලා කාමරේට ගිහින් කිරි එක මේසෙ උඩින් තියලා කෙල්ල ලගට ගියා.. ඒත් ඒ යද්දිදැක්ක දෙයින් ..කොල්ලගෙ දෑස් උඩ ගියා..

හේශ් ඇදගෙන හිටපු නයිට් සූට් එකේ ශර්ට් එකේ උඩ බට්න් දෙක ගැලවිලා.. ඒක වම් උරහිස අසලින් පහත්වෙලා..කෙල්ලගෙ සුදෝ සුදුවන් ලැම ඉහලින් යාන්තම් නිරාවරනය වෙලා..

කොල්ලා ඒ සැනින්ම අනිත් පැත්ත හැරුනෙ පපුවට අතකුත් තියාගෙන..
මේ ඉන්නෙ කෙල්ලෙක් නේද කියන එක…කොල්ලගෙ හිතට තදින්ම දැනුනෙ දැන්..

කොල්ලා අහක බලාගෙනම උගුර පෑදුවෙ කෙල්ලව ඇහැරවන්න හිතාගෙන..

සද්දෙට කෙල්ල ඇස් ඇරලා බැලුවත්.. තරුන් ඉන්නවා දැක්කෙ නැති නිසා… නිදිමරගාතෙම ඇදේ වාඩිවුනෙ ඔලුවත් කසකස..
චූට්ටක් දිගට වැවුනු කොන්ඩය අවුල්වෙලා කෙල්ල දැන් තනිකරම පිස්සියෙක් වගේ…

ඇස් පොඩිකරලා හතරවටේ බලද්දී..අහක බලන් ඉන්න තරුණ්ව දැක්කම කෙල්ලගෙ මනසට ආවෙ ප්‍රහේලිකාවක්..

“මොකෝ බං ඔහොම ඉන්නෙ…?”

තරුණ් ලගදි..සුපුරුදු හේශ් එලියට ආවා…

කෙල්ල කතාකල නිසා කොල්ලා හැරුනත්..ආයෙත් ඒ සැනින් අනිත් පැත්ත බලාගත්තෙ තරහින්.

“උඹෙ ඇදුම හදාගෙන ඉදපන්කො ඉස්සරවෙලා..”

කොල්ලා එහෙම කියද්දියි කෙල්ල ඇදුම දිහා බැලුවෙ..

ඇදේ වාඩිවුනු නිසා දැන් කලින්ටත් වඩා ලැම නිරාවරනය වෙලා..
කෙල්ල ඉක්මනින් ශර්ට් එකේ බොත්තම් දාගත්තා..

“දැන් හරි…”

අහිංසක විදියට කෙල්ල කියද්දි..
වෙනදා ඇහුනු නැති ස්වරයකින් ඒ වචන දෙක කොල්ලට ඇහුනු නිසා.. කොල්ලගෙ ඇගහිරිවැටිලා ගියා..

‘ආ..කිරි එක…”

කිරි එක අරන් කෙල්ලට දික්කරන ගමන් තරුන් කිව්වෙ…තම හැගුම් ආයාසයෙන් මැඩගෙන..

‘බ්‍රෙක්ෆ්ස්ට් එක රෙඩි.. වොශ් කරන් එන්න..”

තරුණ් යන්න හදද්දි..කෙල්ල තරුණ්ගෙ අතින් අල්ලගත්තා..

“ඇයි මේ වෙනස්වෙලා…?”

කෙල්ල ඇහුවෙ..ඇත්තටම තරුන්ගෙ වෙනසක් දැක්ක නිස..

කොහොමත්.. කෙල්ල අතුරුදහන් වුනු දා ඉදන් කොල්ලගෙ හිතේ අවුරුදු ගානක් හිරකරන් හිටිආදරය වාන් දැම්මා වගේ එලියට ආවෙ..හැම කෙනෙක්වම පුදුම කරවමින්…

හේශ් කෙල්ලෙක් කියන එක පවුලෙ අය පමණයි දැනගෙන හිටියෙ කියලා හිතුවත්..තරුණුත් කෙල්ල ගැන දැනගෙන හිටියා කියලා කට්ටියම දැනගත්තේ ඒ සිදුවීමෙන් පස්සෙ…

විරුන් වුනත්… තරුන් මේ තරම් තමන්ගෙ නංගිව රැකගත්තෙ මේ හැමදෙයක්ම දැනගෙන කියලා තේරුම් ගත්තා..
ඒ වගේම… මේ කොල්ලගෙ හිතේ මහ මෙරක් තරම් ආදරයක්.. ඒ ආරක්ශාව පිටුපස තිබුනා කියලා කොල්ලට වැටහුනා..

