***—–මාංචු—–***(23 කොටස )
කල්ප එහෙමම හැරිලා බැලුවේ කවුද අත අල්ලගත්තේ කියලා.සරූ කියලා කල්ප දකිද්දිම කෙල්ලත් ටක්ගාලා අත ඇදලා ගත්තා.එහෙමම කෙල්ල අසරණ විදිහට බැලුවේ දේව් දිහා. “අඩෝ..මේ අත අයිති ඔබට බං..” එහෙම කියලා කෙල්ලගේ අත ඇදලා අරන් කල්ප දේව්ගේ අත උඩින් ලස්සනට තිබ්බා.සරූ තබ්බීරි වෙලා වගේ බලන් හිටියේ කල්පව තේරුම් ගන්න බැරිවයි.දේව් අතත් එක්කම කෙල්ලව ලගට ඇදලා ගත්තේ ආදරෙන්…