18
අචින්තයි අපේ ආදරෙ…18කරදිය සුවද මුසු කරගෙන සුලග මාව ගහගෙන යාවිද මන්දා…අප්පච්චිට හදිස්සියෙ ඇති වුනු අසනීප තත්වෙ නිසා වැඩිපුර දවසක් මෙහෙ ඉන්න සිද්ද වුනා…ගමෙ ඇවිත් අදට දවස් හතරයි….දවල්ට කාලා යන්න ලෑස්ති වෙන්න ඕනී..හිතෙ පුන්චි දැවිල්ලක් තියෙනවා..ඒ කාවදෝ නොදැක ඇති වුනු පුන්චි ඇවිලිල්ලක්…සුදු අක්කි මොනාද මුහුද බලන් කල්පනා කරන්නෙ…මුකුත් නෑ මෝඩි..බලනවා කොන්ඩෙට තෙල් වත් දාලා නෑ..කෝ මෙහෙ…