තරුණ්ගෙ මේ වෙනස… එයාගෙ හිතේ තිබුනු ආදරේ…දැන් ඕනවටත් වඩා එලියට ඇවිත් නිසා…
කෙල්ල දිහා බලාගෙන.. එකම වැලදගැනීමක්වත් නොකර කොල්ලා ආයාසයෙන් හැගුම් පාලනය කරන් හිටියෙ පුදුම අපහසුවකින්..

මොකද… කෙල්ලව ඇස් දෙකටම දැක්ක වෙලාවෙ පෙරලගෙන ඉඹගෙන යන්න තරම් දැනුනු ආදර හැගීම…කොල්ලා හංගගත්තා නෙමි.. හිත ඇතුලෙම මරලම දැම්මා..

මොකද…ඇත්තටම.. එදා රඝූගෙ කතා වලින්.. රඝූ මේ කෙල්ලට ආදරේ කරනවාවත්දෝ කියලා සැකයක් තරුණ්ගෙ හිතේ ඇතිවුනා..

ඒනිසාම..කෙල්ලගෙ සිතුම් පැතුම් හදුනගන්නකම්..කොල්ලා තමන්ගෙ ආදරය යටපත් කරගෙන ඉන්න තීරණය කරලයි තිබුනෙ..

ඒ මොනවා උනත්… හේශාන්දි කියන ලස්සන කෙල්ල වෙනුවෙන්… තරුණ්ගෙ හිතේ ඇතිවෙලා තියෙන්නෙ නම්.. සුලුපටු ආදරයක් නෙමෙයි.. කෙල්ලව අහිමි වුනොත්… සමහරවිට… කොල්ලගෙ ජීවිතේ පවා නැතිවෙන්න ඉඩ තියෙනවා.
මොකද…
ඒතරමටම අසීමිත විදියට…තරුන් කෙල්ලට ආදරේ කරනවා…
ඒ ආදරේ ඒ තරමටම අවංකයි…පිවිතුරුයි..

හේශ් අහපු ප්‍රශ්නෙට තරුණ්ට දෙන්න උත්තරයක් නැතිවුනා..

“වෙනස් වෙලා…උඹට පිස්සුද බං..?”

අහක බලාගෙන වගේ උත්තර දුන්නු තරුණ් දිහාම කෙල්ල බලාගෙන හිටියා..

“උඹ මාව හෙව්වෙවත් නෑ නේද බං..ජොලියෙන් ඉන්න ඇතිනේ මේ ටිකේ…?”

හේශ් එහෙම කියද්දි… තරුණ් හිනාවුනා.. මහ හයියෙන් හිනාවුනා..
හැබැයි ඒ හිනාව අමුතුයි…හරියට…නෝන්ඩියට හිනාවෙනවා වගේ..

හේශ් බලන් හිටියෙ පුදුමයෙන්.

“උඹ මම් ගැන හිතාගෙන ඉන්නෙ කොහොමද කියලා..මම තේරුම් ගත්තා බං ඒ වචනෙන්… 😆😆 තෑන්ක්ස්… මේ යාලුකමට උඹ ඒ දීපු වටිනාකමට…. “

තරුණ් කාමරෙන් යන්න ගියෙ කියාගන්නත් බැරිතරම් වේදනාවක් හිතේ ගුලිකරම්..හේශ් ඒ වචනය කිව්වෙ දුරදිග හිතලා නෙමෙයි..අනික විහිලුවට වගේ..
ඒත්…කොල්ලා ඒක තේරුම් ගත්තෙ වැරදියට..

“මූට මොන යකෙක් වැහිලද මේ… මම එහෙම දෙයක් අදහස් කලෙ නෑනෙ…”

හේශ් තනියම හිතුවා..පස්සෙ කෙල්ල කිරි එකත් බීලා නාගෙන ඇදුමකුත් ඇදගෙනම එලියට ගියා..

සාලෙවත්…කුස්සියෙවත් තරුණ් පේන්න හිටියෙනැති නිසා කෙල්ල කාමරේට එබුනා..

තරුණ් ඇදවිට්ටමට හේත්තුවෙලා ජනේලයෙන් එලිය බලාගෙන කල්පන කර කර ඉන්නවා..
හේශ් කොල්ලා ලගට ගිහින් ඇදෙන් වාඩිවුනෙ මුහුණට මුහුණලා..

කෙල්ල ඇවිත් වාඩිවෙනවා දැක්කත්.. තරුණ් තමන්ගෙ දෑස් එකම ඉරියව්වෙන්ම තියාගෙන හිටියා..

