***—–මාංචු—–***(33 කොටස )
කට්ටියම බලන් හිටියේ ඉෂුකි පැටික්කි වගේම සරූත් කතා කරනකම්.චුටි පැටික්කිගේ දැගලිල්ලට කෙල්ලගේ ඇගට අතපය වැදුනා.ඒත් කෙල්ල නෙමෙයි ඇහැරුනේ.ඉෂුකි හිටියේ බය වෙලා වගේ.ඒකයි දගලන්න ගත්තේ.තිළිණිගේ මවි සෙනෙහසට හුරුවෙලා නිසාද මංදා සරූ ලගදි පොඩි පැටික්කි බයවුනා. “රත්තරං..අම්මා කියන්න..සුදු දුවනේ මගේ…මේ..අම්මානේ පැටියෝ ඔයාගේ” ඔලුව අතගාලා අතුකෝල නෝනා කෙලි පැටික්කිට කියද්දි පැටියා අත් දික් කරේ තිළිණි දිහාවට..හරියට අම්මා තිලිණි…