“එදා මාව ඔයා දාලා ගියාට පස්සෙ… මම එහෙමම පාරෙ වාඩිවුනා.. මොකද… මම දැනගෙන හිටියා.. ඔයා මාව එක්කගෙන යන්න ආයෙ එනවා කියලා..

ඊට කලින් දවස් ටිකේම , ඔයා මාව මගෑරපු නිසා…මම තරහෙනුයි හිටියෙ.. කෝල්ස්වත් ආන්සර් කලෙ නෑ.. මැසේජස් බැලුවෙ නෑ…
හිතාගන්න බැරිතරම් වේදනාවක් මට දැනුනෙ..
ඒකයි… මම බිව්වෙ…
ඒත්…ඔයා මාව හොයාගෙන ඇවිත්.. ගෙදර එක්කගෙන යන්න හැදුවා.. මාව මග දාලා ගියාම … මම ඔයා එනකම් බලන් හිටියා..ඒත්…විනාඩි 5ක් යන්නත් කලින්.. මට මොකක්දෝ සැර ගදක් නහයට දැනුනා..ඒත් එක්කම ඇස් පියවුනා මටත් නොදැනිම..

ඇස් ඇරලා බලද්දි… මම හිටියෙ හිතාගන්නත් බැරි තැනක..

ඒක ලීවලින් හදපු ගෙයක්.. ගගක් ලග..
මාව පුටුවකට තියලා ගැටගහලයි තිබුනෙ..
එතන හිටියෙ එක කොල්ලයි.. එයා ..රඝු…

එයා තමයි මාව කිඩ්නැප් කලෙ.. සතියක්..මම පුටුවෙ හිටියා..ගැටගහලම.. ටොයිලට් යන්න ,කන්න ,විතරයි මාව ගැලෙව්වෙ ..

ඊට පස්සෙ..මගෙන් කරදරයක් නෑ කියලා දැනුනම.. එයා මාව ලෙහුවා..

එක දවසක්… නාන්න කියලා ගගට ගියාම… මම පැනගන්න හැදුවා..මොකද…ඒ වෙනකනුත්..මාව ගෙනාවෙ ඇයි කියලා මට කිව්වෙ නෑ කොයිතරම් ඇහුවත්…

අන්තිමට..එදා..ලිස්සලා ගිහින්.
මාව ගගට වැටුනා…
මගෙ බඩ ගල් පොත්තකට කැපුනා… මේ..”

කෙල්ල ටීශර්ට් එක උස්සලා කුසෙහි ඇති තුවාල කැලල පෙන්නද්දි කොල්ලගෙ ඇස් විසල් වුනා..ඒ වෙලාවෙයි… කොල්ලා දෑස් කෙල්ලගෙ පත්තට හැරෙව්වෙ..

“ඊලගට…එය මාව බේරගත්තා.. මට බෙහෙත් කලා..එදායි… මම කෙල්ලෙක් කියලා එයා දැනගත්තෙ..මොකද.. මගෙ ඇදුම් අයින් කරලා..තුවාලෙට බෙහෙත් දැම්මෙ එයා නිසා..”

තරුණ්ගෙ දෑස් වලින් කෙල්ලට දැනුනෙ අමුතු හැගීමක්..
කෙල්ලව රඝූ දැක්කා කියලා කියද්දි..තරුන්‍ට දැනුනෙ මොකක්දෝ අමුතු වේදනාවක්..හරියට…තමන්ගෙ දෙයක් අනුන් ගත්ත වගේ……..

“ඊටපස්සෙ…එයා මට හොදට සැලකුවා… අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ කියලා එයා කිව්වා..
මාව ගෙනිහින් තියෙන්නෙ… ඔයා කියලා හිතන්.. එයාගෙ ඉන්ෆොමේශන්ස් කවුරුහරි මාරුකරලා.. අන්තිමට එයා සේරම හොයාගත්තලු.. මාව බේරලා එව්වා එයාලා එන්න කලින්.
ඒත්….ඔයාගෙ තාත්තා තමයි …”

“ඔව්…දන්නවා… එයාව අද පාන්දර ඇරෙස්ට් කලා..”

“ම්..මොකක්..?”

“ඔව්.. ඒ වගේම..රවීන්..එයාගෙ අම්මා මේ ඔක්කොමත්..”

“අහ්..ඒ..එතකොට..රඝූ…?😔

“එයා ගැන කිසිම ආරන්චියක් නැහැ..”

“එ…එයා මැරිලද…?”😢😢

“හරියටම දන්නෙ නෑ…”

“අනේ…තරුණ්…😢😢😢😢 රඝූට කරදරයක් වෙලාද… අනේ… මට එයාට කතාකරන්නෝන..ප්ලීස්… මොකක් හරි කරන්න..”

“එයා අපිට කතා කරනකම්… අපිට කතාකරන්න විදියක් නැහැ.”

“අනේ…😭😭😭😭😭😭

කෙල්ල මහ හයියෙන් අඩාගෙන තරුණ්ට වාරු වුනා.. කොල්ලත් කෙල්ලගෙ ඔලුව අතගෑවා..
දැන් දැන්… කෙල්ලගෙ හිතේ තියෙන්නෙ මොනවද කියලා…කොල්ලට දැනෙන්න අරන් තිබුනෙ.
කොහොම උනත්… මේ වෙලාවෙ කෙල්ලගෙ හිත හදන්නඕන කියලයි කොල්ලා හිතුවෙ…

“අඩන්න එපා හේශ්… අපි බලමුකො..මට ශුවර්…එයාට කරදරයක් නැතුව ඇති…”

“මමත් එහෙම හිතනවා තරුණ්..”

කෙල්ල අඩ අඩම කිව්වා..

තරුණ් කල්පනාකලෙ.. රඝූව සම්බන්ද කරගන්න ක්‍රමයක්.. කොල්ලට මිශන් එකෙන් පස්සෙ මොනවා උනාද කියලා කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ. අඩු තරමෙ නිවුස් වලටවත්..එයා ගැන කියවුනෙ නැ.. රගූගෙ බඩියාගෙයි පාතාලෙ අනිත් උන්ගෙයි බොඩීස් තිබුනා කියලා කිව්වත්…රගූ ගැන කිසි සදහනක් නිවුස් වලින්වත් කියවුනෙ නැ. ඒ කියන්නෙ..රඝූ මැරිලද…

තරුන්ගෙ හිත බියෙන් වෙවුලුවා..
මොනවා උනත්…තරුණ් ,රඝූ ගැන පැහැදිලයි හිටියෙ.තමන් වගේම..රඝූත් කෙල්ලව ආරක්ශා කරලා කියලා කොල්ලට වැටහිලයි තිබුනෙ .

🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

දවස්…සති…මාස ගන ගෙවිලා ගියා..
හේශුත්…තරුණුත් ලංකාවට ගියෙ මාස 6කට පස්සෙ.. දැන්… ඒ සිදුවීම වෙලා වසර 3ක්..

“දෝණී… “

“ඇයි අම්මා…?”

“කෝ…ඔයා ලේස්තිද..?”

“ඔව් අම්මා…මේ එනවා..”

කට්ටියම මේ සූදානම් වෙන්නෙ.. කෙල්ලගෙ එන්ගේජ්මන්ට් එකට..
අම්මා,තාත්තාගෙ බලකිරීම මත… කෙල්ල එන්ගේජ් වෙන්න තීරණය කලා..
ඒත් තවමත් හිතින්..කෙල්ල රඝූට ආදරය කලා..කෙල්ල විශ්වාස කලා.. රඝූ ජීවත් වෙනවා කියලා..

සුභ මොහොතින්.. හේශාන්දි.. එයාට පණටත් වඩා ආදරය කරන තරුණ් එක්ක විවාහා ගිවිසගත්තා..

රඝූ ගැන වසර දෙකක් පුරාවට හොයලා හොයලා..ආරන්චියක් නැති තනයි..තරුණ්..හේශ්ට තමන්ගෙ හිතේ තියෙන දේවල් කිව්වෙ… මොකද.. කොල්ලා අන්තිම මොහොතෙත් උත්සාහා කලෙ…කෙල්ලට එයාගෙ ආදරය ලබාදෙන්න..
ඒත්…අවසානයේ.. තරුණ්ට..එයාගෙ ආදරය හිමිවුනා..

“මාත් එක්ක තරහක් නෑ නේද රත්තරං ?”

කෙල්ලගෙ බද වටා අතක්දාලා..තුරුලු කරගන්න ගමන්.. තරුණ් ඇහුවා..

“නැහැ..”

“මම දන්නවා…ඔයා ආදරේ රඝූට කියලා.. ඒත්.. එයා දැන් නෑනෙ.. පුලුවන් නම්.. මම් ගැන හිතන්න උත්සාහා කරන්න..
කවදාමහරි..ඔයා මට ආදරේ කරයි කියලා.. මට විශ්වාසයි… “

“මම උත්සාහා කරනවා තරුන්..තව චූටි කාලයක් දෙන්න මට..ම්ම්..”

“අනිවාරෙන්..”

කෙල්ලගෙ නලල මත හාදුවක් තියලා.. කොල්ලා කිව්වෙ මහා ලොකු ආදරයකින්…

මතුසම්බන්ධයි❤️

****************එශ්************

අවසාන කොටස හෙට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *